අනෙකුත් ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකට තම කඩුලු පුද දෙමින් පිටියෙන් ඉවත් වෙද්දී තම නායකයා සමඟ එකතු වෙමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දසුන් ශානක සමත් වීම හේතුවෙන් අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ගාල්ල සහ මහනුවර කන්ඩායම් අතර තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වුනා.
කුසල් ජනිත් හා ශානකගෙන් හයේ හතරේ සැණකෙළියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර ඊයේ (29) මහනුවර….
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.
අද තරගයේ දී 26 හැවිරිදි දකුණත් පිතිකරු දසුන් ශානක තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා. මීට පෙර උපුල් තරංග සහ අශාන් ප්‍රියංජන් ශතක රැස් කරගෙන තිබුණා. දසුන්ගේ ඉනිම පන්දු 52කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් ඇතුලත් වුනා.
දසුන්ගේ මෙම ප්‍රවේගවත් ඉනිම නොවන්නට ගාලු ක්‍රීඩකයන්ගේ ඉරණම මීට වෙනස් වීමට ඉඩ තිබුණා. කඩුලු 2ක් දැවී ලකුණු 20ක් තිබූ ගාලු ඉනිම දසුන් ගොඩ ගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ද උදව් ඇතිව. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 134ක් වාර්තා කළා. මැතිව්ස් අද රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. පන්දු 38කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 6ක් තම ඉනිමට ඇතුලත් කළා.
මැතිව්ස් දැවී යද්දී ලකුණු 154ක් වූ මහනුවර ඉනිම කඩුලු 5ක් දැවී 189ක් බවට පත්වුනා. කණ්ඩායමේ මැතිව්ස් සහ දසුන් හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් ලකුණු 10 මෙපිටින් නතර වෙද්දී, චරිත් අසලංක පැමිණ පිට පිට පන්දු දෙකක දී හතරේ පහර 2ක් එල්ල කරමින් ගාලු ක්‍රීඩකයන්ගේ ඉලක්කය පසු කළා.
පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 09කට කඩුලු 2ක් දවා ගත් අතර සහන් ආරච්චිගේ, දුශ්මන්ත චමීර සහ කසුන් රාජිත කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ලහිරු මිලන්ත ආරම්භයේ සිටම මහනුවර පන්දු යවන්නන්ට සිතූ සේ පහර දෙන්නට වුනා. ඔවුන් පළමු පන්දු වාරයේ දී ම හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා. ඒ ළහිරු ගමගේ පන්දු වාරයට. ඊට පසුව යැවුණ දසුන් ශානකගේ පන්දු වාරයට ලකුණු 13ක් ලබා ගත්තා.
තෙවැනි පන්දු වාරය ලසිත් මාලිංග විසින් යැවුණ අතර එම පන්දු වාරයේ නිපන්දු සහ සීමාව ඉක්මවා ගිය පන්දු සමඟ පන්දු 9ක් යැවීමට මාලිංගට සිදු වුනා. එම පන්දු වාරයේ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගැනීමට කුසල් සහ ලහිරු සමත් වුනා. මාලිංගගේ පන්දු වාරය නිමා වෙද්දී ගාලු ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව 54ක්ව තිබුණා. ඊට පසුව පන්දු යැවුණ මාලින්ද පුෂ්පකුමාරට ද දැවැන්ත පිති ප්‍රහාරයකට ලක් වෙන්නට සිදු වුනා. එම පන්දු වාරයේ දී හතරෙ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වුනා.
මෙසේ ආ ගුටිබැට හුවමාරුව නිමා කරන්නට සමත් වෙන්නේ චරිත් අසලංක. තරගයේ 5 වැනි පන්දු වාරය යැවීමට බාර ගත් චරිත් තම පළමු වැනි පන්දුවෙන්ම ආරම්භක පිතිකරුවන්ගේ සබඳතාව බිඳ දැමීමට සමත් වුනා. ඒ ලහිරු මිලන්තගේ කඩුල්ල ලබා ගනිමින්. ඒ වෙද්දී ගාලු ලකුණු සංඛ්‍යාව 70ක් වූ අතර ලහිරු පන්දු 14කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
අනතුරුව එම පන්දු වාරයේ ම යැවුණ සිව්වැනි පන්දුවේ දී නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට චරිත් සමත් වුනා. දිමුත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 4ක්.
චරිත් විසින් පිට පිට යැවුණ දෙවැනි පන්දු වාරයේ දී ද කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. එවර පළමුවෙන් ඔහුගේ ග්‍රහණයට හසු වූයේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්. ඔහු පන්දු 17කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටිය දී මැතිව්ස් විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් දැවී යද්දී ගාලු ඉනිම කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 82ක් ලෙසින්.
කසුන් රාජිත දඹුලු ඉනිම විනාශ කරයි
ධනුෂ්ක ගුණතිලක නැවත ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට තරගය ගෙන ආව ද කසුන් රාජිතගේ උපක්‍රමික පන්දු යැවීම හමුවේ…
එම පන්දු වාරයේ ම 5 වැනි පන්දුවේ දී ධනංජය ද සිල්වාගේ ඉනිම ද අහවර කිරීමට චරිත් සමත් වුනා. ධනංජයට අද තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණයි.
ඉන් අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා ඇන්ජලෝ පෙරේරා සහ අසේල ගුණරත්න එක්ව ලකුණු 107ක සබඳතාවක් එක් කරමින් වැටී තිබෙමින් තිබූ ගාලු ඉනිම ගොඩ ගත්තා. ඇන්ජලෝ පන්දු 36ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත් අතර අසේල පන්දු 41ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තා.
ගාලු ඉනිම නිමා වෙද්දී චරිත් පිට පිට පන්දු වාර 3ක් යවා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තා. දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරත්වය ලසිත් මාලිංග සතු වුනා.
තරගාවලියේ පළමු වටයේ අවසාන තරගය වන කොළඹ සහ දඹුල්ල අතර තරගය අද (30) රාත්‍රී තරගයක් ලෙසින් මෙම ක්‍රීඩාංගණයේ දී ම ක්‍රියාත්මක වීමට නියමිත ය.
ගාල්ල; කඩුලු 5ක් දැවී 196 (20.0) කුසල් මෙන්ඩිස් 43, ලහිරු මිලන්ත 24, ඇන්ජලෝ පෙරේරා 47, අසේල ගුණරත්න නොදැවී 46, චරිත් අසලංක 4/14
මහනුවර; කඩුලු 5ක් දැවී 199 (19.2) ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ශානක නොදැවී 105, ධනංජය ද සිල්වා 2/09
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග Dialog TV 123, MyTV සහ ThePapare.com වෙතින් සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇති අතර සියලු තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <





















