බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සමඟ පැවැති 2 වැනි එක්දින යොවුන් ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් වාර්තා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 7කින් යුත් තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයට ගෙන ඒමට සමත් වුණා.
Antigua Antigu හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (02) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 9ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 12ක් ද තමන් සතු කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා පෙර තරගයට එක් වූ කුගදාස් මාතුලන් සහ තරුෂ නවෝද්‍ය වෙනුවට මෙම තරගයේ දී රමිරු පෙරේරා සහ රිසිත් නිම්සර එක් කර තිබු අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙර ජයග්‍රාහී කණ්ඩායම කෙරෙහි ම විශ්වාසය තබා තිබුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), විරාන් චමුදිත, පුලීශ තිලකරත්න, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, සෙත්මික සෙනෙවිරත්න, රිසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ්.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Joshua Dorne (නායක), Micah Greenidge, Zachary Carter, Earsinho Fontaine, Brendan Boodoo, Matthew Miller, Jonathan Van Lange, Aadian Racha, Pajay Nelson (කඩුලු රකින්නා), Vitel Lawes, Jakeem Pollard.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 6ක් වෙද්දී දැවී යනවා. නමුත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 47ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට Earsinho Fontaine සහ නායක Joshua Dorne සමත් වෙනවා.
ඔවුන් අතුරින් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටි Earsinho Fontaine දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව කඩුල්ලේ දී ද පන්දු 81ක දී ලකුණු 59ක් එක් කිරීමට Joshua Dorne සහ Brendan Boodoo සමත් වෙනවා. එම සබඳතාවට Brendan Boodoo පන්දු 46ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් එක් කළා.
අනතුරු ව ඉනිමේ තවත් වැදගත් ලකුණු සබඳතාවක් එක් වූයේ 6 වැනි කඩුල්ලටයි. ඊට ද Joshua Dorne දායක වූ අතර ඔහු ට සහයෝගය දැක් වූයේ Jonathan van Lange. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් Joshua Dorne දැවී යද්දී පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 21ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර ඔවුන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ පා දඟ පන්දු යැවූ විග්නේශ්වරන් ආකාශ්. ඔහු ලකුණු 30කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව කවිජ ගමගේ සහ විරාන් චමුදිත කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර සෙත්මික සෙනෙවිරත්න, චාමික හීනටිගල සහ රසිත් නිම්සර කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
- පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්
- 17න් පහළ Youth ශූරතාව Colombo North කණ්ඩායමට
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වඩාත් පරිස්සම් සහගත සහ ආක්‍රමණකාරී පිතිකරු රටාවක් අනුගමනය කළා. ඔවුන් සෑම විට ම උත්සාහ කළේ කඩුලු අතර සබඳතාවන් වර්ධනය කර ගනිමින් ප්‍රතිවාදීන් වෙහෙසට පත් කිරීමයි.
ඒ අනුව ගිය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව බවට පත් වූයේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් විමත් දින්සර සහ චාමික හීනටිගල එක් ව රැස් කරන ලද ලකුණු 57යි. එහි දී නායක විමත් දින්සර පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නා ලද අතර චාමික හීනටිගල පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
ඊට පෙර ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ දී පුලීෂ තිලකරත්න පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද සහ සෙනුක වෑකුණුගොඩ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද එක් කර තිබුණා.
ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී සෙත්මික සෙනෙවිරත්න පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Zachary Carter ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Brendan Boodoo ද කඩුලු ද්විත්වයක් දවා ගත්තා. ඊට අමතර ව Matthew Miller, Aadian Racha, Vitel Lawes සහ Jakeem Pollard කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 201 (47.5) Joshua Dorne 82, Brendan Boodoo 28, Jonathan van Lange 26, විරාන් චමුදිත 2/21, විගේශ්වරන් ආකාශ් 3/30, කවිජ ගමගේ 2/28
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 204 (48.0) පුලීශ තිලකරත්න 24, සෙනුජ වැකුණුගොඩ 24, විමත් දින්සර 45, චාමික හීනටිගල 30, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 20, Zachary Carter 3/42, Brendan Boodoo 2/27
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්
දෙරට අතර පැවැත්වෙන 3 වැනි යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 04 වැනිදා Antigua හී Coolidge ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<