Video – පන්දු 4ක් යැවිය හැකි අභිරහස් දඟයා, මහීෂ් තීක්ෂණ – Powerplay

3047

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය නියෝජනය කරන 18 හැවිරිදි මහීෂ් තීක්ෂණ මේ වන විට දේශීය තරගබිමේ බහුලව කතාබහට ලක්වන අමුතු පන්දු යැවීමක (Mystery spinner) නිරත වන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතා ලාබාල වියේදීම කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට තම දායකත්වය ලබා දෙන මහීෂ්, අයර්ලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරගයේදී දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඔහුගේ ක්‍රිකට් දිවියේ මෙන්ම ඉන් එපිට දිවියේ වතගොත අප සමඟ බෙදාගැනීමට Powerplay සමග එකතු වුණේ මෙහෙමයි.