සෝන්ඩර්ස් කණ්ඩායම 2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය දක්වා රැගෙන ආ ප්‍රවීණ ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩක කසුන් ජයසූරිය පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.
පොලිස් අත්වැරදීමෙන් යුධ හමුදාව අවසන් මහා තරගයට
FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ඉන් පළමු අවසන් පූර්ව තරගයේ ජය හිමි කර…
තිස්අට හැවිරිදි කසුන් ජයසූරිය 1996 වසරේ සිට දේශීය තරග බිමේ දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ජයසූරිය ඉන්දියාවේ හා බංගලාදේශයේ ක්‍රීඩා සමාජ කිහිපයකට ද වසර අටකට ආසන්න කාලයක් ක්‍රීඩා කර ඇත. ඕල්ඩ් ජෝස්, මීගමුව යූත්, රත්නම් වැනි ක්‍රීඩා සමාජ ද නියෝජනය කර ඇති ඔහු බදුල්ල ධර්මදූත හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලවල ආදී ශිෂ්‍යයෙක්.

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය යුධ හමුදා ක්‍රීඩා සමාජය හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙනු ඇත. එහි තරග වාර්තා, ඡායාරූප සඳහා රැඳි සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















