ගෙවුනු දවස මැයි 17 – ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

762

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

රග්බි –

ශ්‍රී ලංකාව 33 – 17 එක්සත් අරාබි එමීර් රාජ්‍යය

Sri Lanka vs UAEමැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (17) පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. එහි දී දැඩි අව් රශ්මිය මධ්‍යයේ ලකුණු 33-17ක් ලෙස ජය ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒත් සමඟින් ප්‍රසාද ලකුණක් සහිතව තම කාණ්ඩයේ ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 18 (2T 1C 2P) – 17 (2T 2C 1P) එක්සත් අරාබි එමීර් රාජ්‍යය

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 33 (4T 2C 3P) – 17 (2T 2C 1P) එක්සත් අරාබි එමීර් රාජ්‍යය

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව හමුවේ පිලිපීනය අසරණ වෙයි


ක්‍රිකට් –

ශූරයින්ගේ කුසලානයට සිංහයෝ පිටත් වෙති

ICC Champions Trophy 2017අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) උදෑසන එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ජුනි මස පළමු වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා සති දෙකක පමණ කාලයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන්නේ එහි දී පුහුණු තරග කිහිපයකට සහභාගී වීමට සහ කාලගුණ තත්ත්වයට හැඩගැසීම සඳහා ද කාලය වෙන් කර ගනිමිනුයි.

තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යාමට පෙර ඊයේ (17) පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පරිපාලකයන් මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී විය. කොළඹ දී පවතී මේ මාධ්‍ය සාකච්ඡාවට පෙර කණ්ඩායමේ නිල ඡායාරූපය ගැනීම ද සිදු කරන ලදි.

සම්පූර්ණ වාර්තාව: ශූරයන්ගේ කුසලානය සඳහා සිංහයන් ක්‍රිකට් උපන් රටට

දිනයක අවසානය