ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය සඳහා කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් එක් වීමට නියමිත අතර ඔවුන් පළමු වටයේ දී එක් කාණ්ඩයක් යටතේ තරගාවලියට එක් වෙනවා.
එම තරග අවසානයේ සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ ලැයිස්තු ගත වෙන පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නා අතර එම තරග මේ මස 26 වැනිදා කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 28 වැනිදා කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.
මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් ලෙසින් ස්ටෙවෝන් පීරිස් ගේ නායකත්වයෙන් යුත් කොළඹ දකුණ ක්‍රීඩකයන් සතු වූ අතර අනුශූරතාව හිමි වූයේ මහනුවර කණ්ඩායමටයි.
- වනිඳුගේ උත්සාහය අපතේ යයි; පාකිස්තානය තියුණු ජයක් කරා!
- මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් ජය ගනී
- යොවුන් පිටිය ගිනියම් කළ දක්ෂතා
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- කොළඹ රාජකීයයන් හමුවේ පොළොන්නරුව පසු බසී
තරගාවලියේ කාලසටහන
නොවැම්බර් 19 වැනිදා
- කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ, රාජකීය විද්‍යාලයීය පිටියේ දී.
- කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගය කොළඹ, විශ්වවිද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 20 වැනිදා
- ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී.
- දඹුල්ල සහ මහනුවර අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 22 වැනිදා
- කොළඹ දකුණ සහ මහනුවර අතර තරගය කොළඹ, රාජකීය විද්‍යාලයීය පිටියේ දී.
- ගාල්ල සහ දඹුල්ල අතර තරගය කොළඹ, වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 23 වැනිදා
- දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ, රාජකීය විද්‍යාලයීය පිටියේ දී.
- මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ, විශ්වවිද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 25 වැනිදා
- මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ, වෙළඳ සේවා පිටියේ දී.
- කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ, විශ්වවිද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 26 වැනිදා
- පළමු අවසන් පූර්ව තරගය කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී
- 2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.
නොවැම්බර් 28 වැනිදා
- අවසන් මහා තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















