අලියාන්ස් පාපන්දු කඳවුරට ජර්මානු සහ බයන් තරු

216
Allianz Junior Football Camp

අලියාන්ස් රක්ෂණ සමාගම මෙවරත් සංවිධානය කරනු ලබන පාපන්දු පුහුණු කඳවුර මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට තීරණය කර ඇත.

මෙහි දී ක්‍රීඩකයින් හට ඉන්දුනීසියාවේ සහ ජර්මනියේ සුපිරි පාපන්දු තරු මුණගැසීමට අවස්ථාවක් උදාවනු ඇත. මෙහි දී පැවැත්වෙන පුහුණු සැසි ජර්මානු පාපන්දු කණ්ඩායම සහ බයන් මියුනිච් කණ්ඩායම් නියෝජනය කරන පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් විසින් පැවැත්වීමට නියමිතයි.

මෙම පුහුණු කඳවුර පැවැත්වෙන්නේ වයස අවුරුදු 14ත් 16ත් අතර ක්‍රීඩකයින් සඳහා ය. මේ සඳහා කාන්තා පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට අයැදුම් කළ හැක.

ඔබට ආසන්නයේම ඇති අලියාන්ස් රක්ෂණ සමාගම් ශාඛාවක් වෙත හෝ ඔවුන්ගේ වෙබ් අඩවිය (www.Allianz.lk) වෙත පිවිසීමෙන් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැක.

අයදුම් පත් ලබා ගැනීම සඳහා –

අයැදුම් පත් බාර ගන්නා අවසාන දිනය මෙම මස (ජුනි) 10 වන දිනයි.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට