WATCH – සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට යන සංයුතිය ගැන දසුන්ගෙන් ඉඟියක්

138

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි හා අවසන් තරගය අද (07) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ අදහස් දැක්වූවා.