ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (22) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී Galle කණ්ඩායමේ රිශ්මි සංජනා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වද්දී, Colombo කණ්ඩායමේ දිනිති නාගසිංහම් පන්දු යැවීමේ දී දක්ෂතා දක්වනවා.
Galle U 19 Girls සහ Kandy U 19 Girls අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් Kandy ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නා ලද අතර ඒ අනුව පිටියට පිවිසි Galle ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 121ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Kandy ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි.
Galle ඉනිම වෙනුවෙන් නායිකා රිශ්මි සංජනා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගන්නවා. ඊට අමතර ව නෙතගි ඉසුරාංජලී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඇය, ලක්ණි නිම්සරා (15) සමඟ සිව් වැනි කඩුල්ලට පන්දු 45කදී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී ධරණි දිසානායක ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ප්‍රමුධි මෙත්සරා කඩුලු 2ක් ද සහ සනුකි පතිරගේ සහ අසේන් තලගුණේ කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු Kandy ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ විමෝක්ෂා බාලසූරිය. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා. ඊට අමතර හිරුණි දිසානායක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නා ලද අතර අනෙක් කිසිඳු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී රිශ්මි සංජනා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව දිනිති ප්‍රතිභාශනී කඩුලු 2ක් ද සහ එස්. වර්ශනී කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Galle U 19 Girls–කඩුලු 8ක් දැවී 121 (20.0) නෙතඟි ඉසුරාංජලී 25, ලක්ණි නිම්සරා 15, රිශ්මි සංජනා නොදැවී 30, ධරණි දිසානායක 3/27, ප්‍රමුදි මෙත්සරා 2/21
- Kandy U 19 Girls – සියලුම දෙනා දැවී 85 (20.0) හිරුණි දිසානායක 16, විමෝක්ෂා බාලසූරිය 32, රිශ්මි සංජනා 4/14, දිනිති ප්‍රතිභාෂිනී 2/06
Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 36ක ජයක්.
- පළමු ජය Dambulla U 19 කණ්ඩායමට
- Youth පිටියේ පෑයු තරු
- මැතිව්ස්; පුරාවෘත්තාන්තයක නිමාව
- වනිඳුලා Major Clubs T20 ශූරතාව දිනා ගනී
- කෝඩුකාරයෝත් දක්ෂතා දක්වයි
Dambulla U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් Dambulla කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 101ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Dambulla කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo කණ්ඩායමේ ලකුණු 44කට කඩුලු 6ක් දැවී තිබිය දී එම ඉනිම ගොඩ ගැනීමේ ගෞරවය යෙසලි ජිතාරා සහ නෙතුකි කුඩලිගම ට හිමි වෙනවා. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ලට පන්දු 57කට දී ලකුණු 55ක් ලබා ගන්නවා.
එහි දී නෙතුකි කුඩලිගම පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ යෙසලි ජිතාරා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නෙත්මි උපේක්ෂා සහ දනෝද්‍යා සෙව්මිණි කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර, ඊට අමතර ව තරුෂි උත්පලා, වගීෂා ජයවර්ධන සහ කෙශලි සනුලි කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු Dambulla ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන්නේ දිනිති නාගසිංහ. ඇය ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායිකා ලිමංසා තිලකරත්න සහ යෙසලි ජිතාරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර විනුදි වීරසූරිය ද කඩුල්ලක් දවා ගත්තා.
Dambulla ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූයේ චතුමිණි සඳකිරණි. ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ප්‍රතිවාදී අගනුවර ක්‍රීඩිකාවෝ ඉඩ සැලසුවේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo U 19 Girls – කඩුලු 8ක් දැවී 101 (20.0)උමයංගනා පීරිස් 11, යෙසලි ජිතාරා නොදැවී 24, නෙතුකි කුඩලිගම 27, දනෝද්‍යා සෙව්මිණි 2/24, නෙත්මි උපේක්ෂා 2/15
- Dambulla U 19 Girls –සියලුම දෙනා දැවී 44 (12.2)චතුමිනී සඳකිරණි 13, දිනිති නාගසිංහ 4/18, යෙසලි ජිතාරා 2/07, ලිමංසා තිලකරත්න 2/12
Colombo U 19 Girls කණ්ඩායමට ලකුණු 57ක ජයක්.
මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් මේ මස 24 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<