ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුගෙන් පාසල් රග්බි වසන්තයට නව ජීවයක්

104
Dialog Axiata takes over Schools rugby

2020 නව පාසල් රග්බි තරග වාරය එළඹෙන මාර්තු මස 04 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. එය නව මං පෙතකට යොමු කරමින් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඩයලොග් ආසිආටා සමාගම විසින් දරන බවට අද (28) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.

පාසල් රග්බි මුල් පුටුව අලුත් වෙයි

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති බී…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලගැන්වීමේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම ක්‍රිකට්, රග්බි, වොලිබෝල් මෙන්ම ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩාවට සාඩම්බර අනුග්‍රහය දක්වා තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට නැවුම් මුහුණුවරක් ගෙනෙමින් 2012 වර්ෂයේ සිට අන්තර් සමාජ රග්බි ලීගය “ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගය” ලෙස සාර්ථකව පවත්වා ගෙන යන ඩයලොග් ආසිආටා සමාගම දැන් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් ද තම අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවට නව මානයකට පිවිසේවි යැයි විශ්වාස කෙරේ.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවතී සමාරම්භක උත්සවයෙන් පසු පැවතී මාධ්‍ය හමුවට සහභාගී වූ ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ අලෙවිකරණ නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය මෙසේ තම අදහස් පල කළාය.

“ඩයලොග් ආසිආටා සමාගම සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය අතර මෙම තුන් අවුරුදු අනුග්‍රාහක ගිවිසුම පාසල් රග්බි ලීගය හා පිලිමළුන් පිටුදැකීමේ තරගාවලි වෙනුවෙන් වන අතර, මෙය ශ්‍රී ලංකාවේ හෙට දවසේ ශූරයන් වෙනුවෙන් කරන ආයෝජනය සඳහා වූ අපගේ කැපවීමට සාක්ෂියකි. පාසල් මට්ටමින් පසු අන්තර් සමාජීය මට්ටම මෙන්ම ජාතික මට්ටමට පැමිණ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමට මෙය විශාල අඩිතාලමක් වනු ඇත.”

එසේම පැමිණ සිටි සියලු දෙනා ඇමතූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති B. A අබේරත්න මහතා,

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා බලගන්වන්නෙකු වන ඩයලොග් ආසිආටා සමාගම සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ අප ඉතාමත් සතුටු වන්නෙමු. පාසල් රග්බි තරගාවලිය යනු පාසලේ ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම අවධානය යොමු වන ඉසව්වක්. ශ්‍රී ලංකාවට ඵලදායී ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා මෙම ක්‍රීඩකයන් අතර හොඳ ක්‍රීඩා හා අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.” යනුවෙන් තම අදහස් දැක්විය.

2020 පාසල් රග්බි පිටිය උණුසුම් කරන කාලසටහන එළිදකියි

2020 වර්ෂය සඳහා වන පාසල් රග්බි තරග කාලසටහන නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා පාසල්…

කාණ්ඩ තුනක් යටතේ පාසල් 92ක් තරග වදින මෙම පාසල් රග්බි තරගාවලිය මාස තුනක කාලයක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් රග්බි ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වීමට මනා අඩිතාලමක් වනු ඇත.

නව ජවයක් සමගින් ආරම්භ වන “ඩයලොග්” අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය සඳහා කණ්ඩායම් 12ක් ඇතුළත් වන අතර ඔවුන් IA සහ IIA ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. එම කාණ්ඩ පසුගිය වසරේ ඔවුන් හිමිකර ගත් ස්ථාන අනුව වෙන්කර ඇත.

පසුගිය වසරේ පාසල් ලීග් රග්බි ශූරයන් වූ රාජකීය විද්‍යාලය IA කණ්ඩායම නියෝජනය කරන අතර ජනාධිපති කුසලානය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලය IIA කාණ්ඩය නියෝජනය කරයි.

එළඹෙන “ඩයලොග්” අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග කාලසටහන මෙසේයි. 

ස්ථානය  I ‘A’ කාණ්ඩය II ‘A’ කාණ්ඩය
1 රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
2 සාන්ත ජෝසප් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය
3 සාන්ත තෝමස් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය
4 ත්‍රිත්ව විද්‍යාලය විද්‍යා විද්‍යාලය
5 කිංග්ස්වුඩ් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය
6 සාන්ත අන්තෝනි විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය

එළඹෙන “ඩයලොග්” අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග කාලසටහන මෙසේයි. 

සතිය දිනය සත්කාරකත්වය  V ආගන්තුකයින්  ක්‍රීඩාංගණය
පළමු සතිය  මාර්තු 4, 2020 සාන්ත පීතර විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 5, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය/ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 6, 2020 වෙස්ලි විද්‍යාලය Vs විද්‍යාර්ථ විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 6, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය  පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 7, 2020 සාන්ත අන්තෝනි විද්‍යාලය Vs රාජකීය විද්‍යාලය නිත්තවෙල
මාර්තු 7, 2020 ඉසිපතන විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
දෙවන සතිය  මාර්තු 12, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 13, 2020 සාන්ත අන්තෝනි විද්‍යාලය Vs ත්‍රිත්ව විද්‍යාලය නිත්තවෙල
මාර්තු 14, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය නිත්තවෙල
මාර්තු 14, 2020 ධර්මරාජ විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය TBC
මාර්තු 14, 2020 වෙස්ලි විද්‍යාලය Vs ඉසිපතන විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 15, 2020 රාජකීය විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
තෙවන සතිය  මාර්තු 20, 2020 රාජකීය විද්‍යාලය Vs ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 20, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල
මාර්තු 21, 2020 විද්‍යා විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 22, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs ඉසිපතන විද්‍යාලය නිත්තවෙල
මාර්තු 23, 2020 කිංග්ස්වුඩ් විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 23, 2020 ධර්මරාජ විද්‍යාලය Vs වෙස්ලි විද්‍යාලය TBC
සිව්වන සතිය  මාර්තු 27, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs සාන්ත ජෝසප් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 27, 2020 කිංග්ස්වුඩ් විද්‍යාලය Vs සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල
මාර්තු 28, 2020 රාජකීය විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය  රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 28, 2020 වෙස්ලි විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 29, 2020 ඉසිපතන විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
මාර්තු 30, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය නිත්තවෙල
පස්වන සතිය අප්‍රේල් 4, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs රාජකීය විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 සාන්ත පීතර විද්‍යාලය Vs වෙස්ලි විද්‍යාලය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 සාන්ත තෝමස් විද්‍යාලය  Vs සාන්ත අන්තෝනි විද්‍යාලය තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 විද්‍යා විද්‍යාලය Vs විද්‍යාර්ථ විද්‍යාලය විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 5, 2020 ඉසිපතන විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<