නාලන්ද – සාන්ත තෝමස් ගැටුම සමවෙද්දී; සාන්ත සෙබස්තියන් ගොඩයයි

641

අනාගතයේ ලොව දින්නට වෙර දරන පාසල් ක්‍රීඩකයින් හට තෝතැන්නක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලින් ජයග්‍රහණය ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගන්නා විට සාන්ත තෝමස් – නාලන්ද තරගය ලකුණු සම වීමෙන් අද (29) නිමාව දිටීය.

තරංග ඇතුළු කොළඹ කණ්ඩායම අපරාජීතව ඉදිරියටම

SLC T20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුලු..

කොළඹ නාලන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

නාලන්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය පිළිවෙළින් කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් මේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය සාන්ත ජෝසප් පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පළමු පන්දුවාර කිහිපය තුල ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් එක්වූ පසුව ඔවුන්ගේ අවසන් කඩුලු 9 ලකුණු 82ක් වැනි ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට ලක්ෂාන් මායාදුන්නේ ඇතුළු නාලන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය.

අවසන් පෙළ පිතිකරුවන් අතරේ සාර්ථක වූ මොහොමඩ් ඉෂාක් හා කඩුලු රකින ක්‍රීඩක කිෂාන් මුණසිංහ පිළිවෙළින් ලකුණු 21ක් ලකුණු 20ක් සාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු සටහනට එකතු කිරීමට සමත් වූහ. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන මායාදුන්නේ ලකුණු 13කට කඩුලු 4ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ නාලන්ද විද්‍යාලයේ පිතිකරුවන් හට ද සාන්ත තෝමස් විද්‍යාලයේ පිතිකරුවන් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට සිදු වූ අතර ඔවුන්ගේ පළමු කඩුලු 8 ලකුණු 63ක් තුල දවා ගැනීමට සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් විය. මෝක්ෂ සහන් 4 පහර දෙකක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 29ක් ලබාගෙන නාලන්දාවේ වැඩිම ලකුණු ලාභියා වන විට ඔවුන්ගේ අවසන් පිතිකරුවන් තිදෙනා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් තරගය තියුණු තැනකට රැගෙන ආ නමුත් තරගය අවසන් වූයේ ලකුණු සමවීමෙනි. ඒ නිසාවෙන් මේ තරගය හෙට (30) දිනයේ දී නැවතත් පවත්වනු ඇත. පන්දු යැවීමේ දී රන්දිව් ගුණසේකර ලකුණු 13කට කඩුලු 4යි.

සාන්ත තෝමස් විද්‍යාලය – 113 (33.3): මොහොමඩ් ඉෂාක් 21, කිෂාන් මුණසිංහ 20, ලක්ෂාන් මායාදුන්නේ 4/13, ජයෝද් කල්දේරා 2/01, ජිතේෂ් වාසල 2/26.

නාලන්ද විද්‍යාලය – 113 (50): මෝක්ෂ සහන් 29, තමිඳු කමලසූරිය 18, රන්දිව් ගුණසේකර 4/13.









Title





Full Scorecard

Nalanda College

164/10

(48.2 overs)

Result

S. Thomas' College

165/6

(44.2 overs)

STC won by 4 wickets

Nalanda College’s Innings

Batting R B
L.Mayadunne b R Gunasekara 35 23
J H Kaldera c M Rupasinghe b S de Mel 29 56
M Sahan c K Munasinghe b D Rathnayake 2 8
A.Perera st M Rupasinghe b D Rathnayake 17 12
J Wasala b D Rathnayake 1 9
R A De Silva c M Rupasinghe b S de Mel 30 83
R Dissanayake b D Rathnayake 2 19
A Jithwara b S de Mel 12 19
T Kamalasooriya lbw by S Wickramathilaka 8 18
N Senarathne b S Wickramathilaka 16 32
C.Rajapakshe not out 0 1
Extras
11
Total
164/10 (48.2 overs)
Fall of Wickets:
1- 54 (J Kaldera, 15.4 ov), 2-69 (M Sahan, 18.4 ov), 3-76 (L Mayadunne, 20.0 ov), 4-88 (A Perera, 22.3 ov), 5-91 (J Wasala, 24.2 ov), 6-95 (R Dissanayake, 28.3 ov), 7-115 (A Jithwara, 34.2 ov), 8-125 (T Kamalasooriya, 38.2 ov), 9-163 (R de Silva, 47.5 ov), 10-164 (N Senarathne, 48.2 ov)
Bowling O M R W E
S.Wickramathilake 8.2 0 22 2 2.68
S de Mel 9 0 28 3 3.11
R Gunasekara 10 1 20 1 2.00
R de Silva 2 0 15 0 7.50
M Isaaq 1 0 11 0 11.00
D Rathnayaka 10 0 46 4 4.60
U Suwaris 8 2 17 0 2.13

S. Thomas' College’s Innings

Batting R B
D.Rathnayake c M.Sahan b J Wasala 11 12
D Fernando c A.Jithwara b R Dissanayake 28 63
S de Mel c T Kamalasooriya b J.Wasala 0 2
M Isaaq c J H Kaldera b R Dissanayake 19 59
R de Silva b C Rajapakshe 12 18
K Munasinghe not out 37 64
M Rupasinghe c & b C Rajapakshe 36 48
U Suwaris not out 1 1
Extras
18
Total
165/6 (44.2 overs)
Fall of Wickets:
1-13 (D Rathnayake, 2.2 ov), 2-13 (S de Mel, 2.4 ov), 3-49 (M Isaaq, 19.3 ov), 4-76 (R de Silva, 25.2 ov), 5-78 (D Fernando, 26.2 ov), 6-154 (M Rupasinghe, 43.4 ov)
Bowling O M R W E
J.Wasala 5 1 30 2 6.00
N.Senarathna 5 2 7 0 1.40
L.Mayadunne 9 1 26 0 2.89
R.Dissanayake 7 2 18 2 2.57
R A de Silva 6 0 33 0 5.50
C Rajapakshe 8 0 25 2 3.13
J H Kaldera 4.2 0 22 0 5.24








මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

දුනිත් ජයතුංගගේ පිතිකරණයෙන් වර්ණවත් වූ මේ තරගය කඩුලු 9කින් ජය ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන්කරගත්තේය.

සුපිරි 16 දෙනාගේ තරග වටයේ දී තර්ස්ටන් විද්‍යාලය ලකුණු 6කින් පරාජය කරමින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ තරගය සඳහා අවතීර්ණ වූ අතර වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය කඩුලු දෙකකින් පරාජය කරමින් සුපිරි 8 දෙනාගේ තරග වටයේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය රාජකීය විදුහල් පිටියේ දී පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 207ක් ලබා ගන්නා ලදි.  එහි දී ආරම්භක පිතිකරු රොමේෂ් සුරංග ලකුණු 38ක් ලබා ගත්තේ 4 පහර 6ක් සමඟින් වන අතර ඔහුට සහය වූ අවිශ්ක තරිඳු 4 පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී තදුල ද සිල්වා ලකුණු 24කට කඩුලු 3යි.

ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉතාමත් සාර්ථක ලෙස එම ලකුණු ප්‍රමාණය හඹා ගියේ එක් කඩුල්ලක් පමණක් වැය කරමිනි. තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන දුනිත් ජයතුංග පන්දු 124ක් තුල නොදැවී ලකුණු 103*ක් ලබාගත්තේ 4 පහර 12ක් හා 6 පහර දෙකක් එල්ල කරමිනි. එසේම සුකිත ප්‍රසන්න හා සවිඳු රොද්‍රිගෝ ලකුණු 43 බැගින් ලබා ගත්තේය.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 207/9 (50): රොමේෂ් සුරංග 38, අවිශ්ක තරිඳු 33, කවිශ දුලංජන 28, තදුල ද සිල්වා 3/24.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 210/1 (44.3): දුනිත් ජයතුංග 103*, සුකිත ප්‍රසන්න 43*, සවිඳු රොද්‍රිගෝ 43.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

St.Anthony’s Wattala

207/9

(50 overs)

Result

St.Sebastian's College

210/1

(44.3 overs)

ST.Sebastian’s College won by 9 wickets

St.Anthony’s Wattala ‘s Innings

Batting R B
G.Sathmika c b J.Perera 10 20
R.Suranga b T.De Silva 38 79
M.Sanjeewa c Sub b T.De Silva 18 36
A.Tharindu c D.Jayatunga b J.Perera 33 57
O.Jayathilaka st S.Perera b T.De Silva 0 2
V.Silva c S.Perera b N.Fernando 19 42
A.Rahuman (runout) 21 34
S.Hirushan c D.Fernando b S.Perera 7 11
K.Dulanjana c N.Fernando b S.Perera 18 20
C.Dilshan not out 1 2
C.Elymes not out 0 0
Extras
32 (5LB , 20WD , 3NB , 4B)
Total
207/9 (50 overs)
Fall of Wickets:
1-14 (6.3 ov) – G Sathmika 2-78 (21.4 ov) – M Sanjeewa 3-82 (23.1 ov) – R Suranga 4-82 (23.3 ov) – O Jayathilaka 5-116 (34.4 ov) – V Silva 6-137 (40.5 ov) – A Tharindu 7-150 (43.2 ov) – S Hirushan 8-203 (49.1 ov) – K Dulanjana 9-207 (49.6 ov) – A Rahuman
Bowling O M R W E
J.Perera 9 2 48 2 5.33
S.Perera 10 3 39 2 3.90
S.Fernando 4 0 19 0 4.75
C.Mendis 9 1 28 0 3.11
N.Fernando 7 0 31 1 4.43
T.De Silva 7 0 24 3 3.43
D.Fernando 4 0 9 0 2.25

St.Sebastian's College’s Innings

Batting R B
S.Rodrigo lbw by R.Suranga 43 98
D.Jayathunga not out 103 123
S.Prasanna not out 43 47
Extras
19 (17WD , 2B)
Total
210/1 (44.3 overs)
Fall of Wickets:
1-118 (30.5 ov) – S Rodrigo
Bowling O M R W E
A.Tharindu 6 1 28 0 4.67
V.Silva 2 0 10 0 5.00
S.Hirushan 2 0 21 0 10.50
C.Elymes 8 1 39 0 4.88
R.Suranga 7 1 32 1 4.57
K.Dulanjana 10 0 33 0 3.30
G.Sathmika 9.3 0 44 0 4.73