සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී ආරම්භ වේ.
ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන..
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ, ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි. පසුගිය දා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 41ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 19ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවද එයින් තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ඉන්දියාව තුල තරග 17ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාවට එයින් එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇත්තේ තරග 10ක් පරාජයට පත් වෙමිනි.
හිටපු නායකයාට අලුත් තැනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට්..
දෙපිලේම ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

විරාත් කෝලි

ඇන්ජලෝ මැතිව්ස්

තවද ඔහු ශතක 7ක් හා අර්ධ ශතක 27ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී වාර්තා කර ඇති අතර, ඉන්දියාවට එදිරිව නිමා වූ ටෙස්ට් තරගාවලිය තුල දී ද ලකුණු 182ක් ලබා ගත්තේය. තවද ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 38.05ක් වැනි සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හැකිව තිබේ. ඔහු මෙම තරගාවලියට අවතීර්ණ වෙන්නේ පාදයේ ඇතිවූ ආබාධ තත්වය සුව වීමෙන් පසුවයි. කෙසේ නමුත් වාර්තා වන අන්දමට ඔහු මෙම සංචාරයේ දී පිතිකරණයේ සහ පන්දු රැකීමේ පමණක් නිරතවනු ඇත.
ශිකර් ධවාන්

ප්‍රබල පන්දු යවන්නන්
රංගන හේරත්

27.82ක් වැනි මට්ටමක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත හේරත්, පන්දුව පහසුවෙන්ම දඟ කැවීමට උපන් හපනෙකි. තවද හේරත් ඉන්දියාවට එදිරිව ලකුණු ලබා දීමේ සාමාන්‍ය එක් පන්දු වාරයකට ලකුණු 3.33ක් ලෙස සටහන් වී ඇත.
රවිචන්ද්‍රන් අශ්වින්

සුරංග ලක්මාල්

මොහොමඩ් ශමී

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි
මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින්..
කල්කටා තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (නොවැම්බර් 16-20)
ප්‍රේක්ෂකයින් 66,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග කිසිවක දී එකිනෙකා හමු වී නැත.
2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයට පසුව මෙම පිටියේ ටෙස්ට් තරගයක් පවත්වා නොමැති අතර, යම් හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට මෙම තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් සම්භාවිතාවක් ඇති අතර, තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 8 සිට 15 දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර 22°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
නාග්පූර් තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (නොවැම්බර් 24-28)
ප්‍රේක්ෂකයින් 45,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 2ක දී එකිනෙකා හමු වී ඇත. ඉන් එක් තරගයක් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
අවසන් වරට 2015 වර්ෂයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා ඇති මෙම පිටිය මත, ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. පැයට කිලෝමීටර් 5-16ක් දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 16°C – 32°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
දිල්ලි තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (දෙසැම්බර් 02-06)
ප්‍රේක්ෂකයින් 41,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම එක් ටෙස්ට් තරගයක දී එකිනෙකා හමු වී ඇති අතර, එම තරගය ලකුණු 188කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකාව 2015 දෙසැම්බර් මාසයේ අවසන් වරට ටෙස්ට් තරගයක දී ක්‍රීඩා කළ මෙම තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 7-17ක් දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 16°C – 24°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ඉන්දීය කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව දැනට (නොවැම්බර් 13) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 3658ක් ලබාගෙන සිටින්නේ, ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ ලකුණු 4493ක් හා ප්‍රසාද ලකුණු 125ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් වන නිසාවෙනි.
තවද ශ්‍රී ලංකා කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසය තුල ඉන්දියාවේ දී එකම ටෙස්ට් ජයක් හෝ ලබා ගෙන නොමැති නිසා එක් තරගයක් හෝ ජය ගෙන තරගාවලිය හොඳින් අවසන් කිරීම ඔවුන්ගේ එකම අරමුණ වනු ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු.
ඉන්දිය ටෙස්ට් සංචිතය (පළමු හා දෙවන ටෙස්ට් තරගයට) – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ද්, චේතෙශ්වර් පුජාරා, ආජින්ක්‍ය රහානේ, ව්රිදිමාන් සහා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, මොහොමඩ් ශමී, බුවනේස්වර් කුමාර්, කුලදීප් යදෙව්, ලෝකේශ් රාහුල්, මුරලි විජේ, රෝහිත් ශර්මා, ඉශාන්ට් ශර්මා.






















