ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි සංචිතයේ නව නායකයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර පත්කර තිබේ. එළඹෙන ආසියානු තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.
ආසියානු පදක්කම ගෙන එන්නට සවිය වෙන්න ‘සූරි’ත් සූදානමින්
නවක ක්‍රීඩකයන් හා උරෙනුර ගැටෙමින් පරිණත ක්‍රීඩකයින් අතලොස්සක් ද තම රට වෙනුවෙන්..

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වන තරින්ද රත්වත්තේ හා ජේසන් දිසානායක රාජකාරි කටයුත්තක් නිසාවෙන් මෙම අදියර සඳහා සහභාගී නොවේ.
පොදුරද මඬුලු අත්දැකීම් සහිත යොවුන් ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ සහ කෙවින් ඩික්සන් මෙම අදියර වෙනුවෙන් සහභාගී වනු ඇත. කෙවින් පසුගිය වසරේ ආසියානු තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
මුතුතන්ත්‍රිගෙන් පුරප්පාඩු වූ ඉදිරිපෙළ වෙනුවෙන් අදීශ වීරතුංගගේ සේවය නැවත කණ්ඩායමට ලබා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. අදීශගේ ද මංගල ජාතික තරග සංචාරය “ගෝල්ඩ් කෝස්ට්” වීම විශේෂත්වයකි.
මුතූට ආසියානු පළමු අදියර මග හැරෙන ලකුණු
ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි සති තුනක…

පළපුරුදු ක්‍රීඩකයින් වන කවිඳු පෙරේරා, ධනුෂ් දයාන් සමඟින් ගයාන් වීරරත්න මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට ද නියමිතයි.
සංචිතය මෙසේයි.
ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක) (මහනුවර ක්‍රී. ස.), ගයාන් වීරරත්න (මහනුවර ක්‍රී. ස.), ධනුෂ් දයාන් (මහනුවර ක්‍රී. ස.), කවිඳු පෙරේරා (CR&FC), නවීන් හේනකන්කානම්ගේ (CH&FC), සුදම් සූරියආරච්චි (CH&FC), රීසා රෆයිඩීන් (CR&FC), කෙවින් ඩික්සන් (CR&FC), බුද්ධිම පියරතන (නාවික හමුදා), අදීශ වීරතුංග (නාවික හමුදා), රෙහාන් සිල්වා (CR&FC), දිනුක් අමරසිංහ (හැව්ලොක් ක්‍රී. ස.)
අදියර තුනකින් සමන්විත ආසියානු රග්බි ශූරතාවේ පළමු අදියර සැප්තැම්බර් 14 හා 15 හොංකොං ‘හිදී පැවැත්වීමට නියමිතයි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















