ශ්‍රේණිගතකිරීම් නොසලකා හැරේ; ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් කරා!

2027 AFC Asian Cup Qualification

10
Sri Lanka vs Brunei

ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර ඊයේ (06) පැවැත්වුණු පාපන්දු තරගයෙන් ගෝල 1-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තායිලන්තයේ දී පැවැත්වුණු මෙම තරගය ඊයේ සවස ආරම්භ වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ.

නමුත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟ, 57 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලියෝන් පෙරේරා තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 185 වැනි ස්ථානයේ රැඳෙන බෲනායි කණ්ඩායමට එරෙහිව ශ්‍රේණිගත කිරීම් හි 200 වැනි ස්ථානයේ රැඳෙන ශ්‍රී ලංකාව ලැබූ මෙම ජය ඉතා විශේෂ සහ විශිෂ්ට එකක් බව නිසැකවම සඳහන් කළ හැකි.

මේ අතර ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගය එළඹෙන 10 වැනි දා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය පිළිබඳ උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>