ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග නිමාවේදී Negombo කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යැවූ අමිත සංදීප Sebastianite කණ්ඩායමට එරෙහි ව තරගයේ දී ලකුණු 117කට කඩුලු 14ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඔහු පළමු ඉනිමේ දී ලකුණු 30කට කඩුලු 8ක් දවා ගනිමින් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 87කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතා ව දැක් වූවා.
නිමා වූ තරගවල දී ශතක 5ක් වාර්තා වූවා. ඒ අනුව Negombo කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ Sebastianite කණ්ඩායමට එරෙහි ව පන්දු 303කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟ ලකුණු 133ක් ද, SL Army කණ්ඩායමේ ක්‍රිශේන් අපෝන්සු Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ද, SL Navy කණ්ඩායමේ ආරම්භක පිතිකරු තෙවිඳු දික්වැල්ල Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 113ක් ද, Kandy Customs අවිඳු තීක්ෂණ SL Army කණ්ඩායමට එරෙහි ව පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟන් ලකුණු 111ක් ද සහ United Southern කණ්ඩායමේ නිපුන ගමගේ Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.
ඊට අමතර ව Ragama කණ්ඩායමේ කවිඳු රණසිංහ (65), Moratuwa කණ්ඩායමේ රශ්මික මෙවන් (72), පුබුදු බණ්ඩාර (96) සහ චානක රුවන්සිරි (99), Leo කණ්ඩායමේ හිරුන් සිගේරා (94), අශේන් මෙන්ඩිස් (79) සහ අකීල් ඉන්හාම් (නොදැවී 78), SL Navy කණ්ඩායමේ වරුණ මයන්ත (92) සහ සුමල්ක ප්‍රනාන්දු (60), Colombo Malay කණ්ඩායමේ වෝෂිත අමරසිංහ (87), තිමිර මල්ශාන් (77 සහ නොදැවී 66) සහ යෙසිත් රූපසිංහ (64), Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන් (85), Sebastianite කණ්ඩායමේ මනෙල්කර් ද සිල්වා (73), Kandy Customs කණ්ඩායමේ මලිඳු මදුරංග (50), කනිෂ්ක මදුවන්ත (50) සහ යශෝධ මෙන්ඩිස් (නොදැවී 54) සහ SL Army කණ්ඩායමේ ජනිත් ද සිල්වා (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී අමිත සංදීප ට අමතර ව United Southern කණ්ඩායමේ කවිඳු එදිරිවීර කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.
- SSC පිට පිට 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි
- ශ්‍රී ලංකා යෞවනයන් ආසියා කුසලානයේ පළමු ජය ලබයි!
- ඉෂාර සහ රන්මිත් ශතක රැස් කරයි
- SSC කණ්ඩායමට ඉනිමක ජයක්
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
United Southern SC සහ Ragama CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (68.0) හසිත පෙරේරා 34, කවිඳු රණසිංහ 65, රන්මිත් ජයසේන 38, තරුෂ් දමිඳු 4/45, ධනෝෂ් ද සිල්වා 3/38, කවිඳු එදිරිවීර 2/64
United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 265 (74.3) ආදිත්‍ය සිරිවර්ධන 24, නිපුන් ගමගේ 110, දෙනුවන් රාජකරුණා 23, කවිඳු එදිරිවීර 43, විකුම් සංජය 3/55, උපුල් ඉන්ද්‍රසිරි 2/59, කොශාන් ජයවික්‍රම 2/79, මලීෂ සිල්වා 2/17
Ragama CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (44.5) සමීන් කඳනාරච්චි 57, දනෝෂ් ද සිල්වා 3/38, තරුෂ දමිඳු 2/24, කවිඳු එදිරිවීර 5/69
United Southern SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 58 (12.1) සසංක නිර්මාල් නොදැවී 23
United Southern කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Leo CC සහ Moratuwa SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (34.1) රශ්මික මෙවන් 72, මංගල ප්‍රදීප් 4/40, මල්ශාන් ගුණසිංහ 3/18, සෙනාශ් ප්‍රනාන්දු 3/34
Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (115.4) හිරුන් සිගේරා 94, අශේන් මෙන්ඩිස් 79, අකීල් ඉන්හාම් නොදැවී 78, නෙත්ම කරුණාරත්න 32, නවින් කවිකාර 4/106, මෙතුශ තිලිණ 2/45, ඉමේෂ් උදයංග 2/56
Moratuwa SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 282 (68.5) පුබුදු බණ්ඩාර 96, චානක රුවන්සිරි 99, ප්‍රවීන් ද සිල්වා 2/47, මංගල ප්‍රදීප් 3/73, සෙනාශ් ප්‍රනාන්දු 3/54, මල්ශාන් ගුණසිංහ 2/77
Leo CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 45 (6.3) හිරුන් සිගේරා නොදැවී 36
Leo කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Colombo Malay CC සහ SL Navy SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 301 (70.1) වරුණ මයන්ත 92, තෙවිඳු දික්වැල්ල 113, පූර්ණ චාරුක 21, ඉශාන් අබේසේකර 34, සුදාර දක්ෂිණ 3/31, යෙසිත් රූපසිංහ 4/54
Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (42.2) වෝෂිත අමරසිංහ 87, තිමිර මල්ශාන් 77, ඩිලංක අවර්ඩ්ට් 5/59, ඉශාන් අබේසේකර 3/35
SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 209 (60.1) තෙවිඳු දික්වැල්ල 27, සුමල්ක ප්‍රනාන්දු 60, පූර්ණ චාරුක 26, ඉශාන් අබේසේකර 33, යෙසිත් රූපසිංහ 3/50, සුදාර දක්ෂිණ 4/30, චානක දේවින්ද 2/62
Colombo Malay CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 286 (68.0) කෙවින සැමුවෙල් 42, යෙසිත් රූපසිංහ 64, ටෙරොන් බාස්කරන් 34, තිමිර මල්ශාන් නොදැවී 66, චානක දේවින්ද නොදැවී 29, ඩිලංක අවර්ඩ්ට් 3/72, රවීන් තරිඳු 3/49
Colombo Malay කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
Sebastianite C & AC සහ Negombo CC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (130.0) පසිඳු තිරිමාදුර 37, උමේෂ් ලක්ශාන් 37, ඇන්ජලෝ ජයසිංහ 133, දිමුත් සඳරුවන් 85, පුලින තරංග 25, හංසජ හිරුණ නොදැවී 30, මනෙල්කර් ද සිල්වා 2/44, මෙදුණක විජයතිලක 2/48, හෂාන් සංදීප 4/113, මිරංග වික්‍රමගේ 2/61
Sebastianite C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (47.2) රුසිරු විලෝචන 20, දනුශ්ක සඳරුවන් 2/32, අමිත සංදීප 8/30
Sebastianite C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 227 (79.2) රුසිරු විලෝචන 23, මනුප මන්මිත 26, මනෙල්කර් ද සිල්වා 73, තරුෂ ප්‍රනාන්දු 30, අමිත සංදීප 6/87, දනුශ්ක සඳරුවන් 4/65
Negombo කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 44ක ජයක්.
SL Army SC සහ Kandy Customs SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (99.2) පැතුම් ඩිල්ශාන් 61, ක්‍රිශේන් අපෝන්සු 122, මනුශ්ක සමිත් 23, ශෙහඳ සොයිසා 45, ජනිත් ද සිල්වා නොදැවී 50,
Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 406 (122.0) මලිඳු මදුරංග 50, අශාන් රන්දික 33, ප්‍රමේෂ් මධුභාෂණ 36, අවිඳු තීක්ෂණ 111, කනිෂ්ක මදුවන්ත 50, යශෝධ මෙන්ඩිස් නොදැවී 54, කවීෂ ඉඳුවර 33, ෂෙහඳ සොයිසා 3/117, සීක්කුගේ ප්‍රසන්න 2/94, මනුශ්ක සමිත් 3/26
SL Army SC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 94 (33.1) අසේල ගුණරත්න 24, ෂෙහඳ සොයිසා 24, උමේග චතුරංග 4/36, අවිඳු තීක්ෂණ 3/13
තරගයේ විසඳුමක් නෑ. (Kandy Customs කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















