අභිශේක් සහ අනුක් දක්ෂතා දක්වයි

U 23 Emerging Club Tournament 2025

49

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය පළමු දිනයට (9) අවසන් වන විට පළමු ඉනිමේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන Sebastianites C & AC ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.  

ඒ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි Moratuwa SC ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 177ට පිළිතුරු ලෙසයි.  

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Moratuwa SC කණ්ඩායම වෙනුවෙන් අභිශේක් ලියනාරච්චි පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ආරම්භක පිතිකරු මලිත පෙරේරා පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.  

පන්දු යැවීමේ දී අනුක් දේවනාරායන ලකුණු 54කට කඩුලු 6ක් දවා ගත් අතර ඊට අමතර ව නුවන් දිනෙත් කඩුලු 3ක් සහ චාරුක පීරිස් කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිමේ දී ලකුණු 17කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට කවිඳු ගයාත්‍ර සහ සෙනේශ් හෙට්ටිආරච්චි සමත් වෙනවා.  

කවිඳු ගයාත්‍ර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර සෙනේශ් හෙට්ටිආරච්චි පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.  

තරගය පළමු දිනයට නිමා වන විට ලශ්මික පෙරේරා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ලසේන් ගුණරත්න සහ උශාන් සත්සර කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (53.5) මලිත පෙරේරා 30, අමිත දාබරේ 22, අභිශේක් ලියනාරච්චි 73, මනීන්ද්‍ර ජයතිලක 20, අනුක් දේවනාරායන 6/54, නුවන් දිනෙත් 3/33
  • Sebastianites C & AC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 110 (26.0) කවිඳු ගයාත්‍ර 20, සෙනේශ් හෙට්ටිආරච්චි 25, ලශ්මික පෙරේරා නොදැවී 24, ලසේන් ගුණරත්න 3/23, උශාන් සත්සර 3/34

තරගය දෙවැනි දිනයටත් (10) ක්‍රියාත්මක වේ.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<