NBA තරගාවලියේ මූලික වටයේ තරග නිමාවන්නට සතියකට පමණ පෙර සිටම තරගාවලිය තවතවත් උණුසුම් වන අතර ක්‍රීඩකයන්ගේ මෙන්ම කණ්ඩායම් වල ද දක්ෂතාවයන්ගේ අඩු වැඩි වීම් විශාල වශයෙන් දක්නට ලැබේ.

1955-1956 තරගාවලියේ දී මුලින්ම ප්‍රදානය කරන්නට යෙදුනු මෙම කුසලානය ම’ව්රික් පොඩොලොෆ් (Mauric Podoloff) කුසලානය ලෙස නම් කළ අතර එ් එවකට NBA තරගාවලියේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරීවරයාට උපහාරයක් වශයෙනි. 1979-1980 දක්වා තරගාවලිය තුල ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගේ මනාපයන් පදනම් කර ගනිමින් කුසලානය පිරිනැමුණු අතර පසුව කැනඩාවේ හා ඇමරිකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන් හා ක්‍රීඩා විස්තර විචාරකයින් 131ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් තම මනාපයන් පදනම් කර ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා තෝරාගනු ලැබීය.
මෙවර සම්මානය දිනා ගැනීම සඳහා මේ වන විට හියුස්ටන් රොකට්ස් ක්‍රීඩක ජේම්ස් හර්ඩන් හා ඔක්ලහෝමා සිටි තන්ඩර්ස් ක්‍රීඩක රසල් වෙස්ට්බ්‍රෘක් ඉදිරියෙන් සිටින අතර ගියවර අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ ලේබ්රෝන් ජේම්ස් හා 2014 අවසන් මහා තරගයේ වීරයා වූ සැන් අන්තෝනියෝ ස්පර්ස් ක්‍රීඩක ක’වාහි ලෙනර්ඩ්ගේ දක්ෂතාවයන් ද කැපී පෙනෙන්නට වේ.
බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජේම්ස් හර්ඩන් හා රසල් වෙස්ට්බ්‍රෘක් අතර මෙම කුසලානය දිනා ගැනීමට තියුණු තරගයක් ඇති වන බවයි.

මේ වන විට ලකුණු 29.2, නැවත ලබා ගැනීම් (Rebounds) 8.1 හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් (Assist) 11.2 ලබාගෙන සිටින ජේම්ස් හර්ඩන් 2013 වසරේ දක්ෂතම අතිරේක ක්‍රීඩකයාට හිමි Sixth Man of the Year සම්මානය දිනා ගැනීමට ද සමත්විය.
කෙසේ වෙතත් ජේම්ස් හර්ඩන් මෙවර තරගාවලියේ දී මේ වන විට Triple Double අවස්ථා 2ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ලකුණු 50 සමඟ Triple Double අවස්ථා 2ක් ද, ලකුණු 40ක් සමඟ Triple Double අවස්ථා 8ක් ද වාර්තා කිරීමට සමත්ව ඇත. එසේම එක් තරග වාරයක් තුල ලකුණු 2000ක් හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් 2000 වාර්තා කළ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍ය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

කෙසේ වෙතත් මෙම කුසලානයට හිමිකම් කීමට බොහෝ දුරට අවස්ථාව ඇති අනෙක් ක්‍රීඩකයා වන ඔක්ලහෝමා සිටි තන්ඩර්ස් කණ්ඩායමේ රසල් වෙස්ට්බ්‍රෘක් මෙවර තරගාවලිය තුල ලකුණු 31.9, නැවත ලබා ගැනීම් (Rebounds) 10.7 හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් (Assist)10.4ක සාමාන්‍යයක් රදවා ගැනීමට සමත් වී ඇත.
මෙලෙස තරග වාරයක් පුරාවට තම සාමන්‍යය කාණ්ඩ 3ක 10ක හෝ 10ට වඩා වැඩි අගයක රදවා ගත් දෙවන ක්‍රීඩකයා ලෙස වෙස්ට්බ්‍රක් වාර්තා පොත් අතරට එක්වන අතර ඔස්කා රොබර්ට්සන් මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළ පළමු ක්‍රීඩකයා වේ.

කෙසේ වෙතත් එම තරග වාරයේ දී MVP කුසලානයට හිමිකම් කීමට ඔස්කා රොබර්ට්සන් අපොහොසත් වූ අතර එය එම තරග වාරයේ දී ලකුණු 18.9, නැවත ලබා ගැනීම් (Rebounds) 23.6 හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් (Assist) 4.5ක සාමාන්‍යයක් රදවා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණ 60ක් දක්වා මෙහෙයවූ බොස්ටන් සෙල්ටික්ස් ක්‍රීඩක බිල් රසල් විසින් දිනා ගන්නා ලදි.
රොබර්ට්සන් මනාප සටහනේ තෙවන ස්ථානයට පත්වූයේ ලකුණු 50.4, නැවත ලබා ගැනීම් (Rebounds) 25.7 හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් (Assist) 2.6ක සාමාන්‍යයක් රදවා ගත් විල්ට් චෙම්බ්ලන්ට පසුවය.
කෙසේ වෙතත් අතීතය නැවත ලියන්නට සැරසෙන වෙස්ට්බ්‍රෘක් මේ වන විට තරගාවලියක් තුල triple double අවස්ථා 41ක් ලබාගෙන ඔස්කා රෝබ්‍ර්ට්ස්න් තබා තිබූ වාර්තාව අලුත් කිරීමට සමත් ව සිටියි. මේ වන විට triple double අවස්ථා 42ක් ලබා සිටින වෙස්ට්බ්‍රෘක් හට තව තරගයක් ද ඉතිරිව පවතී.
ලකුණු 50ක් වූ triple double අවස්ථා 3 වාර්තා කරගෙන සිටින වෙස්ට්බ්‍රෘක් ඉන් එක් අවස්ථාවක රැස්කළ ලකුණු 57 triple double අවස්ථාවක රැස්කළ ඉහළම ලකුණු ප්‍රමාණය වේ.
මෙම කුසලානය වැඩිම වාර ගණනක් දිනා ගත් කරීම් අබ්දුල් ජබාර් ඉතිහාස ගත වන අතර ඔහු මෙම කුසලානයට අවස්ථා 6ක දී උරුමකම් කියූ අතර NBA ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වෙයි.

2010-2011 තරග වාරයේ දී චිචාගෝ බුල්ස් පිල නියෝජනය කළ ඩෙරික් රෝස් මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූ අතර ඔහු මෙම කුසලානයට හිමිකම් කියූ ලාබාලතම ක්‍රීඩකයා වේ. එ් වන විට ඔහු වයස අවුරුදු 22 පසු විය.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















