වාර්තා බිඳ හෙලීම ඉතා අපහසු කර්තව්‍යයක්. ඒ සඳහා මාස ගණනක පුහුණුවක්, කැපවීමක්, ශක්තියක් මෙන්ම දැඩි අධිෂ්ඨානයක් ද අවශ්‍යයි. වාර්තා පොතේ තමන්ගේ නම ලියැවෙද්දී ප්‍රේක්ෂකාගාරය තමන්ගේ නමට ඔල්වරසන් දෙනු ඇසීම මේ යොවුන් පාසල් ක්‍රීඩකයින්ට ජීවිත කාලයටම මතක හිටින අත්දැකීමක්.
වාර්තා පිහිටුවමින් 45 වන සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ දී බැබළුණු යොවුන් තරු කිහිපයක වාර්තා පිළිබඳ තොරතුරුයි මේ.
මහමායාවන් 20 වැනි වරටත්, සාන්ත ජෝසප් 15 වැනි වරටත් ශූරතාවය දිනා ගනී
45 වැනි වතාවටත් පැවැත්වුණු මයිලෝ සමස්ත ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (11) සාර්ථකව…
වන්දනී ප්‍රනාන්දු (කළුතර බාලිකා විද්‍යාලය) – නව තරග වාර්තා දෙකක්

නිදහස් ආර ඉසව්වෙන් 2010 දී දෙවින්ද්‍යා ජයවර්ධන පිහිටුවා තිබූ තත්පර 35.80ක වාර්තාව තත්පර 34.82කින් බිඳ දැමීමට ද ඇය සමත් වුනා.
එම්. එම් එක්නැලිගොඩ (ආනන්ද විද්‍යාලය) – නව තරග වාර්තා තුනක්

මීටර 200 කේවල මිශ්‍ර (IM) ඉසව්ව ඉතා පහසුවෙන් ජය ගැනීමට යොවුන් එක්නැලිගොඩ සමත් වුනා. වසර 13කට පෙර එම් හුලංගමුව පිහිටුවා තිබූ මිනිත්තු 3:06.98ක වාර්තාව 3:04.27කින් බිඳ හෙලන්නට ඔහුට හැකි වුනා.
ඔහුගේ අවසාන මෙන්ම තෙවන වාර්තාව වාර්තා වුනේ මීටර 100 නිදහස් ආර ඉසව්වෙන් වූ අතර 2010 පිහිටුවා තිබූ මිනිත්තු 1:16.92ක වාර්තාව මිනිත්තු 1:15.23කින් ඔහු බිඳ දැමුවා.
දමිරු වික්‍රමතුංග (ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල) – නව තරග වාර්තා දෙකක්

මීටර 100 ළය ආර ඉසව්ව ඔහු මිනිත්තු 1:26.57කින් නිමා කරමින් තමන් විසින්ම පසුගිය වසරේ දී තබා තිබූ 1:27.30ක වාර්තාව අලුත් කළා.
මීටර 50 ළය ආර ඉසව්ව තත්පර 40.00කින් නිමා කළ දමිරු 2008 දී එම්. ඒ ඉඳුවර තබා තිබූ තත්පර 41.34ක් වාර්තාව බිඳ දැමුවා.
නව තරග වාර්තාවක් පිහිටුවීමට අසමත් වුනත් බාලක වයස අවුරුදු 11න් පහළ මීටර 200 කේවල මිශ්‍ර (Individual Medley) ඉසව්වේ පළමු ස්ථානය (3:00.35) දිනා ගැනීමට ඔහු සමත් වුනා.
නභාෂි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය) – නව තරග වාර්තා තුනක්

මීට වසර දෙකකට පෙර වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයේ දී මේ ඉසව් දෙකෙන් නව වාර්තා පිහිට වූ ඇය මේ වසරේ දී වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ මේ ඉසව්වලින් නව වාර්තා පිහිටුවීමට සමත් වුනා.
මීටර 50 ෆ්ලයි ඉසව්ව තත්පර 30.03කින් නිමා කළ ඇය කිම්කො රහීම් 2012 පිහිටුවා තිබූ තත්පර 31.15ක වාර්තාව බිඳ දැමුවා.
ඇය මීටර 100 ෆ්ලයි ඉසව්ව මිනිත්තු 1:11.32කින් නිමා කරමින් වසර 14ක් පැරණි මිනිත්තු 1:12.37ක වාර්තාවක් බිඳ දැමුවා. සිය අවසන් වාර්තාව ලෙස මීටර 200 කේවල මිශ්‍ර ආර ඉසව්වේ වට හතර මිනිත්තු 2:42.77කින් නිමා කරමින් තවත් වසර 14ක් පැරණි මිනිත්තු 2:45.08ක වාර්තාවක් බිඳ දැමුවා.
ක්‍රිස් පවිත්‍ර (ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ) – නව තරග වාර්තා තුනක්

සිය පළමු වාර්තාව ලෙස ඔහු තත්පර පහක විශාල පරතරයකින් මීටර 100 ළය ආර ඉසව්ව 1:14.28කින් නිමා කරමින් පෙර පැවති 1:19.19ක වාර්තාව බිඳ දැමුවා.
මීටර 50 ළය ආර ඉසව්ව පෙර පැවති කාලයට වඩා තත්පර දෙකක් අඩුවෙන් නිමා කරමින් 36.10ක් ලෙස පැවති පෙර වාර්තාව 34.00කින් බිඳ දමන්නට ඔහුට හැකි වුනා.
සිය අවසන් වාර්තාව ලෙස මීටර 100 නිදහස් ආර ඉසව්වේ සී. ධර්මප්‍රිය 2012 දී පිහිටුවා තිබූ වාර්තාව මිලි තත්පර 80කින් බිඳ හෙලමින් මිනිත්තු 1:00.09ක් නව වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුනා.
ගංගා සෙනෙවිරත්න (විශාකා විද්‍යාලය) – නව තරග වාර්තා දෙකක්

මිනිත්තු 2:36.80ක කාලයක් වාර්තා කරමින් කිමිකො රහීම් 2014 වසරේ දී පිහිටුවා තිබූ 2:37.37ක් වාර්තාවක් සිය පළමු දක්ෂතාවය ලෙස ඇය බිඳ දැමුවා. වයස අවුරුදු 15න් පහළ මීටර 100 නිදහස් ආර ඉසව්වේ කිමිකොගේ 1:03.89ක වාර්තාව තියුණු සටනක් දී මිනිත්තු 1:03.51කින් ගංගා බිඳ දැමීමට සමත් වුනා.
රමුදී සමරකෝන් (විශාකා විද්‍යාලය) – නව තරග වාර්තා තුනක්

වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ නව තරග වාර්තා තුනක් පිහිටුවීමට ඇය සමත් වූ අතර ළය ආර ඉසව්ව සම්පූර්ණයෙන්ම ඇයගේ ග්‍රහණයට නතු වුනා.
මීටර 50 ළය ආර ඉසව්ව තත්පර 36.53කින් නිමා කරමින් මොනාලි වීරක්කොඩි 2017 දී පිහිටුවා තිබූ 36.61ක වාර්තාව ඇය බිඳ දැමුවා.
මීටර 100 හා මීටර 200 ළය ආර ඉසව්වලින් ද රමුදී පහසුවෙන් නව තරග වාර්තා පිහිටුවීමට සමත් වුනා. මීටර 100 ඉසව්ව ඇය මිනිත්තු 1:20.27කින් නිමා කළ අතර මීටර 200 ඉසව්ව ඇය නිමා කළේ මිනිත්තු 2:56.17කින්.
සඳෙව් සේනාරන්ත (ආනන්ද විද්‍යාලය) – එක් නව තරග වාර්තාවක්

අස්කුයා උසුප් (Azquiya Usuph) (බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල-කොළඹ) – නව තරග වාර්තා දෙකක්

වයස අවුරුදු 19න් පහළ මීටර 200 කේවල මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 2:43.83කින් නිමා කළ ඇය වසර දෙකක් පැරණි මිනිත්තු 2:45.87ක වාර්තාවක් බිඳ දැමුවා.
සිය දෙවන තරග වාර්තාව ලෙස මීටර 200 පසුපස ආර ඉසව්ව මිනිත්තු 2:39.99කින් නිමා කරමින් 2013 ඉශානි සේනානායක පිහිටුවා තිබූ වාර්තාව තත්පර හතරකින් සුනුවිසුනු කර දමන්නට ඇය සමත් වුනා. (2:43.95)
කේ. සි. දල්පතාදු (ආනන්ද විද්‍යාලය) – එක් නව තරග වාර්තාවක්

දල්පතාදු මීටර 50 හා 200 ළය ආර ඉසව්වලින් ද රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ නමුත් නව වාර්තා පිහිටුවීමට නම් ඔහුට හැකි වූයේ නැහැ.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















