ඉෂාර සහ රන්මිත් ශතක රැස් කරයි

Tier B - 3 Day Tournament 2025/26

365
Tier B - 3 Day Tournament 2025/26 - 8th Dec

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග නිමාවේදී ඉෂාර මෙන්ඩිස් සහ රන්මිත් ජයසේන ද ශතක වාර්තා කළා.  ඒ SL Army සහ SL Navy අතර සහ Ragama සහ Negombo කණ්ඩායම් අතර පැවැති තරගවලදීයි. එම තරග ද්විත්වය ම විසඳුමකින් තොරව අවසන් වුණා.

එහි දී SL Army කණ්ඩායමේ ඉෂාර මෙන්ඩිස් SL Navy කණ්ඩායමට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත් අතර Ragama කණ්ඩායමේ රන්මිත් ජයසේන Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා.

මේ අතර SL Army කණ්ඩායමේ ක්‍රිශේන් අපෝන්සු (83), SL Navy කණ්ඩායමේ මයුර මල්ශාන් (73), Ragama කණ්ඩායමේ විකුම් සංජය (50), Negombo CC කණ්ඩායමේ කවීන් ප්‍රනාන්දු (63), පසිඳු තිරිමාදුර (87) සහ උමේෂ් ලක්ෂාන් (නොදැවී 57) අර්ධ ශතක ඉනිම් රැස් කළා.

කඩුලු දවා ගැනීමේ දී SL Navy කණ්ඩායමේ පුර්ණ චාරුක (5/47) සහ Negombo කණ්ඩායමේ හංසජ හිරුන් (5/97) ද දක්ෂතා දැක් වූවා.

SL Navy SC සහ SL Army SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (68.3) පැතුම් ඩිල්ශාන් 30, ඉෂාර මෙන්ඩිස් 128, ක්‍රිශේන් අපෝන්සු 83, තිසර පෙරේරා 29, පූර්ණ චාරුක 5/47, ඩිලංක අවර්ඩ්ට් 3/85
  • SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (93.2) තෙවිඳු දික්වැල්ල 37, මයුර මල්ශාන් 73, ඩිලංක අවර්ඩ්ට් 31, බවන්ත ජයසිංහ 24, පූර්ණ චාරුක 39, ෂෙහඳ සොයිසා 3/31, ගයාන් චන්ද්‍රබෝස් 2/41, මල්ක මදුශංක 4/69
  • SL Army SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී‍ 170 (50.2) පැතුම් ඩිල්ශාන් 32, මනුශ්ක සමිත් 31, අසේල ගුණරත්න 46, ෂෙහඳ සොයිසා 29, පූර්ණ චාරුක 4/25, ඩිලංක අවර්ඩ්ට් 2/45
  • SL Navy SC – කඩුලු 7ක් දැවී 174 (60.0) වරුණ මයන්ත 40, ජමිත් ඩිල්ශාන් 23, පූර්ණ චාරුක නොදැවී 28, ඉශාන් අබේසේකර 44, ෂෙහද සොයිසා 2/52, මල්ක මදුශංක 4/28

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ Ragama CC අතර තරගය කොළඹ BRC  පිටියේ දී.

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (61.3) කවීන් ප්‍රනාන්දු 41, පසිඳු තිරිමාදුර 22, කේශාන් වන්නිඅරච්චි 27, උමේෂ් ලක්ෂාන් 25, දිමුත් සඳරුවන් 27, විකුම් සංජය 2/45, උපුල් ඉන්ද්‍රසිරි 3/45, කොශාන් ජයවික්‍රම 3/54
  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (75.5) මදුරංග සොයිසා 21, රන්මිත් ජයසේන නොදැවී 121, කොශාන් ජයවික්‍රම 22, විකුම් සංජය 50, හංසජිත් ගිරුන 5/97, අමිත සංදීප පෙරේරා 2/66
  • Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 303 (73.0) කවීන් ප්‍රනාන්දු 63, පසිඳු තිරිමාදුර 87, අමිත සංදීප පෙරේරා 41, උමේෂ් ලක්ෂාන් නොදැවී 57, ඇන්ජලෝ ජයසිංහ 49, උපුල් ඉන්ද්‍රසිරි 2/91

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<