මුල්ම ක්‍රිකට් ලෝක කුසලානය රැගෙන ආ නායකයා – අර්ජුන රණතුංග

6204
1982 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අර්ජුන රණතුංග දක්ෂ වමත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 269ක් හා ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 12,561ක් රැස්කරගත් රණතුංග වර්ෂ 1996 ලෝක කුසලානය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ  නායකයායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින රණතුංග කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ නවවන දිගහැරුම.