ලෝක කුසලානයට පෙර රොස් ටේලර් ප්‍රාන්ත එක්දින තරගාවලියකට

277
New Zealand's Ross Taylor warms up during day five of the 2nd Test cricket match between New Zealand and Bangladesh at the Basin Reserve in Wellington on March 12, 2019. (Photo by Marty MELVILLE / AFP)

නවසීලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙකු වන රොස් ටේලර් මෙවර එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇති අතර මිඩ්ල්සෙක්ස් කණ්ඩායම නියෝජනය කරමිනි.

අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක…..

නිවේදනයක් නිකුත් කරමින් මිඩ්ල්සෙක්ස් කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ රොස් ටේලර් සිය කණ්ඩායම වෙනුවෙන් එළඹෙන ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි. මේ සඳහා නවසීලන්ත ක්‍රිකට් ආයතනය ද ඔහුට අවසර දී ඇති බව වාර්තා වේ. එළඹෙන 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ නවසීලන්ත සංචිතයට ද මොහු ඇතුළත්ව සිටියි.

ඒ අනුව ටේලර් එළඹෙන අප්‍රේල් මස 25 වන දා මිඩ්ල්සෙක්ස් පිළ ක්‍රීඩා කරනු ලබන පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසීමට නියමිතය. මෙම තරගය සරේ කණ්ඩායමට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. එමෙන්ම රොස් ටේලර් මෙම තරගාවලිය පුරාවට අවම වශයෙන් තරග 5 කට පමණ ක්‍රීඩා කිරීමට නියමිතයි.

ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!

සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති තරගය…..

ප්‍රාන්ත තරගාවලියේ අවසන් පූර්ව තරග එළඹෙන මැයි මස 10 සහා 12 යන දෙදිනයන් හිදී පැවැත්වීමට නියමිතව ඇත. ටේලර් හට අවසන් පූර්ව වටය සඳහා ගැටළුවකින් තොරව සහභාගි වීමට හැකියාව ලැබී තිබුණ ද තරගාවලියේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරී තිබෙන්නේ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරගයක් මැයි 25 වන දින සිදු කිරීමට කටයුතු යොදා ඇති බැවිනි.

නවසීලන්ත කණ්ඩායමේ ප්‍රවේගකාරීම පිතිකරුවෙකු වන රොස් ටේලර් මේ වසරේ දී එක්දින පිටියේ වැඩි දක්ෂතා දැක්වූ අතර එක්දින ඉණිම් 11ක දී ඔහු විසින් රැස් කරගෙන ඇති ලකුණු ගණන 593 කි. එමෙන්ම ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 74.12 ක් ලෙස සටහන් ව ඇත.

රාජකීය පිතිකරුවෝ රාජකීය ලකුණු පුවරුවක් නිර්මාණය කරයි

සිංගර් කුසලාන දෙවන පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව….

රොස් ටේලර් එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම පිලිබඳ ව අදහස් දක්වමින් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ දක්ෂතා කළමනාකරණ අංශයේ ප්‍රධානි බ්‍රයන් ස්ට්‍රොනැච් පවසා සිටින්නේ ටේලර් වෙත මෙම අවස්ථාව හිමිවීම තුළින් ලෝක කුසලානයේ දී වැඩි දක්ෂතා අතරට පිවිසීමට ඔහුට හැකිවන බවයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන තණතීරු වලට සමාන වාතාවරණයක් සහිත ක්‍රීඩාංගණ තුළ පිතිකරනයේ නිරත වීමට හැකි වීම තුළින් ටේලර්ගෙන් ලෝක කුසලානයේ දී නවසීලන්තයට වැඩි දායකත්වයක් ලබාගත හැකි බව ද ඔහු පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<