පන්දුව පළුදු කිරීමේ සිදුවීම ගැන SLC ප්‍රකාශයක් නිකුත් කරයි

1138

සාන්ත ලුසියා හි දෙවන කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩයම ‘පන්දුවේ තත්වය වෙනස් කිරීම’ කිරීම පිළිබඳ වරදකට හසුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන් විසින් පන්දුව මාරු කිරීමට පියවර ගත් අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ද ප්‍රදානය කරන ලදි.  

ධනංජය පන්දුව පළුදු කළා ද?

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ ආරම්භයට පන්දුව පළුදු වීමේ සිදුවීමක් හේතුවෙන් බාධා සිදු වුනා. විනිසුරුවරුන් පන්දුව පළුදු…

ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ප්‍රකාශය මෙසේය.

“පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම පිළිබඳ” ප්‍රකාශය

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවන් අපට දැනුම් දුන්නා මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිදු වැරදි ක්‍රියාවක නිරත නොවූ බවට. තෙවන දිනයේ ආරම්භයේ ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම’ පිළිබඳ විනිසුරුවන්ගෙන් එල්ල වූ චෝදනාවකට අපි විරුද්ධත්වය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමට දැනුම් දුන්නා ක්‍රීඩා පිටියට යන ලෙස. කණ්ඩායම තීරණයක් ගත්තා එම විනිසුරු  තීරණයට ‘විරුද්ධත්වය පල කරමින්ම’ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීම සඳහා තරගය ඉදිරියට පවත්වා ගෙන යන්න.

ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරි කමල් පත්මසිරි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා හා ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රධානි චන්දිම මාපටුන මහතා සමඟ එක්ව කණ්ඩයමේ කළමනාකරුවන්ට දැනුම් දුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් අනවශ්‍ය චෝදනාවලින් ආරක්ෂා කරන ලෙස.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නැවත අවධාරණය කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවේ නීති රීති හා ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට කැපවී සිටින බව. ඒවගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අවස්ථාවක දී ම ක්‍රීඩකයින්ගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<