පුහුණු තරගයේ දෙවැනි දිනය වර්ෂාවට සේදෙයි

10389

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිගේ පිළ අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (09) වර්ෂාවට සේදී ගියේ එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමකින් තොරවයි. ඒ අනුව පළමු දිනයේ කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස් කරගෙන සිටියි. 

දනුෂ්කගේ ශතක සිහිනය බොඳ වුවත් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

අගෝස්තු පළමු වැනිදා සිට ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට….

ඊයේ දිනයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පෝෂණය කිරීමට දනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම සහ අශාන් ප්‍රියන්ජන් ලබා ගත් අර්ධ ශතක තුන හේතු වූ අතර වැඩිම ලකුණු ලාභියා බවට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 98ක් රැස් කර ගත් දනුෂ්ක ගුණතිලක පත්විය. 

පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් ප්‍රකට කළේ ලකුණු 41ට කඩුලු 5ක් දවා ගත් වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් විසිනි. එබැවින් තවමත් ටෙස්ට් තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති 30 හැවිරිදි අජාස් පටෙල් ගැන නවසීලන්තය ද වැඩි බලාපොරොත්තු තබා ඇතිවාට සැකයක් නැත.

කටුනායක ප්‍රදේශයට අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව නිසා අද පස්වරු දෙකට පමණ දෙවන දිනය අත්හිටු වීමට විනිසුරුවරුන් තීරණයකට එළඹුණි. ඒ ක්‍රීඩාංගණයේ බොහෝ ස්ථානවල වර්ෂාව නිසා ජලය ඒකරාශී වී තිබීම නිසයි. 

තවද මේ වන විට පුහුණු තරගයේ දින දෙකක්ම අවසන්ව ඇති නිසා හෙට දිනයේ තවදුරටත් පිතිකරණයේ නොයෙදී නවසීලන්ත පිළට ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම ද තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනයේ නවසීලන්ත පිතිකරුවන් ආසියානු පිටියක දඟ පන්දුව හමුවේ හැසිරෙන ආකාරය දැක බලා ගැනීමට හැකිවනු ඇත.

චන්දිමාල්, මැතිව්ස් ඇතුළු 15ක් පළමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත…

මෙම තුන්දින පුහුණු තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට උදෑසන 9.45 සිට, ThePapare.com වෙබ් අඩවිය හරහා ද, ඩයලොග් TV චැනල් අංක 77 ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<