අන්තර් සමාජ සත් සාමාජික රග්බි ශූරතාවය මහනුවරට

629

2019 ‘Dialog’ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය අද (30) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේ දී ‘CR&FC’ කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කරමින් අපරාජිතව එහි කිරුළ දිනා ගනිමිනි.

හැව්ලොක්, CR, මහනුවර හා පොලිස් A පළමු දිනයේ වැඩි ගෞරව

හැව්ලොක් ක්‍රීඩා සමාජ. CR&FC කණ්ඩායම, මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජ A කණ්ඩායම…

තරුණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් CR&FC කණ්ඩායමට තරගාවලියේ ශූරතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයට එතරම් අභියෝගයක් එල්ල කරන්නට හැකියාවක් නොලැබුණු අතර ඒ අනුව ලකුණු 24-14ක් ලෙස තරගයේ ජයත් සමඟින් තරගාවලියේ ශූරතාවය අපරාජිතව තහවුරු කරගන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී කවිඳු පෙරේරා සහ ලවංග පෙරේරා හරහා උත්සාහ දිනුම් 2ක් වාර්තා කරගනිමින් තරගයට සාර්ථකව අවතීර්ණ වූයේ ප්‍රතිවාදී CR&FC ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. (KSC 12 – 00 CR)

අනතුරුව පළමු අර්ධය අවසන් වන්නට පෙර CR&FC කණ්ඩායම වෙනුවෙන් නායක රීසා රෆයිඩීන් උත්සාහක දිනුමක් වාර්තා කරගත්තේ සිය කණ්ඩායම ද අවතීර්ණ කරමිනි. (KSC 12 – 07 CR)

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ද ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ මහනුවර ක්‍රීඩකයින් එහි දී තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගත්තේ CR&FC ක්‍රීඩකයින්ගෙන් තරගයේ ජයග්‍රහණය ඈතට රැගෙන යමිනි. ජේසන් දිසානායක සහ කවිඳු පෙරේරා විසින් එම උත්සාහක දිනුම් වාර්තා කර ගනු ලැබුහ. (KSC 24 – 07 CR)

අනතුරුව තරගය අවසන් වන්නට පෙර CR&FC කණ්ඩායමේ ජනිඳු දිල්ෂාන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබුවත් තරගයේ තීරණය වෙනස් කරන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. 

සම්පූර්ණ කාලය: මහනුවර ක්‍රීඩා සමාජය 24 (4T 2C) – 14 (2T 2C) ‘CR & FC’ කණ්ඩායම

තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියාට හා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනා ගනු ලැබුවේ තරගාවලිය පුරාවට විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා විසිනි. 

ශූරතා කුසලාන අවසන් මහා තරගයට පෙර පැවති පලිහ ශූරතාවය සඳහා පවත්වනු ලැබූ අවසන් තරගය ‘Malay CC’ කණ්ඩායම ලකුණු 00-24ක් ලෙස පරාජයට පත්කළ ගුවන් හමුදා ‘B’ කණ්ඩායම විසිනුත්, බඳුන ශූරතාවය සඳහා පවත්වනු ලැබූ අවසන් තරගය යුද හමුදා ‘B’ කණ්ඩායම ලකුණු 07-12ක් ලෙස පරාජයට පත්කළ පොලිස් ‘B’ කණ්ඩායම විස්නුත්, පළඟ ශූරතාවය සඳහා පවත්වනු ලැබූ අවසන් තරගය ගුවන් හමුදා ‘A’ කණ්ඩායම ලකුණු 19-24ක් ලෙස පරාජයට පත්කළ නාවික හමුදා ‘A’ කණ්ඩායම විසිනුත් දිනා ගනු ලැබීය.

Shield Final Malay C C 0 24 Air Force S C “B”
Bowl Final Army SC “B” 7 12 Police S C ” B “
Plate Final Air Force S C “A” 19 24 Navy SC “A”

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දෙවන දිනය සඳහා තරගාවලිය අද උදෑසන ආරම්භ වූයේ බඳුන/පලිහ ශූරතා කාණ්ඩ වල අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟින් ය. එහි දී එම තරග ජයග්‍රහණය කළ යුද හමුදා ‘B’, CH&FC B, නාවික හමුදා B සහ පොලිස් B කණ්ඩායම් බඳුන ශූරතා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිද්දී පරාජයන් අත්විඳී Malay CC, Galle RFC, පීටර්සන් SC සහ ගුවන් හමුදා B කණ්ඩායම් පලිහ ශූරතා අවසන් පූර්ව වටය කරා යොමු විය.

Army SC “B” 22 12 Malay C C
C H & F C “B” 38 19 Galle R F C
Navy SC “B” 38 7 Peterson S C
Police S C ” B”  19 5 Air Force S C “B”

අනතුරුව පැවති ශූරතා/පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ දී ජයග්‍රහණ හිමි කර ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය, CR&FC කණ්ඩායම සහ පොලිස් A කණ්ඩායම් ශූරතා කුසලාන අවසන් පූර්ව වටය කරා සුදුසුකම් ලබා ගනිද්දී, එම වටයේ තරග පරාජයට පත්වූ යුද හමුදා A, ගුවන් හමුදා A, නාවික හමුදා A සහ තරගාවලියේ පසුගිය වසරේ ශූරයින් වූ CH&FC A කණ්ඩායම් පලඟ ශූරතා අවසන් පූර්ව වටයට ගමන් කළේය.

Havelock SC 24 7 Army SC “A”
Kandy SC 32 0 Air Force S C “A”
Police S C “A” 28 12 CH & FC “A”
C R & F C 17 7 Navy SC “A”

පලිහ ශූරතා අවසන් පූර්ව වටයේ දී Malay CC සහ ගුවන් හමුදා B කණ්ඩායම් පිළිවෙළින් Galle RFC සහ පීටර්සන් SC කණ්ඩායම් පරාජයට පත්කරමින් එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

Malay C C 33 5 Galle R F C
Peterson S C 12 40 Air Force S C “B”

බඳුන ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ CH&FC B සහ නාවික හමුදා B කණ්ඩායම් පිළිවෙළින් පරාජයට පත්කළ යුද හමුදා B සහ පොලිස් B කණ්ඩායම් විසිනි. 

Army SC “B” 19 12 C H & F C “B”
Navy SC “B” 10 19 Police S C ” B “

පලඟ ශූරතා අවසන් මහා තරගයේ ස්ථාන වෙන්කර ගන්නට සමත් වූයේ යුද හමුදා A සහ CH&FC A කණ්ඩායම් පිළිවෙළින් පරාජයට පත්කරනු ලැබූ ගුවන් හමුදා A සහ නාවික හමුදා A කණ්ඩායම් විසිනි. 

Army SC “A” 15 21 Air Force S C “A”
CH & FC “A” 5 33 Navy SC “A”

ශූරතා කුසලාන අවසන් පූර්ව වටයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජයට පත්කරනු ලැබූ මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගනිද්දී අනෙක් තරගයේ දී පොලිස් A කණ්ඩායමෙන් එල්ල වූ තර්ජනය මැඩලූ CR&FC කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. 

Havelock SC 5 29 Kandy SC
Police S C “A” 12 26 C R & F C

දිනයේ සමස්ත ප්‍රතිඵල:

QF-Bowl/Shield – 1 Army SC “B” 22 vs 12 Malay C C
QF-Bowl/Shield – 2 C H & F C “B” 38 vs 19 Galle R F C
QF-Bowl/Shield – 3 Navy SC “B” 38 vs 7 Peterson S C
QF-Bowl/Shield – 4 Police S C ” B “ 19 vs 5 Air Force S C “B”
QF-Cup /Plate- 1 Havelock SC 24 vs 7 Army SC “A”
QF-Cup /Plate- 2 Kandy SC 32 vs 0 Air Force S C “A”
QF-Cup /Plate- 3 Police S C “A” 28 vs 12 CH & FC “A”
QF-Cup /Plate- 4 C R & F C 17 vs 7 Navy SC “A”
Shield Semi-1 Malay C C 33 vs 5 Galle R F C
Shield Semi-2 Peterson S C 12 vs 40 Air Force S C “B”
Bowl Semi-1 Army SC “B” 19 vs 12 C H & F C “B”
Bowl Semi-2 Navy SC “B” 10 vs 19 Police S C ” B “
Plate Semi-1 Army SC “A” 15 vs 21 Air Force S C “A”
Plate Semi-2 CH & FC “A” 5 vs 33 Navy SC “A”
Cup Semi-1 Havelock SC 5 vs 29 Kandy SC
Cup Semi-2 Police S C “A” 12 vs 26 C R & F C
Shield Final Malay C C 0 vs 24 Air Force S C “B”
Bowl Final Army SC “B” 7 vs 12 Police S C ” B “
Plate Final Air Force S C “A” 19 vs 24 Navy SC “A”
Cup Final Kandy SC 24 vs 14 C R & F C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<