“ඔවුන්ට තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ.” – කුක්

2070

2019 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායම ගැන හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් තම අදහස් පළකොට තිබේ. ඔහුට අනුව එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර එහි සියලු දෙනාම තරග දිනවන්නන් ය.

ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් එළඹෙන ලෝක කුසලානයට එක්වන එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ අවසන් එක්දින තරග 42න් 30කම ජය ලබා ඇත. 2015 දී කණ්ඩායම් වටයෙන්ම ඉවතට විසිවුනත්, එතැන් විට මේ දක්වා සැලසුම් සහගත ගමනක යෙදුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එකම ක්‍රීඩකයන් ප්‍රමාණයක් අතුරින් තම කණ්ඩායම ගොඩ නගාගෙන ඇත.

Sky Sports වෙත අදහස් දක්වමින් කුක් පවසා ඇත්තේ “එංගලන්තයට කැපී පෙනෙන අවස්ථාවක් තිබෙනවා” යනුවෙනි.

ස්ථාවර සංචිතයක් එක්ක එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානයකට යන පළමු වතාව මේකයි. එළියෙන් බලද්දී හැමදේම හොඳයි වගේ පේනවා. ඔවුන්ගේ හැම අංශයක්ම ආවරණය වෙලා තියෙනවා.” ඔහු කියයි.

ක්‍රිකට් උපන් එංගලන්තය මෙතෙක් පැවැත්වුණු පන්දුවාර 50 ලෝක කුසලාන වලින් එකක් හෝ ජයගෙන නැත. 2010 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය ඔවුන්ගේ ලොකුම ICC ශූරතාවයයි. 2004 දී ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවත් එහි දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ එංගලන්තය පරාජය ලැබුවේය.

ඔවුන්ට තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ. මේක මෝගන් සහ කණ්ඩායමට මනස්කාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හොඳ අවස්ථාවක්. මං හිතන්නේ ඔවුන් එය දිනාවි.” කුක් තවදුරටත් කීවේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<