උමයංගනා, හිරුණිකා සහ සෙව්මිණි දක්ෂතා දක්වයි

SLC Major Club Women 50 Over Tournament 2025 

262
SLC Major Club Women 50 Over Tournament 2025 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති Baduraliya SC සහ Ace Capital CC කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 158ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Baduraliya ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

එය ඔවුන් මෙවර තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණයයි.

මග්ගොන Surrey ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Ace Capital ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි Baduraliya ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Ace Capital CC කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් දැවී ලබා ගත්තේ ලකුණු 51ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් Baduraliya SC කණ්ඩායම වෙනුවෙන් උමයංගනා පීරිස් පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව දිල්ශානි කුමාරසිරි පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල පන්දු 92ක දී ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගනවා.

පසු පෙළින් පිටියට පිවිසි හිරුණි හංසිකා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සුගන්දිකා පතිරණ ලකුණු 32කට කඩුලු 3ක් ද සහ මල්ශා මදුශාන් කඩුලු ද්විත්වයක් ද, ජනාදි අනාලි, දේවගී ජෙගනාදන් සහ කෞෂල්‍යා ජයවර්ධන කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි Ace Capital CC ඉනිම 22 වැනි පන්දුවාරයේ දී නිමා වෙන අතර එහි දී ප්‍රබල පන්දු යැවීමක නිරත වීමට වමතින් දඟ පන්දු යැවූ හිරුණිකා නිවර්තනී සමත් වෙනවා. ඇය තරගය අවසන් වන විට පන්දුවාර 9.3ක් යවමින් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 25කට කඩුලු 7ක් දවා ගත්තා.

ඊට අමතර ව සෙව්මිණි සසිකලා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගන්නවා.

Ace Capital ඉනිමේ දී මල්ශා මදුශානි, ලිහංසා දුල්මි ද සිල්වා සහ ජනාදි අනාලි ලකුණු 10ක් බැගින් ලබා ගත් අතර අනෙක් කිසිඳු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වූයේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Baduraliya SC – සියලුම දෙනා දැවී 209 (49.0)උමයංගා පීරිස් 52, දිල්ශානි කුමාරසිරි 33, රශ්මි නේත්‍රාංජලී 20, හිරුණි හංසිකා 39, මල්ශා මදුශානි 2/23, සුගන්දිකා පතිරණ 3/32
  • Ace Capital CC – සියලුම දෙනා දැවී 51 (21.3)මල්ෂා මදුශානි 10, ලිහංසා දෙව්මි ද සිල්වා 10, ජනාදි අනාලි 10, හිරුනිකා නිවර්තනී 7/25, සෙව්මිණි සසිකලා 3/14

Baduraliya SC කණ්ඩායමට ලකුණු 158ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<