ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය 4-3ක් ලෙසින් අවසන් වෙන්නේ සත්කාරකයන්ට ජයග්‍රහණය හිමි වෙමින්.
Results | Ground | |
1 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 12ක ජයක්. | Coolidge |
2 | ශ්‍රී ලංකාවට කඩුල්ලක ජයක්. | Coolidge |
3 | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. | Coolidge |
4 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 2ක ජයක්. | Coolidge |
5 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 2ක ජයක්. | North Sound |
6 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 3ක ජයක්. | North Sound |
7 | ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 130ක ජයක්. | North Sound |
තරගාවලියෙන් පරාජයට පත් වූව ද නිමා වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිබිදීමක් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයක්. විශේෂයෙන් ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවෙක් ලෙසින් කවිජ ගමගේ සහ පන්දු යවන්නෙක් ලෙසින් විග්නේශ්වරන් ආකාශ් ද පෑ දක්ෂතා අගය කළ යුතුයි. එමෙන් ම නායක විමත් දින්සර, විරාන් චමුදිත, දිමන්ත මහවිතාන සහ චාමික හීනටිගල ද මෙම තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසෙමින් අනාගතයට අයෝජනයක් සහිත ක්‍රීඩකයන් ලෙසින් හඳුනාගැනීමේ ඉඩ-කඩක් විවර කළා.
- ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- කවිජ ගමගේ තුන් ඉරියව් දක්ෂතා දක්වයි
- පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ කවිජ ගමගේ නිමා වූ තරගාවලියේ ඉනිම 7ක දී ලකුණු 269ක් ලබා ගන්නවා. ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව 2 වැනි වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක Joshua Dorne තරග 7ක දී ලබා ගන්නා ලද ලකුණු 302ට පමණයි.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | Joshua Dorne | 7 | 7 | 0 | 302 | 95 | 43.14 | 0 | 3 | 24 | 5 |
2 | කවිජ ගමගේ | 7 | 7 | 1 | 269 | 123 | 44.83 | 1 | 1 | 27 | 5 |
3 | විරාන් චමුදිත | 7 | 7 | 1 | 234 | 88 | 39.00 | 0 | 2 | 27 | 1 |
4 | JB van Lange | 6 | 6 | 1 | 211 | 83 | 42.20 | 0 | 2 | 9 | 7 |
5 | විමත් දින්සර | 7 | 6 | 2 | 192 | 58* | 48.00 | 0 | 2 | 12 | 7 |
කවිජගේ ලකුණු අතරට ශතකයක් ද එක් කර ගැනීමට සමත් වෙන අතර එය මෙම තරගාවලියේ වාර්තා වූ එක ම ශතකය වීම ද විශේෂත්වයක්. එමෙන් ම මෙම ලැයිස්තුව හා එක් වූ පළමු 5 දෙනා අතර ලකුණු ලබා ගැනීමේ ඉහළ ම වේගය පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා.
එමෙන් ම ඔහු මෙම තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් විරාන් චමුදිත හා එක් ව සම දක්ෂතා දක්වනවා. ඔවුන් එල්ල කරන ලද හතරේ පහර සංඛයාව 27ක්.
ඔහුට අමතර ව මෙම පිතිකරු ලැයිස්තුවේ 3 වැනි සහ 5 වැනි ස්ථාන පිළිවෙළින් මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ විරාන් චමුදිත සහ නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර වෙත හිමි වීම ද විශේෂත්වයක්. ඔවුන් දෙදෙනා ම තම ලකුණු ගිණුමට අර්ධ ශතක ද්විත්වය බැගින් එක් කිරීම ද විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිමන්ත මහවිතාන හිමිකර ගැනීම ද විශේෂත්වයක්. ඔහු මෙම ස්ථානයට පත් වෙන්නේ තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 147ක් ලබා ගනිමිනුයි. ඊට අමතර ව කොළඹ මහානාම විද්‍යාලයේ චාමික හීනටිගල ද තරග 7ක ඉනිම් 6ක දී ලකුණු 113ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
- ශ්‍රී ලංකාව පහසු හඹා යෑමක; ආසියා කුසලානයේ පළමු ජය තහවුරුයි
- විරාන්, විමත් සහ දිමන්ත දක්ෂතා දක්වයි
- විග්නේශ්වරන්ගේ උත්සාහය අපතේ යයි
පන්දු යැවීමේ දී යාපනය හාට්ලි විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වූ තවමත් 17 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන විග්නේශ්වරන් ආකාශ් තරගාවලියේ කැපී පෙණෙන ම පන්දු යවන්නා බවට පත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලත් සුවිශේෂී ගෞරවයක්.
ඔහු තරගාවලියේ තරග 7ක ඉනිම් 7ක දී පන්දු 334ක් යවමින් කඩුලු 20ක් දවා ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ලකුණු 19කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු ඉනිමක කඩුලු 4ක් බැගින් දවා ගත් අවස්ථා 3ක් ද වාර්තා කිරිමට සමත් වෙනවා.
තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
Player | Mat | Ov | M | Runs | Wkts | Best | Ave | Econ | 4 | |
1 | විග්නේශ්වරන් ආකාශ් | 7 | 55.4 | 5 | 182 | 20 | 4/19 | 9.10 | 3.26 | 3 |
2 | සෙත්මික සෙනෙවිරත්න | 7 | 38.4 | 6 | 190 | 9 | 2/20 | 21.11 | 4.19 | 0 |
3 | කවිජ ගමගේ | 7 | 31.0 | 3 | 120 | 8 | 4/09 | 15.00 | 3.87 | 1 |
4 | Jakeem Pollard | 5 | 41.0 | 6 | 144 | 8 | 3/34 | 18.00 | 3.51 | 0 |
5 | Shaquan Belle | 4 | 26.3 | 0 | 153 | 8 | 4/35 | 19.12 | 5.77 | 1 |
මෙම ලැයිස්තුවේ පළමු පන්දු යවන්නන් තිදෙනා ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්. විග්නේශ්වරන් ආකාශ්ට අමතර ව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සෙත්මික සෙනෙවිරත්න කඩුලු 9ක් දවා ගිනිමින් 2 වැනි ස්ථානයට ද සහ පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ කවිජ ගමගේ කඩුලු 8ක් දවා ගනිමින් 3 වැනි ස්ථානය ද හිමිකර ගැනීමට සමත් වෙනවා.
ඒ අතුරින් කවිජ ගමගේ දෙරට අතර පැවැති අවසන් තරගයේ දී ලකුණු 09කට කඩුලු 4ක් දවා ගනිමින් පෑ දක්ෂතාව තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වෙනවා.
ඔවුන්ට අමතර ව චාමික හීනටිගල කඩුලු 8ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ 6 වැනියා බවට පත් වෙනවා.
තරගාවලියේ සුවිශේෂී කඩඉම්
289/7 (48.4) : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලැබූවන් බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වෝ.
එම තරගයේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගන්නා ලද අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
576 : එම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් ලකුණු සංඛ්‍යාව තරගයක දී දෙපිලේ ම ක්‍රීඩකයෝ එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස එක් වුණා.
62 : තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
11 : තරගාවලියේ වැඩිම දවාලීම් ප්‍රමාණයකට දායක වූ කඩුලු රකින්නා බවට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදම් හිල්මි. ඊට උඩ පන්දු 7ක් සහ කඩුල්ල පිටුපස කඩුලු බිඳ හෙළීම් 4ක් ඇතුලත්.
115 : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලකට එරෙහි ව ඉහළ ම ලකුණු සබඳතාව වාර්තා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ JB van Lange සහ නායක Joshua Dorne. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 6 වැනි කඩුල්ල වෙනුවෙනුයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<