එනෝෂ් සහ දුල්සත් දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (5) ආරම්භ වුණා.  

එහි දී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ එනෝෂ් පීටර්සන් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත් අතර එය අද දවසේ පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුණා.

මේ අතර පන්දු යැවීමේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

අද ආරම්භ වූ තරග ද්විත්වයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණය යැවීමට හැකි වූයේ නැහැ.

අද (05) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දි. (Traditional)

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (74.5)එනෝෂ් පීටර්සන් 75, සදීශ සිල්වා 27, චනුල් නෙත්මිණ 3/29, දුල්සත් නිම්විරු 4/29
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 13 (2.0)

සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 181ක් පසු පසින්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය, වීරකැටිය, මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 119 (43.0)පුනාල් පමුදිත 20, තත්සර දෙව්මිත් නොදැවී 20, කුමේෂ් නුවන්ජන නොදැවී 25, දියත් සංජිත 2/18, පුල්ජිත් වත්සුක 2/17

අද ආරම්භ වූ මෙම තරග ද්විත්වය හෙට (06) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<