බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සමඟ පැවැත්වෙන තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගය නිමා වන විට තරග 2-1ක් ලෙසින් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වුණා.
Antigua Antigu හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (04) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දුවාර 28ක් ඉතිරි කර ගනිමින් එම ඉලක්කය සපුරා ගත්තා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ජයග්‍රාහී කණ්ඩායම ම නම් කර තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයට එක් වූවේ පෙර තරගයේ දී එක් ව සිටි Aadian Racha, Vitel Lawes සහ Jakeem Pollard තිදෙනා වෙනුවට Tyriek Bryan, Shaquan Belle සහ R’jai Gittens එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), විරාන් චමුදිත, පුලීශ තිලකරත්න, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, සෙත්මික සෙනෙවිරත්න, රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ්.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Joshua Dorne (නායක), Micah Greenidge, Zachary Carter, Earsinho Fontaine, Tyriek Bryan, Jonathan Van Lange, Brendan Boodoo, Matthew Miller, Shaquan Belle, Pajay Nelson (කඩුලු රකින්නා), R’jai Gittens
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ආරම්භක කඩුලු ද්විත්වය ඉතා ඉක්මනින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවුවත් 3 වැන කඩුල්ලේ දී පන්දු 88ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට Earsinho Fontaine නායක Joshua Dorne සමත් වෙනවා.
ඔවුන්ගේ එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව වූ එය බිඳ වැටෙන්නේ Joshua Dorne පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29කට දැවී යෑමත් සමඟිනුයි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සිව් වැනි කඩුල්ලට Tyriek Bryan සමඟ එක් වූ Earsinho Fontaine කොදෙව් ඉනිමට පන්දු 71ක් තුළ තවත් ලකුණු 42ක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ එතෙක් කොදෙව් ඉනිම ගොඩ නගමින් සිටි Earsinho Fontaine ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කොදෙව් ඉනිමට තවත් ලකුණු 5ක් පමණක් එක් වෙද්දී Tyriek Bryan ද දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
එතැන් සිට කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 5 ලකුණු 18ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
කොදෙව් ඉනිම ඒ ලෙසින් පාලනය කිරීමේ දී විග්නේශ්වරන් ආකාශ් සහ චාමික හිනටිගල කඩුලු 4ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඒ අතුරින් විග්නේශ්වරන් ආකාශ් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර චාමික හීනටිගල තමන් දවා ගත් කඩුලු 4ට ලකුණු 33ක් ලබා දෙනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව සෙත්මික සෙනෙවිරත්න කඩුල්ලක් දවා ගන්නවා.
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
- පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්
- 17න් පහළ Youth ශූරතාව Colombo North කණ්ඩායමට
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විරාන් චමුදිත සහ පුලීෂ තිලකරත්න විසිනුයි. ඔවුන් දෙදෙනා අතර පළමු වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 27ක් වෙද්දී පුලීෂ තිලකරත්න තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.
අනතුරු ව පිටියට එක් වූ සෙනුක වැකුණුගොඩට ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 11ක දී ලකුණු 7ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු එතෙකින් නිමා වූ අතර තරගය අවසන් වන විට විරාන් චමුදිත පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ද සහ කවිජ ගමගේ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා විසින් 3 වැනි කඩුල්ලට පන්දු 84ක දී නොදැවුණ ලකුණු 90ක සබඳතාවක් ද එක් කරනවා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය R’jai Gittens සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 138 (39.2) Earsinho Fontaine 51, Joshua Dorne 29, Tyriek Bryan 24, විගේශ්වරන් ආකාශ් 4/19, චාමික හීනටිගල 4/33
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 139 (22.0) විරාන් චමුදිත නොදැවී 64, පුලීශ තිලකරත්න 21, කවිජ ගමගේ නොදැවී 28, R’jai Gittens 2/30
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්
දෙරට අතර පැවැත්වෙන 4 වැනි යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 07 වැනිදා Antigua හී Coolidge ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<