ශ්‍රී ලංකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණ කිව්වහම ඔබට මුලින්ම මතක් වෙන්නේ මොන ක්‍රීඩාංගණය ද? ඇසුවොත් එයට පිළිතුර වන්නේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඉන්පසුව නම් නිසැකවම ඔබේ මතකයට නැගිය යුත්තේ එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණය නොමැති නම් සිංහල ක්‍රිකට් සමාජ පිටියයි.
තෙවැනි දිනයට තිත තැබෙද්දී ශ්‍රී ලංකාව තවත් ජයකට මාන බලයි
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ අවසානය (22) සනිටුහන් වන විට සිය දෙවන ඉනිම…
ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ සිටින ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමිනි. ඔබ අප දන්නා පරිදි එදා සිට මේ දක්වාම ගාලු පිටිය නම් දඟපන්දුව, දඟපන්දුව නම් ගාලු පිටිය යන තත්වයකට පත්ව ඇත.
අපිට එදා සිට අද දක්වාම දඟපන්දු යවන්නන්ගෙන් නම් අඩුවක් වී නොමැති අතර මුත්තයියා මුරලිදරන් හා රංගන හේරත් එයට ප්‍රබල උදාහරණ කිහිපයක් පමණි. ගාලු ක්‍රිකට් පිටියේ පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පුරාවටම දැවී ගිය කඩුලු 40න් 29ක්ම දඟපන්දු යවන්නන් විසින් දවා ගන්නා ලදි.
හොඳයි ඒ ගාලු පිටියේ තණතීරුව හා එහි හැසිරීම පිළිබඳව ඔබට යම් දැනුමක් ගෙන ඒමට තැබූ සටහනකි. දැන් අප කොළඹ නාගරික පෙදෙසක පිහිටා තිබෙන සිංහල ක්‍රිකට් සමාජ තණතීරුවේ අතීතය හා වර්තමාන තත්වය පිළිබඳව පොඩ්ඩක් කතා කරමු.
එස්. එස්. සී ක්‍රිකට් පිටියේ තණතීරුව මත පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා සත්කාරකත්වය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර වර්ෂ 1984 පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහායි.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක ගෙෆ් හෝවර්ත් ඒ තරගයේ පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන්ම දැවී ලකුණු 174ක් ලබා ගන්නා ලදි. අනතුරුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව අභිබවා යමින් ලකුණු 198ක් රැස්කර ගත්තේ පළමු ඉනිමේ වාසිය ලබා ගෙනයි. ලාන්ස් කයිරන්ස්, රවී රත්නායක, රිචර්ඩ් හාඩ්ලි, ඊවන් චැට්ෆීල්ඩ් යන මඳ වේගපන්දු යවන්නන් තරගය පුරාවට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ඒ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තුන් ඉරියව්වේ දිදුලන තරුව – අකිල දනංජය
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (21) අවසන් වන විට නම් තරගයේ වැඩි වාසිය තිබුණේ ශ්‍රී ලංකා….
එස්. එස්. සී පිටියේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 50 අතරින් (ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර) කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම 33 වතාවක් පළමුව පන්දුවට පහර දී ඇති අතර තවත් අවස්ථාවන් 17ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම පළමුව පන්දුව යැවීමට තීරණය කර තිබෙනවා. තවද තරග 29ක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වෙද්දී ඒ අතරින් තරග 12ක් ජයග්‍රහණය කර ඇත්තේ කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායමයි. එස්. එස්. සී පිටියේ දී ආසියාවෙන් පිටත ක්‍රිකට් කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරග 24කට සහභාගී වී ඇත. නමුත් ඉන් ශ්‍රී ලංකාව පරාජය වී ඇත්තේ තරග 4ක් පමණි. එම ජයග්‍රහණය ආසියාවෙන් පිටත ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට එස්. එස්. සී පිටියේ දී ජයග්‍රහණ කර ඇත්තේ 2004 වර්ෂයේ දී ය. 2004 මැයි මස 24 සිට 28 දක්වා පැවති ඒ තරගයේ දී දෙපිල සතුවම ප්‍රබල දඟපන්දු යවන්නන් සිටියේය. මුරලිදරන්, රංගන හේරත්, ෂේන් වෝන් හා ඩැරල් ලෙමන් ඒ අතර සිටි කිහිප දෙනෙකි. ඔවුන් සියලු දෙනාම ඒ තරගයේ දී ඉතාමත් හොඳින් පන්දු යැවූ අතර පිතිකරුවන් ද ඉතාමත් හොඳින් පිතිකරණ පාරාදීසයක මෙන් ලකුණු රැස්කරගෙන ඇත.

“අපි ක්‍රීඩා කරන කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 10කට 15කට උඩින් වගේ කාලයේ දී එස්. එස්. සී තණතීරුව මත පළමුව පන්දුවට පහර දෙනවා කියන්නේ ටිකක් අමාරු දෙයක් මොකද තණතීරුව ටිකක් වියලිලා නිසා නොහිතන විදිහට පන්දුව Bounce වෙනවා. නමුත් මෑත කාලීනව බලන කොට ගොඩක් කණ්ඩායම් මේ තණතීරුවේ මුලින් පන්දුවට පහර දෙන්න තමයි බලන්නේ. ඉස්සර නම් මේ තණතීරුවේ ලොකු ලකුණුවලට ගියත් මෑත කාලයේ ඒ දේ මේ තණතීරුව මත ටිකක් කරන්න අපහසුයි.” තිලාන් සමරවීර පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.


මෙතෙක් මේ තණතීරුවේ වැඩිම කඩුලු දවා ගෙන ඇත්තේ ද මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු ටෙස්ට් තරග 24ක් සඳහා සහභාගී වී කඩුලු 166ක් එස්. එස්. සී පිටියේ දී ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් කරවා ගෙන ඇත. ඉන් අනතුරුව එම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින චමින්ද වාස් හා රංගන හේරත් (දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද ඇතුළත්ව) කඩුලු 80 බැගින් මේ ක්‍රීඩා පිටියේ දී දවාගෙන ඇත.

“ඒ දවස්වල අපිට මුරලි අයියා හිටියා, නමුත් දැන් මුරලි අයියා අපිට නෑ. රංගන අයියත් එක්ක අපි ක්‍රීඩා කරන කොට අපි විශේෂයෙන් අපේ රටේ ක්‍රීඩා කරන කොට අපි අපේ strength එකට හරි යන තණතිලිවල තමයි ක්‍රීඩා කරන්නේ. අපි ආසියාවෙන් පිට ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට, දකුණු අප්‍රිකාව වගේ රටකට ගියාම ඒගොලොත් ඒගොල්ලන්ගේ strength එකට හරි යන විදිහට තමයි තණතීරු සකසන්නේ.” ඇන්ජලෝ මැතිව්ස් අද (22) දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වීමට පසුව පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කරන ලදි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















