චාමික, කවීෂ සහ දමේස් දවස වර්ණවත් කරයි

U19 School Cricket 2026

2
U 19 School Cricket - 12th February

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (12) දවසේ දී චාමික හීනටිගල සහ කවීෂ පෙරේරා ශතක රැස් කළ අතර පන්දු යැවීමේ දී දමේෂ් මතීසාන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔවුන් අතුරින් කොළඹ මහානාම විද්‍යාලයේ චාමික හිනටිගල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා.

ඊට අමතර ව මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කවීෂ පෙරේරා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනාට අමතර ව කොළඹ මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා (79), සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලශේන් ප්‍රනාන්දු නොදැවී 88, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ සාවියෝ ප්‍රනාන්දු (53), කොළඹ ඉසිපතන විද්‍යාලයේ යුවීන් කේශාන් (75) සහ ජනිත් සේලක (නොදැවී 89) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර පෙර දිනයේ ශතකයක් වාර්තා කළ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආරම්භක දකුණත් පිතිකරු දමේෂ් මතීසන් අද පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි ව ලකුණු 52කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව කොළඹ ඉසිපතන විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යවන උජිත් හෙට්ටිආරච්චිගේ ද ලකුණු 68කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද (12) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 304 (80.0) කවීෂ පෙරේරා 121, අදේශ් අල්මේදා 38, ලශේන් ප්‍රනාන්දු නොදැවී 88, හමීඩ් අෆ්ඩාල් 2/33
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 57 (13.0) මියුරු බණ්ඩාර නොදැවී 33

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 247ක් පිටුපසින්.

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 282 (80.0) සවි ප්‍රනාන්දු 32, අසදිස තේජාන් 109, ජේසන් ප්‍රනාන්දු 82, සහස් ඉඳුවර 2/67, ලෙශාන් සත්සර 2/43

මෙම තරග හෙට (13) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

අද (12) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලයට අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – කොළඹ මහානාම විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (78.2) චනුත් ඇහැලියගොඩ 22, අවිනාශ් ප්‍රනාන්දු 21, ආරන් කොඩිතුවක්කු 61, රෙශොන් සොලමන් 38, චාමික හීනටිගල 2/54, තෙනුජ රශ්මින් 2/21, වෙනුර කවීත්‍ර 4/45
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 340 (59.0) සිනෙත් වීරරත්න 27, දුල්නිත් සිගේරා 79, වෙනුර කවීත්‍ර 20, චාමික හීනටිගල නොදැවී 117, සනුල් වීරරත්න 31, ගිමන්ත දිසානායක නොදැවී 36, අභීත් පරණවිදාන 3/93, රපියෙල් හෙට්ටිගේ 2/68
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 118 (51.0) රෙශෝන් සොලමන් 24, රපියලේ හෙට්ටිගේ නොදැවී 41

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කොළඹ මහානාම විද්‍යාලයට.)

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය කොළඹ Colts පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 325 (65.2) දමේෂ් මතීසන් 144, සස්මිත ප්‍රනාන්දු 31, නේතන් ප්‍රනාන්දු 71, අමල් දෙනුවන් 38, මලීෂ සඳරුවන් 3/45, උජිත් හෙට්ටිආරච්චිගේ 2/68, තරුන් රශ්මින 2/22
  • ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 134 (27.0) තරුන් රශ්මින 36, මලීෂ සඳරුවන් 46, යුවීන් කෙශාන් 75, ජනිත් සේලක නොදැවී 89, දමේෂ් මතීසන් 6/52
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 178 (39.1) දමේෂ් මතීසන් 33, අනුහස් නවරත්න 30, සාවියෝ ප්‍රනාන්දු 53, තේතන් ප්‍රනාන්දු 25, තරුන් රශ්මින 2/23, උජිත් හේට්ටිආරච්චිගේ 5/68, දිනෙත් පබෝද් 2/48

තරගයේ විසඳුමක් නෑ. (වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<