ශ්‍රී ලංකා ක්‍රීඩා පිටියේ බලය හරීන් ප්‍රනාන්දුට

981

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (20) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව ඔහු “ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා” ලෙස මින්පසු කටයුතු කරනු ඇත.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු පෙළ රග්බි ක්‍රීඩකයෙකු ද වූ ඒ මහතා එම විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව නගා සිටුවන්නට විශාල සේවයක් කළ අයෙක් ද වෙනවා.

මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම …..

ThePapare.com වෙත අදහස් දක්වමින් නව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩා පිටියේ නව යුගයක් ආරම්භ කරන්නට තමන් බලාපොරොත්තු වන බවයි.

“ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු කිරීම අභියෝගයක්. ඒ ක්‍රීඩා සංගම්, සම්මේලන විශාල ප්‍රමාණයක් තිබෙන නිසා. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙනවා. මම වහාම ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කරනවා. අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවට පසුගිය කාලය එතරම් හොඳ වුනේ නැහැ, ලෝක කුසලානයත් ඉතා ආසන්නයේ ඇති නිසා මම ක්‍රීඩාව නගා සිටුවන්න විශේෂඥ සහයත් ගන්න බලාපොරොත්තු වෙනවා.” යැයි අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නැගී එන මලල ක්‍රීඩාව පිළිබඳව ද අදහස් දක්වමින් පවසා සිටියේ “සුපිරි දක්ෂතාවයක් තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. අපි අනිවාර්යයෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලත් සිතේ තබාගෙනම කටයුතු කළ යුතුයි. අපි දෙවන තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් හොඳින් රැක බලා ගෙන ඔවුන් ප්‍රධාන තලයට රැගෙන ආ යුතුයි.” යන්නයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<