නිමා වූ පාසල් ලීග් රග්බි තරගාවලියේ දක්ෂතා දැක්වූ තවත් දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙකු 2018/19 අන්තර් සමාජ ලීග් තරග වාරයේ දී CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
තුලෙයිබ්ගේ කහ කාඩ්පත කුසලාන සිහිනය බොඳ කරයි
හොංකොං නුවර කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න්..
පසුගිය පාසල් තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය ප්‍රථම ක්‍රීඩකයා වේ. ඔහු වයස අවුරුදු 18න් පහළ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති අතර නිමා වූ ආසියානු වයස අවුරුදු 20න් පහළ තරගාවලිය ද නියෝජනය කිරීම ද කැපී පෙනුණි. වේගය හා අවබෝධය තුලින් ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි වීම ද ගැමුණුගේ විශේෂත්වයකි.


“පාසල් තරග වාරයේ දී වැඩි දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු නිසාම පාසල් පිටියට වගේම CR&FC ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් ඔවුන් සාධාරණයක් කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.”
ආසියානු තරගාවලියට යන සංචිතයේ නායකයා “මුතූ”
18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය..
CR&FC ක්‍රීඩා සමාජය ගැන පැවසීමේ දී මෙවර ක්‍රීඩක හුවමාරු අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස පෙන්වා දිය හැකි අතර මේ වන විට ප්‍රබල පාසල් හා අන්තර් සමාජ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් CR ක්‍රීඩා සමාජය සතුවීම ද විශේෂත්වයකි.
නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි තරගාවලිය ජනිදු හා ගැමුණුගේ මංගල ක්‍රීඩා සමාජ අත්දැකීම නිසා ඉතා තියුණු තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට උරුම වනු ඇත.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















