කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර අද (24) බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ “නීල හරිත 5 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය” ජය පරාජයෙන් තොරව නිමා විය.
අවසන් දිනයේ අවසන් පැයේ දී ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස ගිය සත්කාරක ක්‍රීඩකයෝ තරගය නිමාවේ බේල්ස් ඉවත් කරන විට ලබා සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් පමණි.
ලුම්බිණියේ විමුක්ති සහ ලකිඳු බණ්ඩාරනායකවරුන් මෙල්ල කරයි
කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර පැවැත්වෙන නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයට නිමා වෙද්දී සංචාරක…
පළමු ඉනිමේ ජයග්‍රහණය සොයමින් පළමු දිනයේ සවස් යාමයේ සිට පන්දුවට පහර දුන් ලුම්බිණි ක්‍රීඩකයෝ අද තමන්ගේ පළමු ඉනිමේ ජයග්‍රාහී ලකුණ ලබා ගත්තේ අවසන් කඩුල්ල පිටියේ රැඳී සිටිය දී ය.
දිනයේ පළමු කඩුල්ල ලෙසින් පෙර දිනයේ නොදැවී ලකුණු 61ක් ලබා සිටි ලකිඳු උපේන්ද්‍ර දුවද්දී දවා ගැනීමට බණ්ඩාරනායකවරුන් සමත් වීම තරගයේ උණුසුම තීව්‍ර කිරීමක් විය. දැවී ගිය එම කඩුල්ලත් සමඟින් ලුම්බිණි ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 103ක් විය.
අනවශ්‍ය ලකුණක් කරා යාමේ දී කඩුල්ල අහිමි කර ගත්ත ද, ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකිඳු උපේන්ද්‍ර ය. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් ලකුණු 61ක් ලබා ගත්තේය. එම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත් කිරීමට ලකිඳු සමත් විය.
ලුම්බිණියන්ගේ ඉනිම වරක කඩුලු 7ක් දැවී ලකුණු 133ක්ව තිබුණි. එම අවස්ථාවේ ලුම්බිණි ඉනිම ගොඩ දැමීම වෙනුවෙන් එක් වූයේ වීනු හේමාල් සහ දිල්ශාන් රණවීර ය. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවක් එක් කරමින් ලකුණු පුවරුව 163 රැඳ වූහ. එහි දී විනූ හේමාල් ලකුණු 8ක් ලබා දැවී ගිය අතර දිල්ශාන් රණවීර පළමු ඉනිමේ ජයග්‍රහණයට ලකුණක් අඩුව තිබිය දී දැවී ගියේ පන්දු 26ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 22කට ය.
අවසන් ක්‍රීඩකයා ලෙසින් පිටියට පිවිසි පිසිඳු නඳුන් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය.
කඩුලු ලබා ගැනීමේ දී ජනිඳු ජයවර්ධන ලකුණු 47කට කඩුලු 4ක් ද, ගයාෂාන් හෙට්ටිආරච්චි ලකුණු 33කට කඩුලු 3ක් ද දවා ගත්හ.
ශෂික දුල්ශාන් සාන්ත තෝමස් ඉනිම වනසා දමයි
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වූ සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස් විද්‍යාලාන්තර 118 වැනි රුහුණු නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දී සාන්ත තෝමසුවන්ගේ…
ලකුණු 28ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි බණ්ඩාරනායක ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 180ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.
බණ්ඩාරනායක දෙවැනි ඉනිමේ දී වමත් පිතිකරු පසිඳු බණ්ඩාර පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේය. ඔහු හසිත පතිරගේ සමඟින් 7 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් එක් කරමින් ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව ද ගොඩ නැගුවේ ය. හසිත පන්දු 39ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය.
මේ අතර අවසන් කඩුල්ල වෙනුවෙන් එක් වූ ප්‍රභාෂ අල්විස් ද අවශ්‍යම අවස්ථාවක දී ලකුණු අතරට පිවිසෙමින් පන්දු 35ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තේය.
මොරටුව කැලඹූ විශ්ව හා සවිඳු වේල්ස් කුමරුවන් අවසන් හතරට රැගෙන යයි
ක්‍රමක්‍රමයෙන් අවසන් වන 2017/18 සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (23) පැවැත්වූ අතර එහි දී ආනන්ද විද්‍යාලය පරාජය කළ වේල්ස් කුමර …
කඩුලු බිඳ දැමීමේ දී, පළමු ඉනිමේ දී කඩුලු 5ක් බිඳ දැමූ විමුක්ති කුලතුංග ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තේය. ඔහු තරගයේ දී ලකුණු 95කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.
දෙවැනි ඉනිමේ දී ලකුණු 153ක ඉලක්කයක් වෙත යෑමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයන්ට තරගය නිමාවේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් පමණි. එම ඉනිමේ දී පන්දුවෙන් දක්ෂතා දැක්වූ විමුක්ති කුලතුංග පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තේය.
කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් දඟපන්දු යැවූ ජනිඳු ජයවර්ධන සහ වමතින් දඟපන්දු යැවූ ගයාෂාන් හෙට්ටිආරච්චි කඩුලු 2 බැගින් දවා ගත්හ.
බණ්ඩාරනායක විද්‍යාලය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (72.3) ගයාෂාන් හෙට්ටිආරච්චි 36, සසිත සඳුනෝද්‍ය 27, විමුක්ති කුලතුංග 5/61, කවින් කේමිත 2/46
ලුම්බිණි විද්‍යාලය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (41.5) කවින් පීරිස් 22, ලකිඳු උපේන්ද්‍ර 61. දාබරේ 2 4, එම් රණවීර 22, පී. නඳුන් නොදැවී 18, ජනිඳු ජයවර්ධන 4/47, ගයාෂාන් හෙට්ටිආරච්චි 3/33
බණ්ඩාරනායක විද්‍යාලය ; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 180 (59.0) පසිඳු බණ්ඩාර නොදැවී 55, හසිත පතිරගේ 26, ප්‍රභාෂ අල්විස් නොදැවී 22, විමුක්ති කුලතුංග 4/34, කවින් පීරිස් 2/48,
ලුම්බිණි විද්‍යාලය ; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 68 (13.0) ලකිඳු උපේන්ද්‍ර 19, විමුක්ති කුලතුංග නොදැවී 22, කවින් පීරිස් 19, ජනිඳු ජයවර්ධන 2/35, ගයාෂාන් හෙට්ටිආරච්චි 2/10
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















