ක්‍රිකට් තරගයක විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම ලේසි පහසු දෙයක් නොවේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ අපහසුම කාර්‍යයක් ලෙස සැලකිය හැක. මෙයට මානසික ඒකාග්‍රතාව උපරිමයෙන් අවශ්‍ය වන අතර එක් ඉරියව්වක දිගු වේලාවක් සිටීම, කාලගුණ තත්වයන් ඉවසා සිටීම ඉතාමත් අපහසු වන අතර වර්තමානයේ ඇති විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ හැකියාව නිසා ඔවුන්ගේ රැකියාව අපහසු එකක් වී ඇත.
වලියට බරැති, නැටුමට හිතැති එංගලන්ත තරුව.
1999 වසරේ ජනවාරි විසිතුන් වැනිදා එංගලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇඩිලේඩ් නුවර දී ගැටුණේ කාල්ටන්….
කෙසේ වෙතත් විනිසුරුවරුන් ලෙස නම් දරා ඇති කීපදෙනෙකු එම කාර්‍යයන් තම උපරිමයෙන් සිදු කරන ආකාරයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබේ. ඔවුන්ගේ දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඔවුන් වාර්ෂිකව ඇගයීමට ලක් කරන අතර ක්‍රිකට් විනිසුරුවරුන්ගේ උත්තරීතර මණ්ඩලය සඳහා ද ඔවුන් තෝරාගැනීම සිදු කරනු ලබයි. නමුත් එම විනිසුරුවන්ට ලැබෙන ගෙවීම් ප්‍රමාණය ඔවුන්ගේ රාජකාරියට ප්‍රමාණවත් ද?
ThePapare.com ගෙන එන මේ සටහන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවන්ට ලැබෙන ගෙවීම් පිළිබඳවයි.
*මෙම සියලු ගෙවීම් 2018 සැප්තැම්බර් 1 සිට 2019 අප්‍රේල් 31 දක්වා වේ. එහි දී ටෙස්ට් තරගයක් සඳහා $3,000ක් ද, එක්දින තරගයක් සඳහා $2,200ක් ද, විස්සයි විස්ස තරගයක් සඳහා $1,000ක් ද ගෙවනු ලැබේ.
- නයිජල් ල්ලෝන්ග්

ඉන් වසර 4කට පසුව විශේෂඥ තුන්වැනි විනිසුරුවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන නයිජල් 2015 හා 2019 ලෝක කුසලාන සඳහා තම දායකත්වය සැපයීය. ඔහු 2012 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 3 | ටෙස්ට් වැටුප: $9,000
- එක්දින තරග සංඛ්‍යාව: 3 | එක්දින වැටුප: $6,600
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුළත්ව – $45,000): $60,600
- බෲස් ඔක්සන්ෆෝඩ්

2012 වසරේ දී සයිමන් ටෝෆල්ගෙන් හිස්වූ ස්ථානය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු උත්තරීතර මණ්ඩලය සඳහා එක්වන බෲස් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ විනිසුරුවරයෙකු ලෙස සැලකේ.
ටෙස්ට් තරග 50කට වැඩි ප්‍රමාණයක් හා එක්දින තරග 100කට වැඩි ප්‍රමාණයක් සඳහා තම දායකත්වය දක්වා ඇති බෲස් 2015 හා 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ද තම දායකත්වය සැපයීය.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 5 | ටෙස්ට් වැටුප: $ 15,000
- එක්දින තරග සංඛ්‍යාව: 2 | එක්දින වැටුප: $ 4,400
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $ 0
- මුළු වැටුප (මූලික වැටුපද ඇතුලත්ව – $ 45,000): $ 64,400
- රොඩ් ටකර්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව විනිසුරුවරයෙකු ලෙස 2008 වසරේ දී තම වෘත්තීය ආරම්භ කරන රොඩ් 2010 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරුන්ගේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර තරග 175කට වැඩි ප්‍රමාණයක් සඳහා තම දායකත්වය දක්වා ඇති රොඩ් වර්තමානය වන විට විනිසුරු උත්තරීතර මණ්ඩලයේ වැඩිම තරග සංඛ්‍යාවකට දායකත්වය දැක්වූ ලැයිස්තුවේ දෙවැනියා ලෙස කටයුතු කරයි.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 4 | ටෙස්ට් වැටුප: $12,000
- එක්දින තරග සංඛ්‍යාව: 4 | එක්දින වැටුප: $8,800
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $ 45,000): $65,800
- පෝල් රයිෆල්

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කර ඇති පෝල් එහි දී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 104කි. එක්දින ජාත්‍යන්තර තරග 92ක දී ඔහු කඩුලු 106ක් ලබා ගැනීමට සමත්ව ඇත. 1999 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පෝල් 2002 වසරේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
තම පළමු පෙළ ක්‍රිකට් තරග දායකත්වය 2004 දී ආරම්භ කරන පෝල් 2009 දී ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ විය. 2013 දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු උත්තරීතර මණ්ඩලය වෙත ඇතුළත් විය.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 4 | ටෙස්ට් වැටුප: $12,000
- එක්දින තරග සංඛ්‍යාව: 4 | එක්දින වැටුප: $8,800
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $65,800
- රිචඩ් ඉලින්වර්ත්

1992 හා 1996 ලෝක කුසලාන එංගලන්ත සංචිතය නියෝජනය කිරීමට සමත් වූ රිචර් ඉලින්වර්ත් 1996 වසරෙන් පසුව ජාත්‍යන්තර තරග සඳහා එංගලන්තය නියෝජනය කර නොමැත. ඉන් අනතුරුව විනිසුරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කරන රිචඩ් 2006 වසරේ දී එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස පත්විය. 2009 වසරේ දී රිචඩ් කෙට්ල්බොරෝ සමඟින් ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කටයුතු ආරම්භ කරන රිචඩ් උත්තරීතර මණ්ඩලය සඳහා එක්වන්නේ 2013 වසරේ දී ය. මේ දක්වා රිචඩ් දායකත්වය දක්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 7කි.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 7 | ටෙස්ට් වැටුප: $21,000
- එක්දින තරග සංඛ්‍යාව: 0 | එක්දින වැටුප: $0
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $ 45,000): $66,000
- ක්‍රිස් ග්‍රැෆනි

ඩනේඩින් හිදී උපත ලැබූ ක්‍රිස් තම පළමු පෙළ තරග සඳහා ඔටාගෝ කණ්ඩායම නියෝජනය කළේය. නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ද පළමු පෙළ තරගවල දී කැපීපෙනෙන දස්කම් දැක්වීමට ක්‍රිස් සමත් විය.
කෙටි කලක් තුල විනිසුරුවරයෙකු ලෙස උපරිම තත්වයට ළඟා වූ ක්‍රිස් ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයට සමුදුන්නේ 2007 වසරේ දී ය. ඉන් වසර තුනකට පසුව තම පළමු ජාත්‍යන්තර තරගයට විනිසුරුවරයෙකු ලෙස එක්වන ක්‍රිස් ටොරන්‍ටෝ හි පැවති කැනඩාව හා අයර්ලන්තය අතර තරගයට සහභාගි විය.
2014 වසරේ දී තම පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගි වූ ක්‍රිස් ඔහුගේ දක්ෂතා නිසාවෙන් නිරන්තර ඇගයීමට ලක්විය. 2015 වසරේ දී විනිසුරු උත්තරීතර මණ්ඩලය සඳහා ඇතුළත් වූ ක්‍රිස් මේ වන විට ජාත්‍යන්තර තරග 100 කට වැඩි ප්‍රමාණයක් සඳහා තම දායකත්වය සපයා ඇත.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 5 | ටෙස්ට් වැටුප: $15,000
- එක්දින තරග සංඛ්‍යාව: 3 | එක්දින වැටුප: $6,600
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $66,600
- මරාස් ඉරාස්මස්

පළමු පෙළ තරග 53කට ක්‍රීඩා කර ඇති මරාස් එහි දී කඩුලු 131ක් දවා ගෙන ඇත. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දක්වා ඇති ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1913කි. A ලැයිස්තුවේ තරග 54කට ක්‍රීඩා කර ඇති මරාස් ඉරාස්මස් එහි දී ලකුණු 322ක් හා කඩුලු 48ක් දවා ගෙන ඇත.
2002 වසරේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන මරාස් පළමු ජාත්‍යන්තර තරගය සඳහා 2006 වසරේ දී සහභාගි විය. 2010 වසරේ දී ජාත්‍යන්තර විනිසුරු උත්තරීතර මණ්ඩලයට ඇතුළත් වන මරාස් මේ වන විට ජාත්‍යන්තර තරග 150කට වැඩි ප්‍රමාණයක් සඳහා තම දායකත්වය සපයා ඇත. 2018/19 වසරේ සිව්වැනි වැඩිම ආදායමක් සහිත විනිසුරුවරයා ලෙස මරාස් සඳහන් වේ.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 4 | ටෙස්ට් වැටුප: $12,000
- එක්දින තරග සංඛ්‍යාව: 5 | එක්දින වැටුප: $11,000
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $68,000
- රිචඩ් කෙට්ල්බොරෝ

ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට යොමුවන රිචඩ් පළමු පෙළ තරගයක් සඳහා මුල්වරට තම දායකත්වය සපයන්නේ 2002 වසරේ දී ය. 2006 වසරේ දී එංගලන්ත පළමු පෙළ විනිසුරු ලැයිස්තුවට ඇතුළත් වන කෙට්ල්බොරෝ 2009 වසරේ දී තුන්වැනි විනිසුරු හා රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
2010 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන කෙට්ල්බොරෝ, 2011 ලෝක කුසලානයේ තරග 4 කට තම දායකත්වය සැපයීය. එම වසරේම මැයි මාසයේ දී ජාත්‍යන්තර විනිසුරු උත්තරීතර මණ්ඩලය සඳහා පිවිසෙන කෙට්ල්බොරෝ මේ වන විට වඩාත් පළපුරුදු හා දක්ෂ විනිසුරුවරයෙකු ලෙස තරග රාශියකට තම දායකත්වය සපයා ඇත.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 5 | ටෙස්ට් වැටුප: $15,000
- එක්දින තරග සංඛ්‍යාව: 4 | එක්දින වැටුප: $8,800
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $68,800
- අලීම් ඩාර්

2004 වසරේ සිට ජාත්‍යන්තර විනිසුරු උත්තරීතර මණ්ඩලයේ කටයුතු කරන අලීම් ඩාර් 2005 හා 2006 වසරවල දී ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය සඳහා ද නිර්දේශ විය. එම අවස්ථාවේ දී ඔහු එම කුසලානය ජයග්‍රහණය නොකළ ද 2009 හා 2011 කාලය තුල දී එම සම්මානය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.
2000 වසරේ දී තම ජාත්‍යන්තර විනිසුරු වෘත්තීය ආරම්භ කරන අලීම් ස්ටීව් බුක්නෝර්ගේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් විනිසුරු ලෙස කටයුතු කිරීමේ වාර්තාව බිඳ දැමීමට ආසන්නව සිටී. වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් සඳහා විනිසුරු ලෙස කටයුතු කිරීමේ වාර්තාව රූඩි කොඑට්සන් සතු වන අතර අලිම් එම වාර්තාව ද බිඳ දැමීමට ආසන්නව සිටී.
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 4 | ටෙස්ට් වැටුප: $12,000
- එක්දින තරග සංඛ්‍යාව: 8 | එක්දින වැටුප: $17,600
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $74,600
- කුමාර් ධර්මසේන

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 31කට සහභාගි වී ඇති කුමාර් එහි දී ලකුණු 868ක් හා කඩුලු 69ක් ලබාගෙන ඇත. එක්දින තරග 141ක් තුල දී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1222ක් වන අතර කඩුලු 138ක් ද ලබාගෙන ඇත. 2006 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන කුමාර් ඉන් අනතුරුව තම වෘත්තීය ලෙස ක්‍රිකට් විනිසුරුවරයෙකු වීම තෝරාගත්තේය.
2009 වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ළාබාලතම විනිසුරුවරයා ලෙස ජාත්‍යන්තර තරග සඳහා දායකත්වය දැක්වීම ආරම්භ කළ කුමාර් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවල දී වැඩිම තරග සංඛ්‍යාවක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයා ද වේ.
තම තීක්ෂණ දැක්ම, නිවැරදි තීරණ හා ක්‍රීඩකයන් සමඟින් ගොඩනගාගෙන සිටින සුහදත්වය කුමාර් ලෝක ක්‍රිකට් විනිසුරුවන් අතර ඉහළින්ම ඔසවා තැබීමට සමත්ව ඇත.
2018/19 කාලයේ දී ලොව වැඩිම ආදායමක් සහිත ක්‍රිකට් විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන පත්ව ඇත. එම කාලය තුල දී ඔහු උපයා ගත් ආදායම ඇමරිකානු ඩොලර් 76,200කි. ශ්‍රී ලංකා මුදලින් කෝටියක් ඉක්මවා යන අගයක් (රුපියල් 13,789,152.00).
- ටෙස්ට් තරග සංඛ්‍යාව: 6 | ටෙස්ට් වැටුප: $18,000
- එක්දින තරග සංඛ්‍යාව: 6 | එක්දින වැටුප: $13,200
- විස්සයි විස්ස තරග සංඛ්‍යාව: 0 | විස්සයි විස්ස වැටුප: $0
- මුළු වැටුප (මූලික වැටුප ද ඇතුලත්ව – $45,000): $76,200
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















