ඇන්ජලෝ පෙරේරා දෙවැනි ඉනිමේත් ද්විත්ව ශතකයක් ලබයි

916

එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා තම දෙවැනි ඉනිමේ දී ද ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ  සුපිරි ක්‍රීඩකයා බවට අද (03) පත්විය.

හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සුපිරි ජයග්‍රහණයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8

එන්. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එස්. එස්. සී. කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් තම ඉනිම අවසන් කළේ ලකුණු 444ක් ලබා ගනිමිනි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 480ක් රැස් කළහ. ලකුණු 36ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 579ක් ලබා සිටිය හ.

පෙර දිනයේ නොදැවී ලකුණු 38ක් ලබා සිටි ඇන්ජලෝ පෙරේරා අද ද්විත්ව ශතකයක් අභිබවා තම ඉනිම රැගෙන ගියේ ය. පන්දු 268කට මුහුණ දුන් ඔහු හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් තම  ඉනිමට ඇතුළත් කළේය.

ඊට අමතරව පෙර දිනයේ නොදැවී ලකුණු 90ක් ලබා සිටි පැතුම් නිස්සංක අද පන්දු 194කට මුහුණ දී හතරේ පහර 21ක් සමඟින් ලකුණු 165ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 267කි.

දිනය අවසන් වන විට චතුංග ද සිල්වා පන්දු 88කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා සිටියේ ය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 444 (103.3) පැතුම් නිස්සංක 95, හසිත බෝයගොඩ 20, මහේල උඩවත්ත 23, සචින්ත පීරිස් 28, ඇන්ජලෝ පෙරේරා 201, ලසිත් ඇඹුල්දෙනිය 26, ධම්මික ප්‍රසාද් 3/86, ආකාශ් සේනාරත්න 3/91, තරිඳු රත්නායක 2/99

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 480 (129) සඳුන් වීරක්කොඩි 189, කෞෂාල් සිල්වා 26, සහන් ආරච්චිගේ 48, කවිඳු කුලසේකර 46, සචිත්‍ර සේනානායක නොදැවී 89, හිමේෂ් රාමනායක 34, අසිත ප්‍රනාන්දු 3/98, ලසිත් ඇඹුල්දෙණිය 4/86

එන්. සී. සී. කණ්ඩායම ; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 579 (112) පැතුම් නිස්සංක 165, ඇනජලෝ පෙරේරා 231, මාලිංග අමරසිංහ 46, චතුරංග ද සිල්වා නොදැවී 103,  ධම්මික ප්‍රසාද් 2/49, චතුපම ගුණසිංහ 2/42

කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට පත්වූයේ සංචාරක ශ්‍රී ලංකා


කෝල්ට්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩයකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 615ක් ලබා ගත්හ. එම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 315ක් රැස් කළහ.

එම ඉනිම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් විය. ඔහු පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මනෝජ් සරත්චන්ද්‍ර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 87කි. ඔහු පන්දු 83කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජෙහාන් ඩැනියෙල් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 300ක් තමන් සන්තකයේ තබා ගනිමින් දෙවැනි ඉනිමත් ක්‍රීඩා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. එම ඉනිමේ දී නායක සංගීත් කුරේ පන්දු 133කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 65කි.

Photos: Tamil Union v Colts CC – Major Super 8s Tournament

කඩුලු ලබා ගැනීමේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු  48කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 552ක ගමනක් ගිය ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 331ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රමිත රඹුක්වැල්ල පන්දු 49ක දී ලකුණු 55ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 69ක දී ලකුණු 53ක් ද සහ ජීවන් මෙන්ඩිස් පන්දු 61ක දී ලකුණු 61ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

කඩුලු ලබා ගැනීමේ දී නලින් ප්‍රියදර්ශන ලකුණු 95කට කඩුලු 4ක් දවා ගත්තේ ය.  

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 615 (154.2) අවිශ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු 70, ප්‍රියමාල් පෙරේරා 34, ජෙහාන් ඩැනියෙල් 61, නිසල තාරක 38, ජීවන් මෙන්ඩිස් 4.192, කමිඳු මෙන්ඩිස් 2/53

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (84.1) සිතාර ගිම්හාන් 50, ජීවන් මෙන්ඩිස් 105, මනෝජ් සරත්චන්ද්‍ර 87, ජෙහාන් ඩැනියෙල් 3/36, ධනංජය ලක්ෂාන් 2/34, ප්‍රවීන් ජයවික්‍රම 3/34

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 251(51) අවිශ්ක ප්‍රනාන්දු 65, සංගීත් කුරේ 90, ධනංජය ලක්ෂාන් 28, කමිඳු මෙන්ඩිස් 3/48, ජීවන් මෙන්ඩිස් 2/21

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 331 (64) රමිත රඹුක්වැල්ල 55, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේරසිංහ 29, ජීවන් මෙන්ඩිස් 61, කමිඳු මෙන්ඩිස් 53, නලින් ප්‍රියදර්ශන 4/95

තිමිර ජයසිංහ නොදැවුණු ලකුණු හරඹයක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ


යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 350ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 516ක් ලබා ගත්තේ ය.

ලකුණු 166ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 9ක් දැවී ලකුණු 456ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී දුශාන් විමුක්ති පන්දු 206කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ලක්ෂාන් එදිරිසිංහ (59) අසේල ගුණරත්න (68) සහ සංජික රිද්ම (74) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ. කඩුලු බිඳ හෙළීමේ දී චාමිකර එදිරිසිංහ ලකුණු 176කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 350 (98.5) හිමාෂ ලියනගේ 116, ඩිල්ෂාන් ද සොයිසා 101, සංජික රිද්ම 56, රනිත ලියනාරච්චි 3/61,  සචිත්‍ර පෙරේරා 3/42, චාමිකර එදිරිසිංහ 3/81

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 516 (155.1) ඇන්ඩි සොලමන්ස් 62, නිර්මාල් 29, නවිඳු නිර්මාල් 29, ගමිඳු කනිෂ්ක 141,  නිපුන් කරුණානායක 129, චාමිකර එදිරිසිංහ නොදැවී 65, සචිත්‍ර පෙරේරා 26, දුශාන් විමුක්ති 4/137, ඩිල්ශාන් ද සොයිසා 2/92

ශ්‍රී ලංකා යුද හමුදාව; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 456 (102.1) ලක්ෂාන් එදිරිසිංහ 59, කවීෂ් කුමාර 30, දුශාන් විමුක්ති 128, මධුශාන් 22, අසේල ගුණරත්න 68, ඩිල්ශාන් ද සොයිසා 45, සංජික රිද්ම 74, රනිත ලියනාරච්චි 2/62, චාමිකර එදිරිසිංහ 4/176, ඇන්ඩි සොලමන්ස් 2/57

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<