මුල් පුටුවේ සටනට සුමතිපාල, රණතුංග, ජයන්ත සහ මොහාන්

366

එළඹෙන 31වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට තරග වදිනු ලබන සම්පූර්ණ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අද (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.  

නිලවරණ කමිටුව පත්කෙරේ; නිලවරණය මැයි 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීම මැයි මස 19 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විය. “නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නෑ” – සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර මහතා ඊයේ (15) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාව ක්‍රීඩා අමාත්‍යංශයේ දී මුණගැසී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුව සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල, හිටපු ලේකම් නිශාන්ත රණතුංග, හිටපු සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස, වත්මන් උප සභාපති වන මොහාන් ද සිල්වා යන මහත්වරුන් තරග වදිනු ලැබේ.

වත්මන් ලේකම් ධූරය හොබවන ගුවන් හමුදාවේ රොෂාන් බියන්වල මහතා මෙවර නිලවරණයේ කිසිදු තනතුරක් සඳහා ඉල්ලුම් කර නොමැත. ඒ අනුව එම තනතුර සඳහා නිසැක වශයෙන්ම නව මුහුණක් පත්වනු ඇත. ඒ සඳහා තරග වදිනු ලබන අපේක්ෂකයින් අතර ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරුන් සිටී.

පසුගිය සෙනසුරාදා (19) නව ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට අනුමැතිය ලබා දෙන ලදි. ඒ අනුව එදිනම නිලවරණය වෙනුවෙන් සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය.

සුපිරි පළාත් අවසන් මහා තරගය කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) තීරණය කර ඇත. අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරගවලට..

ඒ ඒ තනතුරු සඳහා තරග වදිනු ලබන අපේක්ෂකයින්

  • සභාපති තනතුර සඳහා  – තිලංග සුමතිපාල, නිශාන්ත රණතුංග, ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා.
  • උප සභාපති තනතුර සඳහා – ශම්මි සිල්වා, හිරන්ත පෙරේරා, කේ. මතිවානන්, මොහාන් ද සිල්වා.
  • ලේකම් තනතුර සඳහා  – ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග.
  • උප ලේකම් තනතුර සඳහා  – බන්දුල දිසානායක, සමන්ත දොඩන්වල, රවීන් වික්‍රමරත්න.
  • භාණ්ඩාගාරික තනතුර සඳහා  – ශම්මි සිල්වා, බන්දුල දිසානායක, එස්මන් නාරංගොඩ.
  • උප භාණ්ඩාගාරික තනතුර සඳහා  – ගිහාන් වීරසිංහ, ලලිත් රඹුක්වැල්ල, නිහාල් ලෙව්කේ.
  • තරග විනිසුරු කමිටුව සඳහා – දීපාල් මදුරප්පෙරුම, අබු සිද්දෙක්, හිරාන් ජයමාන්න, දුමිඳු හේමාල්, මාලන් රණසිංහ, සමන් හේවාවිතාරණ, වසන්තලාල් ප්‍රනාන්දු.
  • තරගාවලි කමිටුව සඳහා – වසන්ත ආරියවික්‍රම, ගිහාන් වීරසිංහ, කසුන් ප්‍රනාන්දු, මාලන් ප්‍රනාන්දුපුල්ලේ, සමන්ත දොඩන්වල, ශම්මි ගුණසේකර.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<