පාසල් රග්බි සැණකෙළිය ආරම්භ කරමින් අද (24) පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමත් විය. ඒ පිළිවෙළින් වෙස්ලි විදුහල සහ සාන්ත ඇන්තනි විදුහල පරාජය කරමිනි.
ජාතික රග්බි නායකත්වයට මහනුවරින් දෙදෙනෙක්?
ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) විසින්, එළඹෙන ජාත්‍යන්තර රග්බි තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් (සත්සාමාජික සහ පහළොස් සාමාජික)
ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
2017 සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ආරම්භක තරගය තුල උත්සාහක දිනුම් 10ක් වාර්තා කල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 64 – 24 ක දැවැන්ත පරාජයක් කොළඹ වෙස්ලි විද්‍යාලයට උරුම කර දෙන්නට සමත් විය.
මෙවර පාසල් තරග වාරයේ පැමිණෙන්නට තිබෙන උත්කර්ෂය පිළිබඳ පෙර ලකුණු පල කරමින් පළමු මිනිත්තු දෙකක් අවසන් වීමටත් මත්තෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක වුනේ රිශේන් මාදෙන ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් වාර්තා කල උත්සාහක දිනුම හේතුවෙනුයි. ලශේන් විජේසූරිය එය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි.

වෙස්ලි විද්‍යාලය නැවත තරගයට අවතීර්ණ වෙමින් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කල ද එම අවස්ථා දෙකම ප්‍රවර්තනය කරන්නට ඔවුන්ට නොහැකි විය.
තරගය ලකුණු 14 – 10 ක් ලෙස උණුසුම් තත්ත්වයේ පවතින විට ලශේන් විජේසුරිය සහ මොහොමඩ් ඉක්‍රම් යලිත් උත්සාහක දිනුම් දෙකක් සමඟින් ත්‍රිත්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 28ක් දක්වා වර්ධනය කරන ලදී.
පළමු අර්ධය අවසන් වන විට ත්‍රිත්ව විද්‍යාලයේ උත්සාහක දිනුම් එකතුව 5ක් දක්වාත් වෙස්ලි විද්‍යාලයේ උත්සාහක දිනුම් සංඛ්‍යාව 3ක් දක්වා ද වර්ධනය වී තිබුණු අතර ලශේන් විජේසූරිය ත්‍රිත්ව උත්සාහක දිනුම් 5න් 4ක් ප්‍රවර්තනය කරද්දී අවිශ්ක ලී හට සාර්ථකව එල්ල කිරීමට හැකි වුනේ ඔවුන්ගේ ප්‍රවර්තන අවස්ථා 3න් 2ක් පමණයි.
පළමු අර්ධය අවසානයේ : ත්‍රිත්ව විද්‍යාලය 33 (5T 4C) වෙස්ලි විද්‍යාලය 17 (3T 1C)
දෙවන අර්ධය ආරම්භයදීම වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ මුර්ශීඩ් සුබායර් ලකුණු පරතරය 9ක් දක්වා අඩු කරන්නට සමත් වුවත් එතැන් පටන් ත්‍රිත්ව කණ්ඩායම දියත් කල ප්‍රහාරය හමුවේ වෙස්ලි ක්‍රීඩකයන්ට සිදු වුනේ තම ප්‍රතිවාදීන්ගේ උත්සාහක දිනුම් වර්ෂාවට හසුව බලා සිටීම පමණි.
ත්‍රිත්ව කණ්ඩායම දෙවන අර්ධයේ දී උත්සාහක දිනුම් 5ක් වාර්තා කල අතර ඉන් 3ක් සාර්ථකව ප්‍රවර්තනය කරන්නට ද සමත් විය.
මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 64 – 24 ක් ලෙසින්.

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කල අනුක බෝයගොඩ ThePapare.com තරගයේ වීරයා ලෙස තෝරා ගනු ලැබිණි.
ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්
ත්‍රිත්ව විද්‍යාලය
- උත්සාහක දිනුම්: රිශේන් මාදෙන (2), දිලුෂ්ක දන්ගේ, ලශේන් විජේසූරිය, මොහොමඩ් ඉක්‍රම්, රශේන් බණ්ඩාරනායක, නවීන් රාජරත්නම්, අනුක බෝයගොඩ, ගෞරව බණ්ඩාර, අකිත් සකලසූරිය.
- ප්‍රවර්තන : ලශේන් විජේසූරිය (7)
වෙස්ලි විද්‍යාලය
- උත්සාහක දිනුම්: ඩෙනිස්ටර් ගුණතිලක, අවනත ලී, අවිශ්ක ලී, මුර්ශීඩ් සුබයර්.
- ප්‍රවර්තන : අවිශ්ක ලී (2)
පීතරයන් විදුහල්පති කුසලානය රැක ගනියි
පාසල් රග්බි තරග වාරයට අදාලව පැවැත්වුණු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර වාර්ෂිකව සංවිධාන කෙරෙන විදුහල්පති කුසලාන (Rector’s Trophy) තරගය ලකුණු 27 – 25ක් ලෙස ජය ගනිමින් එම ශූරතාවය තම පාසලේම යලිත් රඳවා ගැනීමට සත්කාරක සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

පීතරයන් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තන සාර්ථක කර ගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය.
පසුව පුලස්ති දිසානායක සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් වාර්තා කල උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කල සැමුවෙල් මධුවන්ත ලකුණු පරතරය 2ක් දක්වා අඩු කරන ලදී.
නමුත් සාන්ත පීතර විද්‍යාලයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක වීමත් තවත් ප්‍රවර්ථිත උත්සාහක දිනුමක් වාර්තා වීමත් සමඟ යලිත් සැලකිය යුතු ලකුණු වාසියක් හිමි කර ගන්නට ඔවුන් කටයුතු කරන ලදි.
සමුඑල් මධුවන්ත ද දඬුවම් පහරක් මගින් මේ ලකුණු පරතරය තරමක් අඩු කලේ පළමු අර්ධය අවසන් වීමට සුළු කාලයක් ඉතිරිව තිබියදී යි.
පළමු අර්ධය අවසානයේ: සාන්ත පීතර 24 – 15 සාන්ත අන්තෝනි

කෙසේ වෙතත් සාන්ත පීතර ක්‍රීඩකයන් එම අර්ධයේ දී සාර්ථක කර ගත් දඬුවම් පහර ඔවුන්ට ඉතා තියුණු ජයක් වෙත පිය නැගීමේ මග පාදා දෙන්නට සමත් විය.
අවසන් ලකුණු තත්ත්වය : සාන්ත පීතර 27 – 25 සාන්ත අන්තෝනි
ThePapare.com තරගයේ වීරයා: ස්ටීවන් සිවරාජ් (ශා. පීතර)
ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්.
සාන්ත පීතර විද්‍යාලය
- උත්සාහක දිනුම්: නිඛිල් යාපා, රවීන් ප්‍රනාන්දු, ස්ටීවන් සිවරාජ්.
- ප්‍රවර්තන: ස්ටීවන් සිවරාජ් (3)
- දඬුවම් පහර: ස්ටීවන් සිවරාජ් (2)
සාන්ත අන්තෝනි විද්‍යාලය
- උත්සාහක දිනුම් : කවිෂ්ක අවරකෝන්, පුලස්ති දිසානායක, ජෙහාන් සීලගම.
- ප්‍රවර්ථන : සමුඑල් මධුවන්ත (2)
- දඬුවම් පහර : සමුඑල් මධුවන්ත (3)
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට





















