තර්ස්ටන් සහ සාන්ත ජෝසප් විද්‍යාල වලට පූර්ණ ජයක්

318
Singer U19 Schools Cricket

තර්ස්ටන් විද්‍යාලයට හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ හිමි කර දුන් අද (7) දිනය තුල, සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් සාර්ථක අවසන් විය. එමෙන්ම අද දිනය තුල අර්ධ ශතක හා ශතක රැසක්ම වාර්තා වීම කැපී පෙනිනි.

ජයග්‍රහණය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට

සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම අද (06) ආරම්භ වූ අතර, ඊයේ (5) ආරම්භ වූ තරග වලින් පූර්ණ ජයග්‍රහණයක්…

කොළඹ සහිරා විද්‍යාලයට එදිරිව මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිම වූ මෙම තරගයේ දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් නදීර බාලසූරිය නොදැවී ලකුණු 76*ක් ලබා ගන්නා ලදි. එයට අමතරව තවත් සාර්ථක සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවීමට සිල්වෙස්ටර් මැදපෙළ පිතිකරුවන් සමත් විය. මොහොමඩ් මහදිල් කඩුලු 4ක් දවාලන ලදි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 279 (63.4): සාජිත් සමීර 114, මොහොමඩ් ශහදුල්ලා 50, මන්ජිත් රාජපක්ෂ 3/48, මනුජ පෙරේරා 2/28

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 282/9 (107.4): නදීර බාලසූරිය 76*, කනිෂ්ක ජයසේකර 38, අභිෂේක් ඉසුරංග 32, මනජිත් රාජපක්ෂ 29, මොහොමඩ් රීසා 28, මොහොමඩ් මහදිල් 4/72, අහමඩ් ආදිල් 3/13

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී 32 (13):


කැලණිය ගුරුකුල විද්‍යාලයට එදිරිව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

කාසියේ වාසිය තමන් සතුකරගත් ගුරුකුල විද්‍යාලය මත්තේගොඩ යුධ හමුදා පිටියේ දී පළමුව පන්දු යවන ලදි. ඩී.එස්. සේනානායක විද්‍යාලයට මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය. ගුරුකුල විද්‍යාලයේ පළමු ඉනිමට ලකුණු 59ක් එක් කල අසින්ත මල්ශාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේ දී මුදිත ලකුණු කඩුලු 5යි.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 216 (68.1): විහාන් ගුණසේකර 104, පසිදු චානක 30, ඩැනියල් ගීතාංජන 22*, එම්.ඩී. නවීන්ද්‍ර 4/37, ලකිඳු අරෝශ් 4/43

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 213 ( 73.3): අසින්ත මල්ශාන් 59, පැතුම් මහේෂ් 41, ටෙශාන් මලින්ද 25, පෘථිවි රූසර 21, මුදිත ලක්ෂාන් 5/63, විහාන් ගුණසේකර 2/39

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 157/5  (52): විහාන් ගුණසේකර 56, පසිදු චානක 40*, ටොරින් පිටිගල 29


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එදිරිව කඳාන ද මැසනොඩ් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 222ක් ලෙස සටහන්ව තිබූ මෙම තරගය ඇල්බට් එෆ්. පීරිස් පිටියේ දී ඊයේ (6) ආරම්භ වූ අතර සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සමත් විය. එහි දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පළමු ඉනිමට ශෙහාර රණතුංග ලකුණු 95ක් ලබා ගන්නා ලදි. මැසනොඩ් දෙවන ඉනිමට රෝශිත සෙනෙවිරත්න ලකුණු 51ක් වාර්තා කරන ලදී.

ද මැසනොඩ් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 140 (41.4): මිතිල ගීත් 30, ශානක ප්‍රිශාන් 2/21, ශෙහාර රණතුංග 2/21

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 286 (64.3): ශෙහාර රණතුංග 95, අංජන රුක්මාල් 40, සඳරුවන් ප්‍රනාන්දු 35, ධනුෂ්ක නිරංජන 35, මිතිල ගීත් 3/35

ද මැසනොඩ් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 203  (64.4): රෝශිත සෙනෙවිරත්න 51, ප්‍රවීන් ෆොන්සේකා 30, ධනංජය පෙරේරා 8/55

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම – 58/2 (11): සඳරුවන් ප්‍රනාන්දු 25*


කොළඹ වෙස්ලි විද්‍යාලයට එදිරිව කොළඹ මහානාම විද්‍යාලය

වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දුන් මෙම තරගයේ දී මහානාම දෙවන ඉනිමට මලිදු මදුරංග ලකුණු 71ක් හා හෙශාන් හෙට්ටිආරච්චි ලකුණු 64ක් ලබාගෙන ස්ථාවර සබඳතාවයක් ගොඩනංවන ලදි. ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය වෙස්ලි විද්‍යාලයේ කඩුලු ඉක්මනින් දවාලීමට හශාන් සංදීප සමත් විය. ඒ වෙනුවෙන් සංදීප කඩුලු 5ක් ලකුණු 4කට දවාලන ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 60 (15.5): බිශාන් මෙන්ඩිස් 20, රුචික දංගල්ල 5/38, සකුන්ත ලියනගේ 3/00

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලෝම දැවී 153 (70.3): රුචික දංගල්ල 37, ශමෝද් ඇතුළත්මුදලි 28, ජේසන් ද සිල්වා 27, හශාන් සංදීප 6/63

මහානාම විද්‍යාලය දෙවන ඉනිම  – 302/8 dec (70.3): මලිදු මදුරංග 71, හෙශාන් හෙට්ටිආරච්චි 64, බිශාන් මෙන්ඩිස් 48, පැතුම් බොතේජු 42, මොහොමඩ් උබයිදුල්ලා 3/61

කොළඹ වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම – 86/7 (29): තිසුරක අක්මීමන 22, හශාන් සංදීප 5/49


කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එදිරිව කොළඹ නාලන්ද විද්‍යාලය

තර්ස්ටන් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර මෙම තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 6ක ජයක් ලබා ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලය තම දෙවන ඉනිමට ලකුණු 167ක් ලබා ගත් අතර, එම ඉනිමට පිළිතුරු ලෙස තම දෙවන ඉනිම ක්‍රියාත්මක කල නාලන්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි. එහි දී කසුන් සඳරුවන් ලකුණු 36ක් ලබාගත් අතර, පන්දු යැවීමේ දී නවීන් ගුණවර්ධන කඩුලු 6ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 138 (40.2): මාලිංග අමරසිංහ 34, කලණ කත්‍රිආරච්ච් 31*, කසුන් සඳරුවන් 21, චරණ නානායක්කාර 5/51, නවීන් ගුණවර්ධන 4/31

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 167 (58.3): කසුන් අබේරත්න 35, ඉමේෂ් විරංග 34, නවෝද් සමරකෝන් 33, ප්‍රගීශ මෙන්ඩිස් 28, උමේක්ෂ ඩිල්ශාන් 3/48, මාලිංග අමරසිංහ 2/32, අසේල කුලතුංග 2/33

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 110 (40):  කසුන් සඳරුවන් 36, කලණ කත්‍රිආරච්ච් 27, නවීන් ගුණවර්ධන 6/34, ජනුශ්ක ප්‍රනාන්දු 3/30

තර්ස්ටන් විද්‍යාලය  දෙවන ඉනිම – 82/4 (23.4): කසුන් අබේරත්න 48*, අසේල කුලතුංග 2/25, උමේක්ෂ ඩිල්ශාන් 2/46


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමට ලකුණු 68ක් එක් කල දිනෙත් ජයකොඩි දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ගෙන ඒමට සවියක් විය. අනෙක් අන්තයෙන් නොදැවී පිතිකරණයේ නිරත වූ දිනෙත් මදුරාවල ලකුණු 58*ක් ලබාගෙන සිටියදී  තම ඉණිම අත්හිටුවා ජනාධිපති විද්‍යාලයේ දෙවන ඉනිමට ආරාධනා කරන ලදි. එහි දී ගනිදු දෙව්මින ලකුණු 87යි.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 201 (59.2): පී.සී. වික්‍රමසූරිය 57*, කසුන් මාලිංග 31, හශාන් ප්‍රියදර්ශන 26, ගනිදු දෙව්මින 28, හවින් පෙරේරා 4/44, රුචිර ඒකනායක 2/27 ,හරීන් කුරේ 2/47

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 6ක් දැවී 342 dec (35): දිනෙත් ජයකොඩි 68, දිනෙත් මදුරාවල 58*, පහන් පෙරේරා 45, අවිශ්ක ප්‍රනාන්දු 34, කැමරන් දුරුගේ 20, පී.සී. වික්‍රමසූරිය 3/73

ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම – 225/9 (66): ගනිදු දෙව්මින 87, ශාලක බණ්ඩාර 24, හරීන් කුරේ 3/48, නිපුන් සුමනසිංහ 2/26, දිනෙත් ජයකොඩි 2/65


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එදිරිව මහනුවර ධර්මරාජ විද්‍යාලය

ලේක්වීව් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පහර දී ලකුණු 321ක් රැස්කරගන්නා ලදි. එහිදි අවිදු තීක්ෂණ ලකුණු 122ක් ලබා ගැනීමට සමත් විය. ගිහාන් විතාරණ කඩුලු 8ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 321 (63.5): අවිදු තීක්ෂණ 122, ධනංජය ලක්ෂාන් 61, චාමිකර හේවාගේ 25, විනුජ කිරිඇල්ල 24, ගිහාන් විතාරණ 8/24

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 84/7 (27): තිලංග උදේශන 4/20, සදුන් මෙන්ඩිස් 2/25


අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට එදිරිව මොරටුව මොරටු විද්‍යාලය

මොරටු විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 66කට කඩුලු 3ක් ලෙස දිස් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මොරටු විද්‍යාලය අනුරාධපුර දිස්ත්‍රික්ක පිටියේ දී පළමුව පන්දු යවන ලදි. සචින් රන්දිම ලකුණු පුවරුව වර්ණවත් කරමින් ලකුණු 93ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. රශාන් කවිශ්ක කඩුලු 4ක් මොරටු විද්‍යාලයට දායාද කරවිය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම – 270/9 dec (70.2): සචින් රන්දිම 93, ඩිල්ශාන් ලක්ෂිත 56*, චිත්‍රක හිරන්ත 32, රවිනාත් ප්‍රභාෂ්වර 24, රශාන් කවිශ්ක 4/93, ජනිත් සෙව්මිත් 3/48

මොරටු විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 66/3 (24): ශෙසද සොයිසා 35, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 3/16

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට