Video – මෙන්ඩිස්ව කණ්ඩායමේ රඳවා ගැනීමට ඔහුගේ පන්දු රැකීම ඉවහල් වුනා – චන්දිමාල්

3942

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවති ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අවසන් එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූනා. එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් පිළිබඳව හා කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ රැඳී සිටීමට තිබෙන ප්‍රධානතම සාධකය ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.