තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

317

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී සැහැල්ලු පන්දු තරගාවලියක් අතරතුර දී ඉතා අවාසනාවන්ත අයුරින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තාවක් අභියස සිටින දකුණු අප්‍රිකානු අකුණු සැරය

මෑත කාලයේ දී දකුණු අප්‍රිකාව විසින් බිහි කල විශිෂ්ටතම ….

වයිබාව් කේසාකර් නැමැති මෙම යොවුන් ක්‍රීඩකයා තරගය ක්‍රියාත්මක වන අතරවාරයේ අවස්ථා කිහිපයක දී ම සිය පපු ප්‍රදේශය තදින් පිරිමදිමින් දැඩි වේදනාවකින් පෙළුණු බව තරගය සජීවීව විකාශනය කළ YouTube වීඩියෝ පටයේ පුනරූපනයන් හී පැහැදිලිව දැකගත හැක.

තමා මුහුණ පා සිටින ඛේදවාචකය පිළිබඳ නිසි අවබෝධයක් ඔහුට නොතිබූ නිසාවෙන් අපහසුතාව මධ්‍යයේ වුවද දිගින් දිගටම ඔහු පිතිකරණයේ යෙදෙන්නට විය. නමුත් එක් අවස්ථාවක දී කේසාකර් හට තවදුරටත් එම වේදනාව සඟවා ගැනීමට නොහැකි වූ හෙයින් තම සහෝදර ක්‍රීඩකයින්ගේ උපකාරයෙන් පිටියෙන් ඉවතට ගමන් කළ අතර එසැනින් ඔහුව අසල තිබූ රෝහල වෙත රැගෙන යාමට තරග සංවිධායකවරුන් කටයුතු කර ඇත.

ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ මෙම තරුණ ක්‍රීඩකයා රෝහල්ගත කර සුළු මොහොතකට පසු සිය අවසන් හුස්ම පොද හෙළමින් මෙලොවින් සමුගත්තේ ක්‍රීඩාලෝලි හදවත් කම්පා කරමිනි. වෛද්‍ය වාර්තාවන්ට අනුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතු වී ඇත.

බොක්සිං දින ටෙස්ට් තරගයේ දී දෙරටේ ඉරණම විසඳෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ….

ඉතා දක්ෂ සැහැල්ලු පන්දු ක්‍රීඩකයකු ලෙස නමක් දරා සිටි කේසාකර් මුම්බායි හී ප්‍රසිද්ධ සැහැල්ලු පන්දු කණ්ඩායම් රැසකට සිය දායකත්වය ලබා දී ඇත.

මෑත භාගයේ මුම්බායි හී පැවති ක්‍රීඩා තරග සහ වැඩසටහන් අතරතුර මියගිය දෙවන තරුණ ක්‍රීඩකයා මොහු වන අතර දින කිහිපයකට ඉහත දී එම ප්‍රදේශයේම නම් දැරූ පාසලක ක්‍රීඩා උත්සවයක් අතරතුර දී පාසල් ක්‍රීඩකයෙකු මියයාමේ සිදුවීමක් මාධ්‍ය වාර්තාවල පළ විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<