ශ්‍රී ලංකා කඹ ඇඳීමේ සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය සහ අනුදැනුම මත ගනේමුල්ල සුසිත ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ විශාලතම කඹ ඇඳීමේ තරගාවලිය ලෙසින් නම් දැරූ සුසිත කුසලාන කඹ ඇඳීමේ ශූරතාවලිය එළඹෙන මාර්තු මස 20 වැනිදා ගනේමුල්ල වාසනා ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කඹ අදින්නෝ පදක්කම් සියල්ල තමන්ගේ දෙසට ඇදගනී
13 වැනි ආසියානු හා 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලීන් අද (15) කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ දී ආරම්භ වූ අතර උදෑසන වරුවේ ආසියානු…
අනෙකුත් තරගාවලීන් සමඟ සසඳා බැලීමේ දී මෙම තරගාවලිය ඒ සියල්ලන්ටම වඩා සුවිශේෂී වන කරුණු කාරණා රැසක් පවතින බව තරගාවලි සංවිධායක මණ්ඩලය සඳහන් කර සිටින අතර වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පවත්වනු ලබන දිවයිනේ දැවැන්තම කඹ ඇඳීමේ තරගාවලිය වීම, වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ නොමද දිරිමත් කිරීම් මධ්‍යයේ පවත්වනු ලබන එකම දිවා රාත්‍රි තරගාවලිය වීම, වැඩිම තරග ඉසව් ගණනකින් සන්නද්ධ තරගාවලිය වීම මෙන්ම ප්‍රධාන බර පන්තීන්ට අමතරව බර සීමාවක් නොමැතිව (Catch Weight) පවත්වන තරගාවලියකින් ද සමන්විත වීම ඒ අතරින් කිහිපයකි.

ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා පොලීසිය, රද්දොලළුගම එකමුතු ක්‍රීඩා සමාජය, දන්කොටුව රන්තරු ක්‍රීඩා සමාජය, උඩුගම්පොළ එක්සත් ක්‍රීඩා සමාජය වැනි නම් දැරූ සුප්‍රසිද්ධ ප්‍රබල කණ්ඩායම් 14ක් දැනටමත් සිය සහභාගීත්වය සනාථ කර තිබීම සුවිශේෂී වේ.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















