C කොටසේ ශූරතාව වව්නියාව පොලිසියට

SLSSCA Div - C Annual T20 Cricket Tournament 2025

19

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ රාජ්‍ය සේවා C කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සතු වුණා.  

ගම්පහ, ගොඩිගමුව ක්‍රීඩාංගණයේ දී (20) පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගන්නවා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම් ඉනිම පැවැතියේ පන්දුවාර 5ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එතැන් සිට නතර කෙරෙන අතර ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් එම අවස්ථාවේ දී පැරබෝලා ගණනය කිරීම අනුව ලකුණු 63ක් ලබා ගත යුතුව තිබුණා. නමුත් ඔවුන් ලබා ගෙන සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 26ක් පමණයි.  

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායම 

හසිත පතිරත්න (නායක), ඉන්දික කුමාර, විපුල නුවන්, චමින්ද සේනාරත්න, තුසිත නන්දන කුමාර, ආර්. එම්. ආශික්, ප්‍රනීත් චතුරංග, රෝහණ වඩුගේ, පේෂක ලක්ෂාන්, අනුශ්ක රාමනායක, තරිඳු නිසංසල (කඩුලු රකින්නා). 

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රවීනයන්ගේ කණ්ඩායම 

සුමල් පෙරේරා (නායක), හසිත ගුණසිංහ, මනෝජ් සශිරන්ත, කසුන් අමරවංශ, රසික දිලාන්, රුවන් පියතුංග (කඩුලු රකින්නා), දුශාන්ත බුද්ධික, අමිල සේනාධීර, සසිත් ද සිල්වා, ප්‍රසාද් මදනායක සහ ලහිරු අබේකෝන්. 

පළමුවෙන්ප න්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුයේ ඉන්දික කුමාර. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා. ඊට අමතර ව චමින්ද සේනාරත්න පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 50ක දී ලකුණු 93ක සබඳතාවක් ගොඩ නගනවා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පොලිස් කණ්ඩායම වෙනුවෙන් මැදි පෙළින් පිටියට පිවිසි ප්‍රනීත් චතුරංග පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ ආර්. එම්. අශික් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25 ද ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු අබේකෝන් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අමිල සේනාධීර කඩුලු 2ක් ද, දුශාන්ත බුද්ධික සහ රසික ඩිලාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු හසිත ගුණසිංහ. ඔහු පන්දු 5කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනිමේ දී අනුශ්ක රාමනායක ලකුණු 12කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ඉන්දික කුමාර සහ චමින්ද සේනාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • පොලිස් දෙපාර්තමේන්තුවව්නියා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 191 (20.0) ඉන්දික කුමාර 54, චමින්ද සේනාරත්න 37, ආර්. එම්. අශික් 25, ප්‍රනීත් චතුරංග 27, අමිල සේනාධීර 2/28, ලිහිරු අබේකෝන් 3/40,  
  • ලංකාවිදුලිබල මණ්ඩල කණ්ඩායම – කඩුලු 4ක් දැවී 26 (5.0) හසිත ගුණසිංහ 10, අනුශ්ක රාමනායක 2/12 

පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායමට පැරබෝලා ගණනය කිරීම අනුව ලකුණු 36ක ජයක්.  

අනුශූරතාව දිනූ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම 

තෙවැනි ස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයට සහභාගී වූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සහ ගාල්ල මහනගර සභා කණ්ඩායමයි.  

ගම්පහ, ගොඩිගමුව ක්‍රීඩාංගණයේ දී (20) පෙරවරුවේ පැවැති එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල මහනගර සභා කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 125ක් ලබා ගත් අතර ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි ගාල්ල මහනගර සභා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි. ඒ අනුව එම තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තා.   

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම  

දසුන් තිළිණ, ප්‍රබුද්ධ සිරිවර්ධන, නුවන් අසේල, උපුල් ප්‍රියන්තසිරි, චමින්ද බණ්ඩාර, චරිත් ද සිල්වා, උශාන් නානායක්කාර, තුසිත කුමාරවංශ, කමල් මධුසංක, විශ්ව වික්‍රමනායක සහ සුලක්ෂණ මොරවටිය. 

 

ගාල්ල මහනගර සභා කණ්ඩායම  

විරාජ් හේමන්ත කුමාර, කේ. ජී. රංගික, චාමික ප්‍රියංකර, නඳුන් චාමර, කසුන් ප්‍රභාත් කුමාර, මොහොමඩ් මාෆාස්, මහේෂ් වීරතුංග, ෆර්හාන් මොහොමඩ්, විදුන තරිඳු දුලාංජ, නිශාන්ත වීරකෝන් සහ ලසන් මෙන්ඩිස් ගුණසේකර. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ චරිත් ද සිල්වා. ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. ඊට අමතර ව උපුල් ප්‍රියන්තසිරි පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී ෆර්හාන් මොහොමඩ් ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව විරාජ් හේමන්ත කුමාර කඩුලු ද්විත්වයක් ද, මහේෂ් විරතුංග, ලසන් මෙන්ඩිස් ගුණසේකර, කසුන් ප්‍රභාත් කුමාර සහ මොහොමඩ් මාෆාස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.   

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල මහනගර සභා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නඳුන් චාමර. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව චාමික ප්‍රියංකර පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී විශ්ව වික්‍රමනායක සහ උශාන් නානායක්කාර කඩුලු ද්විත්වය බැගින් ද, සුලක්ෂණ මොරවටිය සහ උපුල් ප්‍රියන්තසිරි කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බන්ධනාගාර දෙපාර්තමේන්තුකණ්ඩායම – සියලුම දෙනා දැවී 125 (20.0) දසුන් තිළිණ 19, උපුල් ප්‍රියන්තසිරි 32, චරිත් ද සිල්වා 34, ෆර්හාන් මොහොමඩ් 4/16, විරාජ් හේමන්ත කුමාර 2/28 
  • ගාල්ලමහනගර සභා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 105 (20.0) විරාජ් හේමන්ත 19, චාමික ප්‍රියංකර 20, නඳුන් චාමර 25, විශ්ව වික්‍රමනායක 2/15, උශාන් නානායක්කාර 2/16 

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 20ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<