පාසල් රග්බි ලීගයේ ලකුණු එකතු වීම සිදුවන්නේ කෙසේද?

1412

මේ වසරේ පාසල් රග්බි ලීගයට කණ්ඩායම් 13ක් එක්වීමත් සමඟ, එම කණ්ඩායම් සම සමව කාණ්ඩ දෙකකට බෙදිය නොහැකි බැවින් කණ්ඩායම් වලට කෙසේ ලකුණු ලැබෙන්නේ ද යන කරුණ ගැන රග්බි හිතකාමී ප්‍රේක්ෂකයන් අතර යම් කතාබහක් ඇතිවී ඇත.

කැනන් ද සේරම් පලිහ ත්‍රිත්ව විදුහලට

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර කැනන් ද සේරම් ශූරතා පලිහ වෙනුවෙන් පැවති රග්බි තරගයෙන් 29-14ක් ලෙස ජය ලබමින් ත්‍රිත්ව විදුහල ශූරතාවය තමා සන්තක කර ගැනීමට සමත් විය. සිංගර් පාසල් රග්බි ලීගයේ සිව්වන සතිය අවසන් වන විට එහි තවත් තරග 5ක් අවසන් විය…

ඩී. එස්. සේනානායක විද්‍යාලය රග්බි ලීගයට එක්කිරීම නිසා ඔවුන් “ඒ” කාණ්ඩයේ රාජකීය, ඉසිපතන, සා. ජෝසප්, ධර්මරාජ, සා.පීතර, සා. අන්තෝනි යන කණ්ඩායම් හා ස්ථාන ගත වී ඇත. එබැවින් එම කාණ්ඩයේ එක් කණ්ඩායමක් තරග 6ක් ක්‍රීඩා කරන අතර “බී” කාණ්ඩයේ ස්ථාන ගත වී ඇති කණ්ඩායම් තරග 5 බැගින් ක්‍රීඩා කරනු ලබයි.

මීළඟ සතිය 2017 ලීගයේ පස්වැනි සතිය වීම හේතුවෙන් තවත් සති දෙකකින් ලීගයේ දෙවන වටය ඇරඹීමට නියමිතයි. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් තරගාවලියේ තරගකාරීත්වය පවත්වා ගෙන යෑම සඳහා වන ‘ලකුණු යාන්ත්‍රණයක්’ ක්‍රියාත්මක කරන බැවින් සෑම කණ්ඩායමකටම යුක්තිය ඉටු වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

ඊට අනුව ජයග්‍රහණය කරන තරගයක් වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ලකුණු 05 බැගින් හිමි වන අතර පරාජය වන කණ්ඩායමට ද ලකුණු 01 බැගින් හිමිවේ. ජයග්‍රහණය කරන කණ්ඩායම උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වැඩි ගණනක් වාර්තා කරන්නේ නම් ඔවුන්ට 0.5ක ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ද හිමිවේ. එමෙන්ම පරාජය වන කණ්ඩායමට තුන් ආකාරයකින් ලකුණු වාර්තා කිරීම සිදු කළ හැක.

  1. පරාජය වන කණ්ඩායම ලකුණු 07කින් හෝ ඊට අඩු ගණනකින් පරාජය වන්නේ නම් ඔවුන්ට ලකුණු 0.5ක් හිමිවේ.
  2. පරාජය වන කණ්ඩායම ද උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වැඩි ගණනක් වාර්තා කරන්නේ නම් ඔවුන්ට ද 0.5ක ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමිවේ.
  3. පරාජය වන කණ්ඩායම, ජයග්‍රහණය කරන කණ්ඩායමට වඩා උත්සාහක දිනුම් වැඩි ප්‍රමාණයක් රැස්කරන්නේ නම් එහිදීද ඔවුන්ට 0.5ක ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමිවේ.

දැන් කාණ්ඩ දෙක තුළ මෙම යාන්ත්‍රණය කෙසේ ක්‍රියාත්මක වන්නේ දැයි අවධානය යොමු කරමු. පාසල් රග්බි පාපන්දු සංගමයේ නියමයට අනුව එය පදනම් වන්නේ ලබාගත් ලකුණු සාමාන්‍යය මත යි. එය පහත පරිදි වේ.

“ඒ” කාණ්ඩය.

කණ්ඩායම් – රාජකීය, ඉසිපතන, සා. පීතර, සා. අන්තෝනි, සා. ජෝශප්, ඩී. එස්. , ධර්මරාජ.

* තරග 6ක් වෙනුවෙන් (පළමු වටය) ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ලකුණු ලබා දීමේ ක්‍රමයයි. පළමු වටය අවසානයේ දී කණ්ඩායම් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය හයෙන් බෙදා ලැබෙන සාමාන්‍ය අගය මත කණ්ඩායම් වර්ගීකරණය කරනු ලබයි.

* සෑම කණ්ඩායමක්ම ක්‍රීඩා කරන ලද තරග 6න් අඩුම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා වූ තරගය සමස්ත එකතුව සඳහා යොදා නොගැනේ. එය ඉවත් කළ පසු ඉතිරි වන මුළු ලකුණු ප්‍රමාණය පමණක් දෙවන වටය සඳහා බලපානු ඇත.

උදා : “x” නම් කණ්ඩායම “y” නම් කණ්ඩායම සමඟ ක්‍රීඩා කොට වාර්තා කරන උත්සාහක දිනුම් ප්‍රමාණය තරගාවලියේ පළමු වටය තුළ තරගයක දී ඔවුන් වාර්තා කළ අවම උත්සාහක දිනුම් ප්‍රමාණය නම්, එයින් ලබා ගත් ලකුණු ඔවුන්ගේ සමස්ත ලකුණු එකතුවෙන් අඩු කරනු ලැබේ.

* කාණ්ඩයේ ඉහළම රැඳෙන කණ්ඩායම් 4 ශූරතාවය සඳහාත් ඊළඟ කණ්ඩායම් 3 බඳුන ශූරතාවය සඳහාත් සුදුසුකම් ලබයි.

* ශූරතාවය සඳහා වන තරගාවලියේ තරග 4ක් අවසන් වීමේ දී කණ්ඩායමක ලකුණු සාමාන්‍යය ලබා ගැනෙන්නේ මුළු ලකුණු එකතුව 10න් බෙදීමෙනි.

* “ඒ” කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරග 10 බැගින් ක්‍රීඩා කරනු ලබයි.

“බී” කාණ්ඩය.

කණ්ඩායම් – සා. තෝමස්, විද්‍යා, ත්‍රිත්ව, වෙස්ලි, සහීරා, වේල්ස් කුමර.

* තරග 5ක් තුළ දී (පළමු වටය) ලකුණු ලබා දීම සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමයටයි. පළමු වටය අවසානයේ දී ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය 5න් බෙදා ලැබෙන අගය අනුව කණ්ඩායම් වර්ගීකරණය කරනු ලැබේ.

* වාර්තා කළ සෑම උත්සාහක දිනුමක්ම ලකුණු මට්ටම සඳහා බලපානු ලැබේ.

* කාණ්ඩයේ ඉහළම රැඳෙන කණ්ඩායම් හතර ශූරතාවය සඳහා සුදුසුකම් ලබන අතර ඊළඟ කණ්ඩායම් දෙක බඳුන ශූරතාවය සඳහා සුදුසුකම් ලබයි.

* ශූරතා වටයේ තරග 4ක් අවසන් වීමෙන් පසුව කණ්ඩායම් ලබා ගන්නා මුළු ලකුණු ප්‍රමාණය 9න් බෙදා ලකුණු සාමාන්‍ය ලබා ගැනේ.

* “බී” කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරග 9 බැගින් ක්‍රීඩා කරනු ලබයි.

සති 10ක ලීගයකින් පසු ලැබෙන සමස්ත ලකුණුවල සාමාන්‍ය අගය වැඩිම කණ්ඩායමට ලීග් ශූරතාවය හිමිවේ.

දැනට ක්‍රියාත්මක වන්නේ ලීග් තරගාවලියේ සිව්වැනි සතිය වන අතර කාණ්ඩ දෙකේ පෙරමුණ ගෙන සිටින කණ්ඩායම් වන්නේ පිළිවෙළින් රාජකීය විද්‍යාලයත්, ත්‍රිත්ව විද්‍යාලයත් ය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට