සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ තවත් තරගයක් අද (19) පැවැත්වුනේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතරයි. මරදාන සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති මේ තරගයෙන් ලකුණු 26–12ක් ලෙස සත්කාරක ක්‍රීඩකයින් පරාජය කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.
හිරුෂගේ උත්සාහය අපතේ යවමින් ජය බම්බලපිටියට
සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන වටයේ තරගයක් අද (18) කොළඹ සාන්ත පීතර විද්‍යාලය…

ඉන් මිනිත්තු කිහිපයකට පසු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අතින් සිදු වූ අනිසි බලපෑමකින් සහිරා ක්‍රීඩකයන් හට දඬුවම් පහරක් ලැබුනත් එය සාර්ථක කර ගන්නට ඔවුන්ට නොහැකි වුනා.
නැවතත් ලකුණු පිපාසයෙන් කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර පිටියේ තරමක උණුසුම් තත්වයක් නිර්මාණය වූයේ විනිසුරුගේ තීරණයක් තරමක් විවාදයට ලක්වීම නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස සහිරා විද්‍යාලයීය පුහුණුකරුට කහ කාඩ්පතක් හිමි වීම කැපී පෙනෙන සිදුවීමකි.
දෙවන රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට
ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවන බ්‍රිතාන්‍ය…
කෙසේ වෙතත් ඉන්පසු සහිරා පසුපෙළින් සිදු වූ අතපසු වීමක වාසිය ලබා ගත් තරිඳු ද අල්විස් සාන්ත ජෝසප් විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම ලකුණු පුවරුවට එක්කළා. එහි ප්‍රවර්තනය සමීෂ විරඟන විසින් සාර්ථක කර ගත්තා. (12-00)
ඉන්පසු තවත් ඉක්මන් දිවීමකින් සහිරා ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය රශෙන් ගුණවර්ධන සාන්ත ජෝසප් විද්‍යාලයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කර අතර ප්‍රවර්තනයේ ලකුණු දෙකක ද සාර්ථක කරගන්නට විරඟන සමත් වුනා. (19-00)
පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 19 – 00 සහිරා විද්‍යාලය
පළමු අර්ධයේ වැරදි මග හරවා ගනිමින් දෙවන අර්ධය වෙනුවෙන් ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර ආරම්භයේ සිටම පිටියේ පාලනය තමන් සතු කර ගන්නා බවක් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගෙන් දිස්විය. ඒ අනුව දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම දිනා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩක දුලංජන පියතිස්ස සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක යි. (26-00)
සහිරා විද්‍යාලයේ දිගු නිහැඬියාව බිඳ දමමින් සහිරා ප්‍රේක්ෂකයින්ගේ සිතට සතුටක් ගෙන එමින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට අංක 8 ක්‍රීඩක මුහම්මර් ඩීන් සමත් වුනා. ඒ සාන්ත ජෝසප් ඉදිරි ආරක්ෂක වළල්ලම නරඹන්නන් බවට කරමිනි. එහි ප්‍රවර්තනය මින්හාජ් සම්සුදීන් විසින් සාර්ථක කරගත්තා. (26-07)

එම ලකුණු තත්වයත් සමඟින් මේ තරගය නිමාවට පත්වූයේ සහිරා ක්‍රීඩකයින්ට සිය විද්‍යාල බිමේ දී තවත් තරගයක අමිහිරි මතකයන් එක් කරමිනි. පසුගිය සතියේ ද රාජකීයයන් හමුවේ පරාජය වූ සහිරා ක්‍රීඩකයින්ට ඉදිරි සතියේ පවතින තරගයේ ජයග්‍රහණය නම් අත්‍යාවශ්‍ය එකක් වනු ඇත.
අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 26 (4T,3C) – 12 සහිරා විද්‍යාලය (2T,1C)
ThePapare.com තරගයේ වීරයා – සමීෂ විරඟන (සාන්ත ජෝසප් විද්‍යාලය)
ලකුණු රැස්කළ ක්‍රීඩකයන්
- සාන්ත ජෝසප් විද්‍යාලය – තරිඳු මධුරංග 1T, තරිඳු ද අල්විස් 1T, රශෙන් ගුණවර්ධන 1T, දුලංජන පියතිස්ස 1T, සමීෂ විරඟන 3C
- සහිරා විද්‍යාලය – මුහම්මර් ඩීන් 1T, අනස්දීන් මොහොමඩ් 1T, එස්. මින්හාජ් 1C
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















