අනුලා – රත්නාවලී ක්‍රිකට් ගැටුමට සියල්ල සුදානම්

2277

නුගේගොඩ අනුලා විද්‍යාලයත්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයත් අතර ප්‍රථම වරට පැවැත්වීමට නියමිත “රැජිණියන්ගේ සංග්‍රාමය”  මහා ක්‍රිකට් තරගයේ නිල මාධ්‍ය සාකච්ඡාව ඊයේ (25) පැවැත්විය. මහා ක්‍රිකට් තරගය මැයි මස 04 වන දා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සාර්ථක තරග දෙකකින් පසුව ගාල්ලට හා දඹුල්ලට ජය

එළඹෙන ශූරයින්ගේ කුසලානය සඳහා සුපිරි සංචිතයක් නම් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්..

මෙම මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි. තරගය පන්දුවාර 80කින් සමන්විත වන අතර ජයග්‍රාහක කණ්ඩායම තරගයේ අවසාන ප්‍රතිඵලයෙන් හෝ 01 වන ඉනිමේ ප්‍රතිඵලයෙන් තීරණය කරනු ඇත. Singer සමාගමේ අනුග්‍රාහකත්වය යට‍තේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වනු ඇත.

“මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වෙන ආකාරයට පැවැත්විය යුතුයි. අපි උත්සාහ කරන්නේ ලංකාවේ කාන්තා පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය වැඩිදියුණු කරලා ජාත්‍යන්තර තලය ජය ගැනීමට අවශ්‍ය දක්ෂතාවයන් හඳුනා ගන්න. මම කණ්ඩායම් දෙකටම මගේ සුබ පැතුම් එක් කරනවා. තරගය අවසානයේ කණ්ඩායම් දෙකෙන් දක්‍ෂම කණ්ඩායම ජයග්‍රහණය කරයි.” යනුවෙන් කාන්තා ක්‍රිකට් ප්‍රධානී අපසාරී තිලකරත්න මහත්මිය පැවසීය.

මෙම වසරේ පැවති කාන්තා පාසල් ක්‍රිකට් තරගාවලියේ අනුශූරියන් බවට පත්වීම හේතුවෙන් අනුලා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමි වේ. අනුලා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම අමාෂා දිල්ෂානිට පැවරී ඇති අතර චමෝදි හංසිකා කණ්ඩායමේ උපනායිකව ලෙස කටයුතු කරයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සහන් දේශප්‍රිය යි.

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අනුලා විද්‍යාලයේ හර්ෂිතා මාධවී සහ හසිනි පෙරේරා මෙම මහා ක්‍රිකට් තරගයේ දී තම දක්ෂතාවන් උපරිමයෙන් ප්‍රදර්ශනය කරන්නට සුදානමෙන් සිටියි.

රත්නාවලී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පබසාරි රණබාහුට පැවරී ඇති අතර උපනායිකව ලෙස කටයුතු කරන්නේ තිලිණි නිවර්තනා යි. චමින්ද පෙරේරා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ද මෙම වසරේ පැවති කාන්තා පාසල් ක්‍රිකට් තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 අතරට තේරී පත්වීමට සමත් විය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට