Spurs දැවැන්ත ජයකට යද්දී ශූරයින්ට මොකද වුනේ?

67

ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ සතියේ දී ඉතාම උණුසුම් වුනේ නොසිතූ තරග ප්‍රතිඵල රැසක් සමඟින්.

යොවුන් Chelsea ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

Dominic Calvert-Lewinගේ ගෝල ද්විත්වයෙන්, Everton ගෝල 3-1ක් ලෙස ප්‍රබල Chelsea කණ්ඩායම පරාජය කළා. 

Everton මිනිත්තු පහකට පසුව තරගයේ පෙරමුණ ගත්තේ Djibril Sidibeගේ හරස් පන්දු යොමු කිරීමක් Richarlison, Andreas Christensenටත් වඩා ඉපිල යමින් ගෝල රාමුව වෙත එල්ල කිරීමත් සමඟයි.    

ප්‍රබල කණ්ඩායම් රැසකට ජයග්‍රහණ විරහිතයි

එංගලන්ත Premier League තරගාවලියේ හා ඉතාලි Serie A තරගාවලියේ 14 වැනි සතියේ …

ඊට මිනිත්තු තුනකට පසුව Mateo Kovacic, Chelsea ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර යාර 25 ක සීමාවේ සිට පන්දුව ගෝල රාමුවේ වම් කෙළවරින් පන්දුව දැල් ගත කරන්නට Kovacic සමත් වුනා. 

තරගය අවසන් වීමට මිනිත්තු හයක් තිබිය දී Calvert-Lewin තරගය ගෝලයකින් අවසන් කළේ Kepa පසු කරමින් පහසු ගෝලයක් වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: Everton 3 – 1 Chelsea

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Everton – Richarlison 5′, Dominic Calvert-Lewin 49′, 84′ 
  • Chelsea – Mateo Kovacic 52′

Liverpool කණ්ඩායමට පහසු ජයක්

සිය අඛණ්ඩ සය වන ජයග්‍රහණය වාර්තා කරමින් Liverpool ගෝල 3-0ක් ලෙස AFC Bournemouth පරාජය කළා. 

Liverpool පළමු අර්ධයේ ප්‍රබල ක්‍රීඩා විලාසයක් එල්ල කළ නමුත් 35 වැනි මිනිත්තුව වන තෙක්ම ඔවුන්ට සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

AFC Bournemouth ක්‍රීඩක Nathan Ake ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වී මොහොතකට පසුව Alex Oxlade-Chamberlain, Henderson ගේ පන්දු යොමු කිරීමක් පහසුවෙන් ගෝල රාමුව වෙත යොමු කළා.  

පළමු අර්ධය නිමා වීමට පෙර Mohamed Salahගේ පන්දු හුවමාරුවක් ප්‍රයෝජනයට ගෙන Naby Keita ලකුණු පුවරුව දෙගුණ කළා. 

Keita විසින් යොමු කළ පන්දුවෙන් Salah තරගයේ තෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ Liverpool කණ්ඩායමට තවත් ජයක් ගෙනෙමින්. 

අවසන් ලකුණු තත්වය: Liverpool 03 – 00 AFC Bournemouth 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Liverpool – Alex Oxlade-Chamberlain 35′, Naby Keita 44′, Mohamed Salah 54′

Spurs දැවැන්ත ජයක් වාර්තා කරයි

Son Heung-minගේ විශිෂ්ට ගෝලයකින් ජවය ලැබූ Tottenham Hotspur කණ්ඩායම ගෝල 5-0ක් ලෙස Burnley පරාජය කළා.  

Harry Kane තරගය ආරම්භ කිරීමෙන් මිනිත්තු 5කට පසුව තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Lucas Moura ලකුණු පුවරුව දෙගුණ කළේ ඊට මිනිත්තු හතරකට පසුවයි. 

32 වැනි මිනිත්තුවේ දී Son ලකුණු පුවරුව 3-0ක් බවට පත් කළේ තමන්ගේ අර්ධය තුළ දී පන්දුව ලබා ගනිමින් Burnley ආරක්ෂක ක්‍රීඩකයින් තිදෙනෙක් පසු කර පන්දුව Nick Popeට හසු නොවන්නට දැල වෙත යොමු කරමින්.  

දෙවන අර්ධය ආරම්භයෙන් පසුව Kane සිය දෙවන ගෝලය වාර්තා කළ අතර මිනිත්තු 16ක් ඉතිරිව තිබිය දී Moussa Sissoko තරගයේ අවසන් ගෝලය වාර්තා කළා.  

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 05 – 00 Burnley

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Tottenham Hotspur – Harry Kane 4′, 54′, Lucas Moura 9′, Son Heung-Min 32′, Moussa Sissoko 74′

ප්‍රිමියර් ලීග් ශූරයෝ ඇද වැටෙයි

Manchester United ගෝල 2-1ක් ලෙස සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වන Manchester City පරාජය කළා. 

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Marcus Rashford විසින්. VAR විමසුමකින් පසුව United කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දෙන්නට විනිසුරු තීරණය කළ අතර 23 වැනි මිනිත්තුවේ දී Rashford එම දඬුවම් පහර සාර්ථක කර ගත්තා. ඊට මිනිත්තු හයකට පසුව  Anthony Martial, Ederson පසු කරමින් පන්දුව අලංකාර ලෙස දැල වෙත යොමු කළා. 

Bayern, Chelsea හා Manchester Cityට අනපේක්‍ෂිත ප්‍රතිඵල

එංගලන්ත Premier League තරගාවලියේ 14 වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 15 වැනි…

කණ්ඩායම් දෙකම අනතුරුව ප්‍රබල සටනක නිරත වූ නමුත් 85 වැනි මිනිත්තුවේ දී පළමුවෙන් සාර්ථක වුනේ City කණ්ඩායමයි. Nicolas Otamendi, Riyad Mahrezගේ corner අවස්ථාවකින් ලැබුණු පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළත් තරගය වෙනස් කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Manchester United 02 – 01 Manchester City

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester United – Marcus Rashford 23′ (pen), Anthony Martial 29′
  • Manchester City – Nicolás Otamendi 85′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<