නුගේගොඩ අනුලා විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අතර පළමු රැජිණියන්ගේ සටන (1st Queens’ Clash) පාසල් මහා තරගය, පසුගියදා (ඔක්තෝබර් 31) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ 1996 වසරේ එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ, ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග තරගය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.














