ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (24) අවසන් වූ අතර එහි දී දිනයේ කැපී පෙණෙන ඉනිමක නිරත වීමට තෙවිඳු වේවැල්වල සහ හිමරු දේශාන් සමත් වෙනවා.
මේ අතර පැවැති තරගවල දී Colombo South U 17s කණ්ඩායම ලකුණු 28ක ජයක් සහ Kandy U 17s කණ්ඩායමට ලකුණු 117ක ජයක් වාර්තා කරනවා.
Dambulla U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo South කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 226ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Dambulla කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 198ක් පමණයි.
ඒ අනුව එම තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo South කණ්ඩායම සමත් වෙනවා.
Dambulla U 17s කණ්ඩායම
දම්ලත් ගමගේ (නායක), හිමත් පණ්ඩිතරත්න, අමල් පෙරේරා, ශෙනාන් ප්‍රනාන්දු, පුදසර අයෝද්‍ය, ඉශාන් ඛාන්, චමොද් ප්‍රභාෂ, ඩිහාන් මුණසිංහ, මුරලි තිසෝන්, තේජාන් බණ්ඩාර සහ උදයකුමාර තරනිගන්.
Colombo South U 17s කණ්ඩායම
රෙහාන් පිරිස් (නායක), හිරුන් මතීෂ, රුසිඳු සිල්වා, චමත් වෙල්ලාලගේ, තෙවිඳු වෙවැල්වල, ස්ටීවන් පීරිස් (කඩුලු රකින්නා), හිමරු දේශාන්, සෙහඳු සූරියාරච්චි, ගිම්හාන් මෙන්ඩිස්, මතීෂ අපෝන්සු සහ ඔෂඳ මනහර.
පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo South ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 63ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී Dambulla ක්‍රීඩකයෝ සමත් වෙනවා. නමුත් 6 වැනි කඩුල්ලට පිටියට එක් වූ තෙවිඳු වේවැල්වල සහ හිමරු දේශාන් එක් ව පන්දු 153ක දී ලකුණු 132ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම ගෞරවනීය තත්ත්වයකට ගෙන එනවා.
එහි දී තෙවිඳු වේවැල්වල පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.
අනතුරු ව 7 වැනි කඩුල්ලට පන්දු 22ක දී නොදැවුණ ලකුණු 31ක් ලබා ගැනීමට හිමරු දේශාන් සහ ඔෂඳ මනහර සමත් වුණා. ඔවුන්ගේ ඉනිම අවසන් වන විට හිමරු දේශාන් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා සිටි අතර ඔෂඳ මනහර ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5ක්.
කඩුලු දවා ගැනීමේ දී ඩිහාන් මුණසිංහ ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව මුරලි තිසෝන්, චමෝද් පබසර සහ උදයකුමාර තරනිගන් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු Dambulla ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දැවී ගිය ද එතැන් සිට ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගීමට අමල් පෙරේරා සහ ශොනාන් ප්‍රනාන්දු සමත් වෙනවා. පන්දු 100කින් සුසැදි එම සබඳතාව බිඳී යන්නේ අමල් පෙරේරා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමෙනුයි.
අනතුරු ව ශෙනාන් ප්‍රනාන්දු 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී එහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
Dambulla ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉශාන් ඛාන්. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහු පුදසර අයෝද්‍ය සමඟ එක්වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 48ක සබඳතාවයක් ද ගොඩ නගනවා. එහි දී පුදසර අයෝද්‍ය පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
Dambulla ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී රුසඳු සිල්වා ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව හිමරු දේශාන්, මතීෂ අපෝන්සු සහ ඔෂඳ මනහර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo South U 17s කණ්ඩායම – කඩුලු 6ක් දැවී 226 (49.1) රුසඳු සිල්වා 25, තෙවිඳු වේවැල්වල 84, හිමරු දේශාන් නොදැවී 80, ඩිහාන් මුණසිංහ 3/30
- Dambulla U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 198 (48.4) අමල් පෙරේරා 22, ශෙනාන් ප්‍රනාන්දු 40, පුදසර අයෝද්‍ය 34, ඉශාන් ඛාන් 53, ඔෂඳ මනහර 2/34, හිමරු දේශාන් 2/15, රුසඳු සිල්වා 3/28, මතීෂ අපෝන්සු 2/21
Colombo South U 17s කණ්ඩායමට ලකුණු 28ක ජයක්.
- හිමත්, හිරුන්, කෞෂික සහ හිමරු දක්ෂතා දක්වයි
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- කෙනුල් සහ රනුක් ශතකලාභීන් අතරට
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- U 19 Youth පිටිය කළඑළි කළ ක්‍රීඩිකාවෝ
Colombo North U 17s කණ්ඩායම සහ Kandy U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Kandy කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 221ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colombo North කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 104ක් පමණයි.
ඒ අනුව එම තරගයෙන් Kandy ක්‍රීඩකයෝ ලකුණු 117ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
Kandy U 17s කණ්ඩායම
දිනුල් විජේසිංහ (නායක සහ කඩුලු රකින්නා), යෙනුල හේවාවිතාරණ, චනුල් කොඩිතුවක්කු, ගවේශ් පූර්ණ, ප්‍රවීන් ගමගේ, පියුමක කරුණාරත්න, සනිතු ගුණතිලක, සංජන සචින්ද්‍ර, දිල්මිත් විමෝෂ්, කෙනුල පිහිලියංග සහ ඉමෙත් රාජපක්ෂ.
Colombo North U 17s කණ්ඩායම
ලිතුම් සෙනුජ (නායක), කෞෂික තිලකරත්න, කවිත් ද සිල්වා, හංසක පෙරේරා (කඩුලු රකින්නා), සංතුල් විජේරත්න, සනුල් වීරරත්න, ශවීන් පෙරේරා, පංචම ජයවික්‍රම, ලහිරු ලක්මාල්, මිනුග නෙත්සර සහ සවිඳු සත්සර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy ඉනිමට කදිම ආරම්භයක් ලබා ගැනීමට පළමු කඩුල්ල සඳහා එක් වූ යෙනුල හේවාවිතාරණ සහ චනුල් කොඩිතුවක්කු සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 73ක දී ලකුණු 65ක් ලබා ගන්නවා.
එහි දී චනුල් කොඩිතුවක්කු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ද සහ යෙනුල හේවාවිතාරණ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව සනිතු ගුණතිලක පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද, පියුමක කරුණාරත්න පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ ගවේශ් පූර්ණ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශවීන් පෙරේරා, ලහිරු ලක්මාල් සහ සවිඳු සත්සර කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව සංතුල් විජේරත්න සහ මිනුග නෙත්සර කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo North කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 24ක් වෙද්දී අහිමි වෙන අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ සංතුල් විජේරත්න. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ඉනිම අවසන් වන විට ශවීන් පෙරේරා පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දිල්මිත් විමෝෂ්, සනිතු ගුණතිලක, චනුල් කොඩිතුවක්කු සහ කෙනුල පිහිලියංග කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Kandy U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 221 (48.4) යෙනුල හේවාවිතාරණ 23, චනුල් කොඩිතුවක්කු 36, ගවේශ් පූර්ණ 24, පියුමක කරුණාරත්න 25, සනිතු ගුණතිලක 37, සවිඳු සත්සර 2/56, ශවීන් පෙරේරා 2/20, ලහිරු ලක්මාල් 2/37
- Colombo North U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 104 (29.5) සංතුල් විජේරත්න 33, ශවීන් පෙරේරා නොදැවී 27, චනුල් කොඩිතුවක්කු 2/25, කෙනුල් පිහිලියංග 2/27, සනිතු ගුණතිලක 2/14, දිල්මිත් විමෝෂ් 2/13
Kandy U 17s කණ්ඩායමට ලකුණු 117ක ජයක්.
මෙම තරගාවලියේ හෙට (25) විවේක දිනයක් ලෙසින් නම් කර ඇති අතර නැවත තරග ආරම්භ වෙන්නේ අගෝස්තු 26 වැනිදායි. එදිනට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Kandy U 17s කණ්ඩායම සහ Galle CC U 17s කණ්ඩායම අතර තරගයත්, කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Colombo North U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<