කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
සුමංගල ක්‍රීඩකයින් හමුවේ තර්ස්ටන්ට පහසු ජයක්

තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන්නට විය. එම පීඩනයට සාර්ථකව මුහුණ දෙන්නට අපොහොසත් වූ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් පළමු අර්ධය පුරාවට ප්‍රදර්ශනය කරනු ලැබුවේ දැඩි පසුගාමී ක්‍රීඩා විලාශයකි.
සම්පූර්ණ වාර්තාව: දැවැන්ත ජයක් සමඟින් අගමැති කුසලානය තර්ස්ටන් විද්‍යාලයට
මොරටු ක්‍රීඩකයින් ජයග්‍රාහීව තරගාවලිය නිමා කරයි

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට අසමත් වූ අතර එහි දී ලැබුණු තියුණු අවස්ථාවන් ද උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් වූයේ නැත. ඒ සඳහා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කර ගැනීමේ දී ප්‍රදර්ශනය කළ දුර්වලතා ඉවහල් විය.
සම්පූර්ණ වාර්තාව: මොරටු ක්‍රීඩකයෝ සභාපති කුසලානය ජයග්‍රහණය කරති
[/vc_column_text]






















